(නිමන්ති රණසිංහ)
මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දමා ගිය සිඟිති දරුවා ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට අද 17 නියෝග කළේය.
මෙම සැකකාර තරුණ යුවළ ඇප ලබා දීමෙන් පසු අද දිනයේ දී ම විවාහ කර දීමට කටයුතු කරනු ලබන බවත් ඉන්පසු දරුවා ව භාරයට ගෙන රැකබලා ගැනීමට සූදානම් බවත් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .
දරුවාගේ සහ සැකකාර යුවළගේ ඩී එන් ඒ වාර්තා කැඳවීම සඳහා ලබන 21 දා උදේ 9 ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
සැකකාර තරුණ යුවල එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මීනගයා පැටියා අම්මා තාත්තට දෙන්න කියයි
ගයාන් Saturday, 18 March 2023 07:39 AM
ඒයි, ඒ දරුවා දාලා ගියා කියලා අපහාස කරන්න එපා... බලු පැටියෙක්, බළල් පැටියෙක් හරක් පැටියෙක් නෙමේ නේද?
ගයනි Sunday, 19 March 2023 02:25 PM
ඒ දරුවාට දෙන්න, කරන්න තියෙන අපහාස කරලා ඉවරයි ඒ දරුවාගේ අම්මයි, තාත්තයි නැති කැක්කුමක් මොකද?.. DNA චෙක් කරන එක හොඳයි කෝකටත්...