(අංජුල මහික වීරරත්න)
ලාංකික අර්බුදයේ තුවාලය සැත්කමක් කර හෝ සුව කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය.
සැත්කමේ වේදනාව කෙටි කලකට වින්දොත් තුවාලය නිට්ටාවටම සනීප කර ගත හැකි බව ද ජනාධිපතිවරයා කීය. 75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා මෙසේ ද පැවසීය.
මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි.
මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි” කියලා. වෙනත් කිසිඳු පෙරදිග රටක් පිළිබඳව ඔවුන් එවැනි අපේක්ෂාවක් ඇතිකර ගත්තේ නැහැ. එහෙත් වර්තමානයේ අපට සිදු වී ඇත්තේ කුමක්ද?
අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ. අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද? අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ. අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා.
එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ. නිදහස ලබාගැනීමේ දී ඩී.එස්. අනුගමනය කළ පිළිවෙත වුණේ ලංකාවාසී සියලුදෙනා එක්සත් කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කවරෙක් වුවත් ලාංකිකයන් ලෙස ඉදිරියට කටයුතු කළ යුතු බව ඔහු එදා කිව්වා. නමුත් නිදහසින් පස්සේ අපි බෙදුණා. ජාති, ආගම්, පළාත් වශයෙන් බෙදුණා. එකිනෙකා කෙරෙහි සැකය, වෛරය ඇතිවන තෙක්ම බෙදුණා. විවිධ කණ්ඩායම්, බලය ලබා ගැනීමට මේ බෙදීම පාවිච්චි කළා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා. දේශපාලනයේ දී ඇත්ත වෙනුවට බොරු කිව්වා. ඇත්ත කියූ දේශපාලනඥයන් ජනතාව ප්‍රතික්ෂේප කළා.
රටේ සැබෑ තත්ත්වය පෙන්වා දෙමින් ඊට පිළියම් හොයන අයට තැනක් ලැබුණේ නැති තරම්. බොරුවෙන් හිත සතුටු කරන අයට වැඩි පිළිගැනීමක් ලැබුණා. අප පොරොන්දු දේශපාලනයක හිර වුණා. අපට අයිති නැති, ණයට ගත්තු සම්පත් මත යැපුණා.
වැඩි වැඩියෙන් ණය ගත්තා “ආණ්ඩුව කියන්නේ සම්පත් උල්පතක්” කියන ආකල්පය අපි ඇතිකර ගත්තා. පාලකයන්ගේ යුතුකම ඒ උල්පතින් ලැබෙන විවිධ සම්පත් ජනතාවට බෙදාදීම කියලා බොහෝ දෙනෙක් හිතුවා. ඒ අනුව රැකියා බෙදා දුන්නා. සම්පත් බෙදා දුන්නා. උපකරණ බෙදා දුන්නා. මුදලුත් බෙදා දුන්නා. අපි වැඩි හරියක් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නෙවේ. අපි වෙනුවෙන් රස්සාවක් ගන්න, දරුවෙක් ඉස්කෝලෙට දාගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න අපි ඡන්දය දුන්නා. අපි ඡන්ද අපේක්ෂකයන්ට වැඩ කළේ පුද්ගලික වාසි බලාගෙන. අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවෙත් රට වෙනුවෙන් නෙවෙයි. අපි වෙනුවෙන්. බලය ලබා ගන්න. වරප්‍රසාද භුක්ති විඳින්න. වැඩිපුර ටිකක් හම්බ කරගන්න. අපි පොරොන්දුවලට කොටු වුණා. සටන් පාඨවලට හිර වුණා.
මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්න පටන් ගත්තා. අපි දේශපාලන පොරොන්දු ඉටු කිරීම සඳහාත් සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගත්තා. අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නෙවේ. නමුත් බුදුන් වදාළේ “ණය ගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නෙවෙයි” කියලයි.
අපි බෞද්ධකම ගැන කතා කරන ගමන්, බුදුන් වදාළ ධර්මයට පිටින් ගියා. සිංගප්පුරුව ගොඩගන්න හැටි ඉගෙන ගන්න ලංකාවට ආපු ලී ක්වාන් යූ අවුරුදු ගණනකට පසුව මෙන්න මෙහෙම කියනවා. “ඔබේ රටට මේ තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ලෙස දේශපාලනයට මුල් තැන දීම නිසයි. ඔබේ රට ආදර්ශයට ගත්තා නම් අද සිංගප්පූරුවත් විනාශයි” ඇත්තටම අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු. ඒක අමාරුයි.
