
(ප්‍රසන්න පත්මසිරි)
ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් මියගොස් ඇති බව පොලිසිය කියයි.
මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂනී මධුෂිකා නැමැති වයස මාස හතක දැරිය නිවසේ ඇදෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් සිදුවු අනතුරින් මියගෙස් තිබෙන බව පොලිසිය කියයි.
මියගිය දරුවාගේ මව නිවසේ වැඩ කටයුතු වල නිරතව පසුව දරුවා නිදා සිටි ඇද ළගට පැමිණෙන විට දරුවා ඇද වටා තිබෙන ලී වැටේ සිරවී සිටියදි එයින් මුදවාගෙන ඌවපරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.
මියගොස් සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දියතලාව මුලික රෝහලට යොමු කර තිබෙන අතර ඌවපරණගම පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැටියගේ ආරක්ෂාව ට කල දේ අවසන පැටියට අනාරක්ෂිත වුනා.සසර ගමනේ යලි මෙවන් දෙයක් නොමවේවා!!!! නිවණින් සැනසේවා!!!! රෝස ඇටියෝ.