
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක් ද පැවැත්වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමරුම් උත්සවයේ ආරාධිත අමුත්තාට පණ බයේ මහරෑ පැනලා ගිය ස’ එනවා කියන්නේ ඇත්තද…?
අරගල කලේ හිටපු කෙනාව පන්නලා දාන්න නේ.. ඒක හරි ගියා ඒක සමරන්න. ඒ වගේම නිර්පාක්ශික අරගලය තුළ උන්නු බොහෝ දෙනෙක් අද ඉන්න තැනත් බලන්න. ඊට පස්සේ කිව්වේ ගෝඨා එලවපු අපිට රනිල් වැඩ්ඩෙක් නෙවේ. රනිල්... මහින්ද එකට තියලා. ගෙදර යවන්නේ කියලා. ඒ වුණාට අද ස්ලෝගන් එක විධායක ජනපතිකම අහෝසි කරන්න කියලා. ඕක පිළුනු ස්ලෝගන් එකක්.... අරගලේ ඇතුළට ඇවිත් අරගලේ දියකරපු ලොක්කා තමයි දැන් රටේ ලොක්කා... ඒකත් මතක තියාගෙන කරන දෙයක් කරන එකයි... ඇත්තේ...
රට අරාජික කිරීමට මුල් වූ ඔය කුල් ටූර් අලගලයින් විසින් සමාජයීය සහ ආර්ථික වශයෙන් රටට කළ වින්නැහියෙ අනිටු ප්‍රතිඵල තව ඉදිරියට ය.
අරගලයේ අග්‍ර ඵලය රනිල් ජනාධිපතිතුමන් බැවින් ඒ සඳහා ප්‍රධාන ආරාධිතයන් විය යුත්තේ එතුමන්, ඇමරිකන් තානාපති තුමිය සහ නීතිඥ සංගමයේ හිටපු ලොක්කාය.
ඒ 3000ට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් ද
අරගලයට පිට අය ඕනෙ වෙන එකක් නෑ. ඔය 3000 ඇති. ටික දවසකට කලින් කිව්වේ රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට 50ක් දෙන්න අමාරුයි කියලා.
මේ කපේදී පන්නන්න බැරි ජනපති කෙනෙකු සහ අගමැති කෙනෙකු අරගල කරුවන් විසින් පන්නා දමනු ලැබුවා. ඒ වගේම, වැරැදි කොට තිබූ මන්ත්‍රීවරුන් v8 හංගා තබා පොඩි කාර් වලින් තමයි ගමන් බිමන් ගියේ... එදා සමහර මන්ත්‍රීවරුන් බය වැඩිකමට පක්ෂය අතහැර තාවකාලිකව ස්වාධීන වුණා. ඒ තරම් බලසම්පන්න වී තිබූ බලවේගය හරි හැටි නායකත්වයක් නොතිබීම නිසා ක්‍රමයෙන් උදාසීන වී ගියා. ගෙවල් ගිණි තැබීම්, වාහන ගිණි තැබීම් හා අවශ්‍ය නොවන අයුරින් සිදුවූ අනීතික වැඩ නිසා එය තවත් පිරිහුණා. රනිල් පැමිණීමත් සමග තත්ත්වය නොසිතූ ලෙස වෙනස් වුණා. එමෙන්ම, පරාජිත දූෂිතයින් තම වැරදි ගැන හා රට බංකොළොත් කළබව වගේ වගක් නැතිව යහතින් සිටිනවා. රට හරියයිද තවත් වලේ වැටෙයිද කියා ජනතාව විස්සෝපයෙන් සිටිනවා. අනේ..! අපේ රටට හා අපට සිදුවූ නැස්පැත්තියක්...
පොලීසියේ ක්‍රියා කලාපය ඉතාමත් මිලේච්ඡයි.