වේදනාකාරියි. දුෂ්කරයි. නමුත් ඒ දුක, වේදනාව කෙටි කාලයකට වින්දොත් අපට තුවාලය නිට්ටාවටම සනීප කර ගන්න පුළුවන්. සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපට ගොඩඑන්න බැහැ. මේ අර්බුදය ජය ගෙන සැබෑ ආර්ථික හා සමාජයීය නිදහසක් ලබා ගන්න නම් අපට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරා වළෙන් ගොඩඑන්න අපට තියෙන්නේ එකම එක ඉණිමගයි. මතක තියා ගන්න, දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉණිමග ඇදලා පැත්තකට දැම්මොත් අපට රටක් නැ. අපට හෙටක් නැ. අප අද පත්ව තිබෙන ආර්ථික අර්බුදයේ බරපතලකම සහ අනතුර ගැන මම මීට කලින් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා.
මේ අවුරුද්දේ මුල් මාස හයක පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල් ඇතිවම කිව්වා. මේ දුෂ්කර තත්ත්වයට අකැමත්තෙන් වුණත් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රට වෙනුවෙන් ඒ දුෂ්කර තත්ත්වය විඳ ගන්න අපට සිද්ධ වෙනවා. දේශපාලන සීනිබෝල කතාවලින් මේ තත්ත්වයට විසඳුමක් ලැබෙන්නේ නෑ. නිදහස් අධ්‍යාපනය නිසා මේ රටේ විශාල පිරිසක් දුගී බවෙන් මිදී මධ්‍යම පන්තිය වෙත පිවිසියත්, අද මේ රට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි බිමක් බවට පත් වී තිබෙනවා.
වැඩබිම්වල උරෙන්උර ගැටිය යුතු තරුණ පරපුර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිම්වල තෙරපෙන අයුරු මා දකිනවා. අප එය වෙනස් කළ යුතුයි. එසේ නම් අපි මේ ආර්ථිකය නවීකරණයකට ලක් කරමින් ලෝකයට විවෘත කළ යුතුයි. ජනතාව රැවටීමට ලක්කරමින් ඔවුන්ව සදාතනික දුප්පතුන්, යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන කල්ලිවාදයත් පරාජයට පත්කළ යුතුයි. එය මේ රටේ තරුණ පරපුර බොහෝ කලක සිට බලාපොරොත්තු වූ "සිස්ටම් චේන්ජ්" නොහොත් ක්‍රම වෙනස යි. ඒ සඳහා මගේ රජය නව ප්‍රතිසංස්කරණවාදී මාවතකට ප්‍රවේශ වී තිබෙනවා.
ඒ වෙනුවෙන් ගනු ලබන තීන්දු, යම් වේදනාකාරී ස්වරූපයක් ගනු ලැබූව ද මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපට ඒ පියවර අනුගමනය කිරීමට සිදු වෙනවා. මේ අර්බුදය ජය ගන්න නම්, අපි පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අපි එක මවකගේ දරුවන් සේ එකමුතුව මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන් දායක විය යුතුයි. සියලු භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා ඉදිරියට යා යුතුයි. ඒ ඔස්සේ ශක්තිමත් නව ආර්ථිකයක් නිර්මාණය කර ගත යුතුයි. ඒ සඳහා මූලික පියවර හා පදනම දැන් සකස් කර අවසන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අප සාර්ථකව අවසන් කර ගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් විතරක් අපට සෑහීමකට පත්වෙන්න බෑ. අපි සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතුයි. මේ දේශපාලන ක්‍රමය, පාර්ලිමේන්තුව, විධායකය, රාජ්‍ය යාන්ත්‍රණය ආදී සියලු ක්ෂේත්‍ර යුගයට ගැළපෙන විදියට වෙනස් කළ යුතුයි. මේ වෙනස්වීම රටටත්, අපටත් දැනෙන යහපත් එකක් විය යුතුයි. අලුත් ක්‍රමවේදය තුළ තරුණයන්ගේ සහ කාන්තාවන්ගේ අදහස් මෙන්ම නියෝජනය සඳහාත් වැඩි ඉඩ කඩක් ලබා දිය යුතුයි. මේ ක්‍රම වෙනස සඳහා අවශ්‍ය අණ පණත් ගණනාවක් අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි. මේ වන විටත් අප ඒ සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කර තියෙනවා. එහිදී ගන්නා තීරණ සහ ක්‍රියාත්මක කරන දින වකවාණු සියලු දේශපාලන පක්ෂ වෙත ලබා දෙනවා.
