
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.
ශ්‍රී ලාංකික පවුල් සියයට 48 ක් තම පවුලේ කෑම මේසයට ආහාර ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නෙකුගෙන් (පොලී මුදලාලි) ණයට මුදල් ලබා ගෙන ඇති බවත් එසේත් නැතිනම් පවුල් සතුව තිබූ රන් ආභරණ උකස් කර මුදල් සොයාගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලාංකික පවුල් සියයට 43 ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර එම මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් තවත් පවුල් සියයට 35 ක් එම පවුල් ඉතුරු කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.
මෙරට පවුල් ඉන්ධන මිල පිළිබඳ දක්වන කණස්සල්ල දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 6 දක්වා සියයට 11 කින් ජනවාරි මස අඩු වී ඇති බවත් ආහාර මිල පිළිබඳ දක්වන කණස්සල්ල සියයට 87 ක් දක්වා සියයට එකකින් වැඩි වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය වැඩිම පළාත ඌව පළාත බවත් ඉකුත් දෙසැම්බර් මස සියයට 43 ක් වූ ඌව පළාතේ ආහාර අනාරක්ෂිතතාවය ජනවාරි මස අවසන් වන විට සියයට 47 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය දෙසැම්බර් මසට සාපේක්ෂව ජනවාරි මස සියයට 10 කින් අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව අඩුම පළාත ලෙස ජනවාරි මස අවසන් වනවිට බස්නාහිර පළාත පත්ව තිබේ.ජනවාරි මස බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය සියයට 23 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරු වගේම මෙයත් හොඳටම කෙරුවා... ඒ නිසා තමයි අද රටේ මිනිසුන්ට ඒක වේලක් කාලා ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ...!
කොහොම කන්නද..? ලෙවකනවා මිසක්...
ලංකාවේ ඉන්නේ පවුල් ලක්ෂ 50යි... ලක්ෂ 41කට කන්න පඩිය මදි ලක්ෂ 9කට කෑමට පඩිය වැඩියි...
කෑම දිහා බලබල යන්න වෙලා තියෙන්නේ... පුදුම කරුමයක් වුණේ...
ඌව පළාත කියන්නේ මිනිසුන් වැඩි හරියක් වගා කරගෙන කන පළාතක්. මේ නියැදි කොහෙන්ද අරගෙන තියෙන්නේ කියලා රජය සොයාබැලීම වටී. අපේ රටට හිඟන ලේබලය ගහලා ඔලුව උස්සන එක නවත්වා ගන්න බටහිර දතකනවා වෙන්න පුළුවන්...
කමක් නැහැ.. රුපියල ශක්තිමත් කළානේ...
එතකොට කීයක්වත් නොලැබෙන අය කොහොම ජීවත් වෙනවා ඇත්ද? සමහරුන්ට කරන්න දෙයක් නැති තරමට මුදල්...
"කන්න නැතත්, ඉන්න රටක් ඕනා" කියල නේද පහුගිය කාලේ මොර දුන්නේ? අඩු ගානට වඳ කොත්තු තියනවා කියල නම්, ආරංචියි.. මැදපෙරදිගත් පඩි වැඩි කරලලු.. බිරිඳව මැදපෙරදිග පටවලා සැමියන් රැල දේශපාලකයින් පස්සේ දිව්වා නම් ගොඩ යන්න තිබුනා. අනික ඉතින් රුපියලත් දැන් ශක්තිමත් නිසා, පොඩ්ඩක් බඩ ගින්නේ උන්නම මොකද වෙන්නේ?? දේශීය දේ අගයන අපිට මකටද ඔය චීස් බටර්, කොස් දෙල් තියෙන්නේ බඩ පැලෙන්න කන්න. කන්න නැතිඑකට වඩා, කාලෙකින් රොකට් එකක් අහසට ඇර ගන්න බැරිවීම සම්බන්ධව නම් ප්‍රෞඩ ජාතියක් ලෙස සංවේගයට පත් විය යුතු කාරනාවක්..
කොලඹින් පිට ගම් වලට ගිහින් බලනකොට තම්‍යි මේ සංඛ්‍යාලේකන වල,සත්‍ය තේරෙන්නෙ.ලංකාවෙ දුප්පත් අසරන මිනිස්සු පව්.කාලකන්න් 225ක් වසර 20ක් 30ක් ඇතුලත පරම්පරා කීපයක්ම වලපල්ලට ඇදල,දාල සතුටින් පවුල් කනහැටි අපූරුව.මුන්ට ජාති ජාතිත් මේ පව ගෙවන්න වෙනවාමයි .