රට යන අත ගැන ජනතාව කලකිරිලා වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්රතිපල අනුව රටේ කටයුතු ක්රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ. 19 February 2023
පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2023
බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා සිමාසහිත ත්රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණද පරිපාලන වියදම් සදහා රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 17 February 2023
66යි කිවුවත් 251 කින් වැඩි කරලා විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ. 16 February 2023
ගෝඨා චීනයට යයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය. 16 February 2023
හොරාට වෙඩි තැබූ ඕ.අයි.සී ඇතුළු 4ක් ගස් වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය. 15 February 2023
මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්යම රාත්රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 15 February 2023
තැපැල් ඡන්දය කල් යයි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. 14 February 2023
මහේස්ත්රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි කුලියාපිටිය මහෙස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 14 February 2023
මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක් කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා එය නැවත බාරදීමට අතිරේක දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 13 February 2023
පියවර තුනකින් කඩිනම් සහන දෙන්න රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්ය මණ්ඩලය අද (13) තීරණය කළේය. 13 February 2023
අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්රහාරයක් මඩකළපුව ශ්රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 13 February 2023
බැල්කනියේ සිරකර මහේස්ත්රාත්ගේ වාහනය පැහැර ගනී නිවෙසක් මිලට ගැනීමට එන බව හඟවා මහේස්ත්රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 12 February 2023
’’මට ගහපු එකෙක් බේරෙන්නේ නැහැ’’ නිවෙස ගිනි තබා දේපළ කොල්ලකෑමෙන් තමාට ඇතිවූ දුක ඒක කරපු අයටත් කවදාහෝ ආපස්සට කැරකෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී නිමල් ලන්සා මහතා පැවසීය. 11 February 2023
‘මැ:කෝට නියෝගයක් අවශ්ය නෑ‘ පළාත් පාලන මැතිවරණය නීති ප්රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්යතාවක් නොමැති බව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය. 10 February 2023
කරන්නාගොඩ ඝාතන සැලැස්මක් හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 09 February 2023
බැංකු පොතෙන් සල්ලි ගනිද්දි 50 ක බද්දක් ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි. 09 February 2023
රජ ගෙදර කෝටි දෙක ගෝඨා ඉල්ලයි අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්රතික්ෂේප කලේය. 08 February 2023
මුදල් වැය කිරීම අවශ්යම දේට පමණයි රාජ්ය සේවා පවත්වාගෙන යාමට අත්යවශ්ය රජයේ වියදම් සඳහා පමණක් ප්රතිපාදන ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. 08 February 2023
සොරකම් කළ වත්කම් අය කරගන්න පනතක් සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
නිදහසට වැය කළ ගණන් හිලවු එළියට 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි. 07 February 2023
රාජිතගේ නඩුවක ෆයිල් අතුරුදහන් මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය. 06 February 2023
දරු දෙදෙනා මරා පියාත් දිවි නහගනියි අරනායක පොල්අඹේගොඩ ප්රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි. 06 February 2023
තලංගම ව්යාපාරික ඝාතනයේ අඹුසැමි යුවළ මාට්ටු තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය 05 February 2023
ගෑස් යළි නගී ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (5) පෙරවරුවේ පැවසීය. 05 February 2023
අර්බුදයේ තුවාලය සැත්කමකින් හෝ සුව කරනවා ලාංකික අර්බුදයේ තුවාලය සැත්කමක් කර හෝ සුව කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය. 04 February 2023
මොහාන් - වික්රමසිංහ ඉල්ලා අස්වේ ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ. 03 February 2023
නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය. 03 February 2023
මා මරන්න හැදුවා අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (02) පැවැසීය. 02 February 2023
ජනපතිගේ අලුත් තීන්දුව මැතිවරණයට බාධාවක්? ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. 01 February 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026