ඔවුන්ගේ අදහස් අනුව ඒ කාර්යයන් ඉදිරියට ගෙන යනවා. ඉඩම් යළි මුදා හැරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු සඳහා අප ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. ඒ වගේම ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් උදෙසා පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක මේ රට බෙදන්නට අප ඉඩ දෙන්නේ නෑ. මා උත්සාහ ගන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්න නෙවෙයි. රෝග නිධානයට පිළියම් කිරීමටයි. එය අසීරුයි. දුෂ්කරයි. නමුත් අප යා යුතු එකම මාර්ගය එයයි. ජනාධිපතිධූරයට පත්වූ දා පටන් මට ගන්නට සිදු වුණ තීන්දු බොහෝමයක් ජනප්‍රිය තීන්දු නොවූ බව මම දන්නවා. නමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිම පුරවැසියෙකු තෙල් පෝලිම්වල විජලනයෙන් මිය යන්නේ නැහැ.
ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ. පොහොර නොමැතිව ශාප කරන්නේ නැහැ. එම නිසා අරාජිකවාදී දේශපාලන බලවේගයන් කවර බාධක නිර්මාණය කළත් මම මේ රටට ආදරය කරන බහුතර ජනතාව සමඟ එක්ව, මේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා. සාමය සංහිඳියාව පෙරදැරි කරගෙන එකමුතුව, සැලසුම් සහගතව ඉදිරියට ගියොත් අපට 2048 වෙද්දි සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වෙන්න පුළුවන්. ලෝකයේ වෙනත් කිසිඳු රටකට අතපාන්නේ නැති, දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන්. සැබෑ නිදහස උදාකරගන්න පුළුවන්. අපේ දරු දැරියන්ට ලෝකයත් සමඟ තරග කළ හැකි අලුත් රටක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමක්. ඒ නිසා මේ දුෂ්කර අවධිය ජය ගැනීමට එකට එක්වන ලෙස මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි එකමුතු වෙමු ! අත්වැල් බැඳ ගනිමු ! එසේ අත්වැල් බැඳගෙන ඉදිරි වසර 25 සඳහා අප සකස්කරගෙන ඇති සැලසුම් අනුව, එක්සත් ගමනක් යමු. සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ඒ සැලසුම් වඩාත් පෝෂණය කර ගනිමු. වඩාත් ශක්තිමත් කර ගනිමු. ඒවා වඩාත් ක්‍රමවත් සහ විධිමත් කර ගනිමු.
මේ වෑයමට එක් විය යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන අප සැම පමණක් නොවෙයි. ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද මේ ගමනට උර දිය යුතුයි. එක් විය යුතුයි. සියලුදෙනාම හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ ඉලක්ක ජය ගැනීමට සහාය විය යුතුයි. ඉතින් අපි සියලුදෙනා එකට එක්ව වෙහෙසෙමු. එකාවන්ව කැපවෙමු. එක මවකගේ දරු කැලක් මෙන් එකතුවෙමු. අපේ රටට නිදහසින් අවුරුදු 100ක් පිරෙන 2048 වර්ෂයේ දී අපේ රට ලෝකයේ ඉහළින්ම ඇති රාජ්‍යයක් බවට පත් කර ගනිමු ඔබ සැමට ස්තූතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩා මැරෙයි වගේ.
ලෙඩා මැරෙයි වගේ...
මේ තුවාලේ හදාගත්තෙත්, උඩුදුවන කන් බලාගෙන හොරකම් කෙරුවෙත් ඔහේම නේද? දැන් කළයුතු එකම දේනම් ඔහේව දේශපාලනයෙන් කපලා දාන එක විතරයි...!
අර්බුදයේ තුවාලය ඔපරේෂන් කරන්ට කලින් හැමදේටම විරුද්ධවෙන කඩාකප්ලකාරී කුමන්ත්‍රණකාරී අරගලකාරයින්ට පිස්සු බලු එන්නත දෙන්න ඕනි.
