IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බැල්කනියේ සිරකර මහේස්ත්‍රාත්ගේ වාහනය පැහැර ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිවෙසක් මිලට ගැනීමට එන බව හඟවා  මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී  මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පිළියන්දල මඩපාත පින්නවල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාට අයත් නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසේදී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි

දෙමහල් නිවස විකුණන බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව ගැනුම්කරුවකු සේ පැමිණි පුද්ගලයකු මෙම කොල්ලය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම දැන්වීමේ පළකර තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තිබු කොල්ලකරු නිවස බැලීම සඳහා පැමිණෙන බවට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නිවස පෙන්වීම සඳහා මෝටර් රථයෙන් තනිව පැමිණ තිබූ බව පොලිසිය කියයි.

මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා මහේස්ත්‍රාත්වරයා දෙමහල් නිවසේ පහත මාලයේ ප්‍රධාන දොර විවෘත කර නිවසේ සෑම කොටසක්ම ඔහුට පෙන්වා ඇති අතර ඒ අතරතුර දී මහේස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි පැන්ටිය මත තබා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පසුව එම පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා සමඟ උඩුමහලට ගොස් එයද නරඹා මහේස්ත්‍රාත්වරයා උඩුමහලේ බැල්කනිය පෙන්වීම සඳහා එහි දොර විවෘත කර බැල්කනියට පිවිසීමත් සමගම කොල්ලකරු එම දොර වසා පහත මාලයට දිව ගොස් මුළුතැන් ගෙයි පැන්ටිය මත තිබූ මෝටර් රථයේ යතුර ගෙන එය පණ ගන්වාගෙන ඊයක වේගයෙන් පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා බැල්කනියෙන් පිටතට පැන පහත මහලට ප්‍රවිෂ්ට වී සිදුවූ සිද්ධිය ඥාතීන්ට දැනුම් දී අනතුරුව පොලිසිය වෙත සිද්ධිය දුරකතනයෙන් දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය

එම සිද්ධිය සමගම පිලියන්දල පොලිසිය ,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස වෙත පැමිණ විමර්ශන ආරම්භ කළහ.



අදහස් (5)

බැල්කනියේ සිරකර මහේස්ත්‍රාත්ගේ වාහනය පැහැර ගනී

ඉනායතුල්ලා Sunday, 12 February 2023 11:55 PM

ගරු මහේස්ත්‍රාත් කෙනෙකුටද ආරක්ෂාව නෙති තරම් රටේ නීතිය වලපල්ලට ගියේක ඉතාමත් බයානක තත්වයක් රජය ඉතාමත් වේගෙන් හා විමස්ලීමත්ව කටයුතු කර රටේ ආරක්ෂවා තහවුරු කිරීමට කඩිනමින් කටවුතු කල යුතුයි.

:       3       6

vijayanthi moratuwa Monday, 13 February 2023 05:10 AM

ඇයි යතුර පෑන්ටිය උඩින් තිබ්බේ?

:       2       13

මහේෂ් Monday, 13 February 2023 08:39 AM

යකෝ පුදුම හොරුනේ මුන්. මහේස්ත්‍රාත් ගේ වාහනෙත් කොල්ල කාලා. මේකා අල්ලගත්තොත් ඇප ගන්නවා බොරු.

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 February 2023 09:57 AM

මහේස්ත්‍රාත් තුමාට තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න තිබුණා.එතුමාගේ නිහතමානී කම අගය කරනවා. ඒත්, ජීවිත අවධානම ගැන මීට වඩා සිතීම වැදගත්.

:       1       11

fairoos Monday, 13 February 2023 02:06 PM

ළංකාවෙ දැං තත්වෙ ඉතාම බයානකයි හැමදාම මංකොල්ල සහ මිනිමරුම්..මෙතුා 99 බෙරිල තියෙන්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site