පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත. 30 September 2022
කෝටි 532 බදු වංචා කළැයි ඇලෝසියස්ට සිතාසි රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර ඇත. 29 September 2022
ජනපති පිලිපීන ජනපති හමු වෙයි ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 September 2022
තඹුත්තේගම කොල්ලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුවූ කෝටි දෙකක මුදල් මංකොල්ලයට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 September 2022
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 27 September 2022
ජනපති විදෙස් සාකච්ඡා අරඹයි ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි. 27 September 2022
ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය. 26 September 2022
පැහැරගත් ඉන්ධන බවුසරය බේරාගන්න හන්තානේ මහ යුද්ධයක් මහනුවර හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකතන සමාගමක සම්ප්රේ තාක්ෂණ කුළුණක අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් ගිය ඉන්ධන බවුසරයක් අද අලුයම මග හරස් කර නවතා රියදුරු සහ සහයකට පහර දී එම බවුසර් රථය පැහැරගෙන ගැනීමට තැත්කළ කොල්ලකරුවන් දෙදෙනකු මහත් වෙහෙසක් දරා මහනුවර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 September 2022
පොල් නියම ආහාරක් රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.- 24 September 2022
මන්දපෝෂණය වැඩි විය හැකියි ඉදිරි කාළයේදී රටතුල මන්දපෝෂණ තත්වයේ සැළකිය යුතු වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුතගේ මහතා පැවසීය. 24 September 2022
පන්සලේ ලයිටි බිල ලක්ෂ පහහමාරයි විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 23 September 2022
දරුවන්ගේ කුස ගින්න මැතිසබේ පත්තු වේ අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය. 22 September 2022
චක්‍ර ලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්රය කඩා වැටෙයි? රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු 60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින් දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. 21 September 2022
ඔටුන්නේ දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. 20 September 2022
අධිරාජිනිය නික්ම යයි අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 11 ක ශෝක කාලය අවසන් කරමින් ඉතා ගාම්භීර අන්දමින් ආරම්භ විය. 19 September 2022
අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් අංශය කඩා වැටෙයි රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 18 September 2022
මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී? මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. 17 September 2022
මෛත්‍රීපාලට නොතීසි ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය. 16 September 2022
රැජිනගේ දේහය අසල සිටි රැකවලා ඇද වැටෙයි වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 September 2022
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 September 2022
යූ.එන් සමුළුවේදී චීනයේ සහය ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ඊයේ (12දා) ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා 13 September 2022
ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් - නිලධාරීන් වගකිව යුතුයි දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය. 12 September 2022
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ. 11 September 2022
ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 September 2022
සමන්තා පවර් කුඹුරට බසී තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය. 10 September 2022
මන්ත්‍රී සැප ’’ තව වැඩි කරගන්න යයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. 10 September 2022
අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 September 2022
දෙවන එළිසබෙත් මහා රැජින ලොවට සමු දෙයි බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 08 September 2022
හත් හැවිරිදි දැරියක ගල් පිරවූ කවරයකට දමා පතලකට විසිකරලා හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතල්කට දමා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 08 September 2022
රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 08 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026