මොහු 70 ගනන් වල ඉදන් ඔය වගේ සැත්කම් කරල තමයි රට අද තියෙන තත්වෙට ගෙනාවේ. ලැජ්ජ නැතිකම ජනාධිපතිකමටත් උඩයි කියලනම් හැගෙනවා.
වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රෝහල් තුල බෙහෙත්වරග නොමැති බව කියවේ. එමනිසා රෝගීන් හට pharmacy වෙත ගොස් අදික මිලකට අවුෂද මිලදී ගැනීමට සිදුව තිබේ. එමනිසා මේ අවස්ථවේදී මේ පිලිබදව අදයයනය කර ගැබුරු විසලේෂණයකින් පසු රජය නොමිලයේ රෝහලේදී බෙහෙත් නිකුත් කරනවා වෙනුවට ( විශ්‍රාම සහ නේවාසික රෝගීන් සදහා නොවේ ) රජයේ රෝහලින් වෛද්‍යවරයා හමුවෙන් පසු රෝහලින් බෙහෙත් ගැනීමේදී රජය බෙහෙත්වරග සදහා වයකරනාවූ / වැයවන මුදලටම රෝගීන් වෙත බෙහෙත් ලබාදීමට කට යුතු කිරීමේ ක්‍රමවේදයක් පිලිබදව මතයක් ඇති උවහොත් මේ අවස්ථවේ සැලසුම් කළහොත් එය සාර්ථක කර ගත හැකි වනු ඇත.
තොපි අපේ රටට කරපු දේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ගේ ගීතයක මේ විදිහට තිබුනා. මැගේ නම ලංකාය - ඉන්දියන් සාගරේ වසන්නී මුසාවෙන් මුලාවී සිටින්නී - විමුක්තිය නාමයෙන් හඬන්නී මැගේ නම ලංකාය උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ මල්වරව නාඹරව බබලමින් සිටියාය මෑ සල්ලාල පාශයෙන් බොහෝවර මිදුනාය මෑ සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය මෑ කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ සලෙළුනට රැවටෙමින් සිය රුහිරු පිදුවාය මෑ ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ අසරණව අද මෙසේ මහ මගට වැටුණාය මෑ මැගේ නම ලංකාය......... ! ගායනය: නන්දා මාලනී ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව සහ සංගිතය: සරත් දසනායක
සැත්කම කරන්න ඕනේ, ලංකාවේ පක්ෂ දේශපාලනේට. මනාප දේශපාලනේට. මනාප හෙවත් පුද්ගල දේශපාලනේ ලංකාවෙන් මරලාම දන්නා ඕන. බඩවල් වගේ, දේශපාලන පවුල් බිහිවෙන එක නවත්වන්න ඕන. දැනට අවු 15 විතර කලින් කළුතර දේශපාලුවෙක් කිව්වා මම චන්දෙට ලක්ෂ 1000 වියදම් කරනවා කියල. එතකොට ඒ ආයෝජනයෙන් ලක්ෂ 15,000 - 20,000 හොයන්න ඕන. මේ කළුකඩ දේශපාලනේ තමයි ලංකාවට විනාසේ ගෙනාවේ. ඔලුවට කරන්න ඕන සැත්කම පස්ස පැත්තට කරලා වැඩක් නෑ. ලී ක්වාන් යු කිව්වේ ඒක.
මහා සාගතයක් එනවා කියලා වැඩ පටන් ගත්තා. පිටරටින් හාල් ගෙනාවා. දැන් ගොවියන් ට හාල් විකුණා ගන්න බෑ. පණ්ඩිතකම විතරයි.
නිදහසින් පස්සෙ අපි බෙදුනා නෙවෙයි, ඔහෙල බෙදුවා. පළාත් බෙදීමත් ඔහෙලගෙ හිටපු ලොක්කෙක් පාර්ල්මේන්තුවෙ බෙල්ල මිරිකල බලෙන් දැම්ම. මිනිස්සුන්ගෙ බඩ පෙන්න පෙන්න, බඩට ඇඟිල්ලෙන් ඇන ඇන තමයි මේ ගෙවුනු 75 ඔහේල ඇදගෙන ගියේ. තමුන්නැහේ ඔය කියන අවලාද අපිට වලංගු නෑ. ඕව අපිට කියල වැඩක් නෑ. තමුන්නැහෙගෙ දේශපානටයට දැන් අවුරුදු 46ක් නේද? 75න් බාගෙකටත් වැඩියි. ඔහේල ඔක්කොම ගජරාමෙට කෙළවපු කෙලවිල්ලේ හොඳම හරියට තමයි දැං ලන්වෙන්නේ. අවුරුදු 75ක්ම කට්ට කාපු එවුන්මද ඉතුරු වේදනාවත් විඳවන්ඩ ඕනෙ. ඒකද කියන්නෙ. ගොඩ දාන්ඩ නම් මේක එකපාර අපිවත් එක්ක විකුණල, ඔහේල වෙන දිබ්බාගෙක ගියානං තමයි හොඳ. නැත්නම් මිනිස්සු ඔහේලව අමුවෙං කයි. තියෙන දේවල් කියාගන්ඩ බෑ.. වෙව්ලනව.. අනේ දෙයියනේ මුන් මකබෑවෙන්නෙ කවද්ද.. ශික්..
රටක නිදහස් දිනයක් සමරමින් ...නමුත් කරපු පව් මතක්වෙලා...ඒ පව් කරත්තරෝදය ගොනු පසුපස එනවාමෙන් තමන්ව ලුහුබඳිනබව මතක්වෙලා... පන බයේ වේදිකාවේ නොසිට කොහේදෝ මුල්ලක ඉඳන් " අමු හෙළුවෙන් " ජාතිය ඇමතු ලෝකයේ එකම ජනාධිපති ( රටේ බුද්ධිමත් කවුරුත් ඔහු රටේ ජනතාවගේ චන්දයෙන් පත්වුන රාජ්‍යනායකයා බව පිළිගන්නේ නැහැ - හොරුන් 134 කගේ චන්දයෙන් පත්වුන ඔහු පින් ජනයෙක් පමණයි ) ලෙස ගිනස් වාර්තාවක් තැබූ බවයි. මෙහිදී තව විශේෂ දෙයක් සඳහන් කලයුතුමයි....අපි අහලා තිබෙන්නේ ,අපිට උගන්වලා තිබෙන්නේ ..04.02.1948 දී ඉංග්‍රීසින්ගෙන් අපිට නිදහස ලැබුනා කියලා.නමුත් ඇත්තනම් " ඉංග්‍රීසින් අපෙන් නිදසස්වුන බවයි. "
ගොඩගන්න වෙන්නේ හීන තමයි. උඹලා ගැන ජනතාවට කිසි විශ්වාසයක් නැහැ. ආයෙත් උඹේ බයිලා මිනිස්සු අහන්නේ නැහැ. තාමත් අදහසක් නැහැ ගොඩගන්නෙ කොහොමද කියලා. කටින් විතරයි. දවසට කෝටි 1400 ගානේ ණය වෙවීද ගොඩ ගන්නේ.
පල් හොරුන් තමයි.
හොර දෙටුවා දැන් අපට බණ කියනවා.
තුවාල හැදුනා සැත්කම් කොරනවා කිය කියා බොරුකොරනවා. රනිලාතමයි ඕකට වගකියන්න ඕනි පළවෙනි එකා. මේ කියන විදියට නිදහස ලැබුණෙ නැත. ඉන්දියාවෙන නම් ගාන්ධි නේරු නෙතාජි වගේ අය එක්ක ලක්ෂ ගණනට එරටේ හිටිය මුස්ලිම් ජනතාවත් ඒකාලේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා කැපකරපු අය. ඔච්චර ලොකු ඉන්දියාවට නිදහස දෙන කොට අබ ඇටයක් තරමේ ඇති මිලියන ගාණක් අමු මෝඩයෝ හිටපු නිසා උන් ඉන්දියාව හැරලා යනකොට ලංකාවටත් තෑග්ගක් වගේ නිදහස දීලා ගියා මිසක් කිසිම අයෙක් ඒ වෙනුවෙන් සටන් කළේ නැත. මේකයි යථාර්ථය කියලා දැන් ඉන්න පරම්පරාවට කියාගන්න කැමති වෙමි. කිසිම රහක් නැති කරන්ට නැති නිදහස් දිනය.
සැත්කම් කරන්න දොස්තරට හිතන පළියට බැහැ. ලෙඩාගේ කැමැත්තත් ඕනනේ. අනික පත්තරේ පිට ගනන් දැන්වීම් දැම්ම පළියට ගෙඩි වෙදෙකුට කියලා මොලේ සැත්කම් කරව ගන්න ලෙඩා කැමති වෙයිද?
අපා සුවය ලැබේවා.
මේ රූපය දිකන විටත් හිරිකිතයි. තුවාලෙ නම් තවත් ඔඩු දුවනවා.
You yourself is a crisis !
මේ නාකි මහල්ලො බෙදිම් පෙන්නලා සදාකාලිකවම බලයෙ ඉන්න බලන්නෙ. ඒව හදේ ලොක්කො. රටම බලාපොරොත්තු වෙන්නෙ මහල්ලො ටික මෙ ලොවෙන් තුරන් වෙන දවස. ඊට පස්සෙ අපි සිංහල දෙමළ මුස්ලිම් කියල බෙදන්න කවුරුත් නැ....
2048 වෙනකල් ඉන්ඩ ඕන නැහැ රට ගොඩගන්න.හෙටම හරි ඉල්ලා අස්වෙන්ඩකො.අවුරුදු දෙක තුනකින් අපි රට හදාගන්නම්.2048 වෙනකල් අපි ඉඳියිද,කියන කෙනා ඉඳියිද
Asses the natural resources and human resources in Sri Lanka. Formulate proposals based on our resources and implement them in a systematic manner. Introduce necessary reforms to present education system to m produce skilled people to cater to the requirement of the country . Of . course we may produce some people to cater to the global job market. Moreover introduce a good system with transparency. Elect only the right visionary people to the parliament. since good governance is the major tool to save the country from the present crisis.
වෙඩි තියන්න ඕනි. පරම්පරා ගාණක් අනාථ කරාට.
JVP/NPP කියන්නෙත් ඔය කතාවම නේද? 13 බලාත්මක කරලා, නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීම. ලාබ ප්‍රයෝජන තකා චන්දය දැමීම නැවැත්වීම. ඔබතුමා අනුරත් එක්ක සහයෝගයෙන් ඒටික කරන්න. ජය!
එදා නැති නුවනක් අද කොහෙද ? වයසට යනවිට මොලේ තවත් හැකිලී ඇති බවයි පෙනෙන්නට ඇත්තේ තවත් උද්දච්ච කතා නොකියා සමුගන්න.
බබා පාට් දැම්මා හොඳටම ඇති.
ඔය කතා එකක්වත් අපිට අදාළ නැහැ මොකද ජනතාව ඔබව රටේ නායකයා හැටියට පිළිඅරන් නැහැ. ක්‍රි පුර් ව 135 පසුව රට එක්සේසත් උනේ 2009. ඒ එක් සේසත් කලේ සිංහල ජීවිත දසදහස් ගණනක් පුජා කරලා. එසේ බේරාගත්ත හාල්පාරුවන්ට බන්දෙසියක තියලා දෙමලාට පුජා කරන්න ඉඩදෙන්න බැහැ. ISGA ගිවිසුම හැදුවේ සිංහල රට පරබාකරන්ට රිදී බන්දෙසියක තියලා පුජා කරන්න. සිංහලයාගේ වසනාවකට මේ ගොයියාට දේශපාලන පා පහරක් ලැබුනා.
මේ මෝඩ හොර තක්කඩි බලලෝභී රනිල තාම මිනිස්සු නොමග යවන්න හදනව. පළමුව ප්‍රශ්නය හදුනාගත යුතයි, ප්‍රශ්නය තේරුම් ගැනීමකින් තොරව කොහොමද විසදුමක් සොයන්නේ. දෙවනුව මෙයට වගකිව යුත්තන් නිතිය හමුවටේ ගෙනවිත් දඩුවම් කල යුතුයි. වංචා කරපු දේසපළුවන් හදුනාගැනීමෙන් තොරව කොහොමද ඉදිරියට යන්නේ. එම වන්චනිකයන්ටම කියයල රට හදන්නද මේ නුගතා කියන්නේ. වංචනිකයන්ට දඩුවම් නොකලොත්, අයි නැවත වරක් ඔවන් වංචා නොකරයි කියල හිටන්නේ. මේ රනිල වගේ නුගත් තක්කඩි මේ තත්වයට සම්පුර්ණ වගකියන්න ඕන.
තුවාලෙ එන්න එන්නම පැසවන බවක් පෙනෙන්නේ. මීළඟ මැතිවරණ වලදී රට ගොඩ නගන්න පුවන් කණ්ඩායමක් රට බාරගෙන රට දියුණු කරයි. මෙතෙක් කල් කයිවාරු අහලම එපාවෙලා තියෙන්නෙ.
ජනාධිපතිගේ කතාව සම්පූර්ණ ඇත්ත. රජය යනු ජනතාවට සියල්ල නොමිලේ ලබා දෙන ආයතනයක් බවයි බොහෝ දෙනා සිතන්නේ... අප පුරුදු වී සිටින්නේ අපේ වැරැදි නොදැක ඒවා පාලකයින් පිට පැටැවීමටයි. ඉහත කමෙන්ට් කියවන විට වුවත් ඒ බව තේරේ. වාමාංශික පක්ෂ විසින් අපට කා වද්දන ලද අදහසක් එය. ජවිපෙ සහ පෙරෙට්ටන් වගේම සජිත් උස්සා ගෙන යන්නෙත් "දියව් දියව්"බෝඩ් එක මිසක් "අපි වැඩ කරමු" කියන බෝඩ් එක නෙවෙයි.
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් පිනා ඔහොම කතාවක් කිව්වා මතකයි. එයා දන්නේ එයා කරපු තක්කඩි වැඩ... වෙන අය කළා වගේ අපිට බණ කියන එක විතරයි...
මම නම් කියන්නේ මේ යෝධයින් මේ දෙසාබාන පට්ටපල් බේගල් ඔය ජනතාවගේ බදු මුදලින් ලක්ෂ ගණන් පඩි ගෙවාගෙන පත් කරගෙන ඉන්න උපදේශකයින් කියන කපටින් විසින් ලියා දෙන පුහු හැලි විතරයි කියලයි.
මේ කාලකණ්ණි රනිල් රාජපක්ෂලා තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
ඔබලා අවුරුදු 75ක් තිස්සේ මේ ලෙඩාව ලෙඩ ඇඳේ තියාගෙන සැත්කම් කළා. ඔබලා ඔප්පු කරලා තියෙනවා ඔබලාට සැත්කම්වලට සුදුසුකම් හෝ දක්ෂකම් නැති බව. ඒකයි ලෙඩාගේ කරුමේ...!
මෙයා හරියට කතා කරන්නේ අද දේශපාලනයට ආව වගේනේ. අවුරුදු 40 ක් විතර දේශපාලනයේ ක්‍රියාකාරීව ඉන්න මිනිහෙක්. මේ විනාසෙ කොටස් කාරයෙක් දැන් මේ අපිට බණ කිය්නනේ. මහින්දත් කළේ ඕකම තමයි. වැරිදි වැඩ ඔක්කොම කරනවා. සුදනෝ වගේ කතා කරනවා. දැන් මේ සර්වබලධාරී ජනාධිපතිකාරයා බිලියන ගණන් හොරකම් කරපු එක හොරෙක් ඇල්ලුව? කොළඹ කනත්තෙ මිනී මරණව. ඇල්ලුවද? ඉස්කෝලෙ ළමයි අයිස් ගහන තත්ත්වෙට රට වැටිලා, එක මත් ජාවාරම්කාරයෙක් හිරේ ඉන්නවද? ඒත් උද්ඝෝෂණ නම් නවත්වන්න පුදුම උනන්දුවක් තියෙනවා. රටේ ආර්ථික සමාජික ප්‍රශ්න උත්රා. ඒත් මෙයාට ලොකු වෙලා තියෙන්නේ 13 වැනි සංශෝධනය. මේකෙන්ම පේනවා නේද මේ මනුස්සයා කිසිම දැක්මක් නැති අපතයෙක් කියලා. මෙයාට ඇති ලෝකෙ පිළිගැනීමක් නෑ. රටේ පිළිගැනීමකුත් නෑ. අඩුගානේ පක්ෂවත් තියාගන්න බැරි වුණ මිනිහෙක් කොහොමද රටක් හදන්නේ. මේ මුලාවෙන් මිදෙමු. රට බේර ගමු.
ජය වේවා ගරු ජනාධිපතිතුමනි.අද මුළු රටම ඔබතුමාගේ වැඩපිළිවෙළ අනුමත කරනවා ,තව අවුරුදු පහකදි අපේ රටේ මුළු ආසියාවේම දියුණුම රට බවට ඔබතුමා පත් කරන බව විශ්වාසයි.