
( බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු අතරින් ප්‍රධානම වාට්ටුව මෙලෙස වැසී යාම බරපතළ තත්ත්වයක් බව ද තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බව ද වෛද්‍ය රාජකරුණා මහතා කීය.
මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුවේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් 210 දෙනකු පුහුණුව ලබමින් සිටි බවත් ඔවුන්ට එම අවස්ථාව මේ වනවිට මගහැරී ගොස් ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.
තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව පැවසූ සහකාර ලේකම්වරයා මේ නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු මේවන විට නොමැති බව ද හිටපු වෛද්‍යවරුන් විදේශගත වී ඇති බව ද ඔහු කීය.
වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් රට තුළ නැතිවීම, අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයාම ආදි කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යන තත්ත්වයක් උද්ගතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් කාලයේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළ බව ද ඔහු කීය.
ළමා වාට්ටුව වසා දැමීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ තමාට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවය.
මේ අතර අනුරාධපුර රෝහල් 63 වැනි වාට්ටුව හෙවත් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.
රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි වාර්තා වේ.
වාට්ටු අංක 63 නැවත විවෘත කරන තෙක් ළමා රෝගීන් ඇතුළත් කිරීම වාට්ටු අංක 24 සහ 25 යන වාට්ටුවලට ඊයේ (30) සිට තාවකාලිකව යොමු කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.
එමෙන්ම වාට්ටු අංක 63 ප්‍රතිකාර ලබන ළමා රෝගීන් 24සහ 25 යන වාට්ටුවලට මාරු කර යවන අතර 63 වාට්ටුවේ ළමා රෝග සායනය සතියක් ඇර සතියක 24 සහ 25 වාට්ටුවල පවත්වන්නැයි එමගින් උපදෙස් දී ඇත.
මේ අතර 63 වාට්ටුවේ සේවයෙ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතුන්ගේ අගය නොදන්නා,දේශපාලකයින්ට ආවඩන ජනතාවට,උගතුන්ගේ අගය වැටහෙන විට කෝච්චිය ගොස් තිබේවි.
GMOA එකම තමා රටේ මෙම ප්‍රශ්නයට ප්‍රදාන හෙතුවක් වෙන්නෙත්. GMOA කලේ සැමදාම අනෙකුත් වෘත්තකයන්ට ඉහල එන්න නොදීම. වෙන වෘත්තකයෙක්ට වැටුපක් වැඩි කරනවනම් ඒකට වර්ජනය කිරීම. හෙදියන්ට උපාදි දීමට විරුද්ධ වීම. රටේ ඉහළම හා බුද්ධිමත්ම පිරිස තමා ලෙස සිතාගෙන රටෙ සියලුම දේවල් වලට ඇඟිලි ගැසීම. වෘත්තිය රටක ප්‍රධාන වෘත්තියක් මිස රටේ එකම වෘත්තිය නොවේ. රටේ වෘත්තිකයන් අතර ලොකුම බේදය ඇති කලෙ GOMA එක. බැංකුවකින් ණයක් ගන්නවනම් ඔවුන්ට විශේෂ වරප්‍රසාද, වාහන රක්ෂන වලින් විශේෂ වරප්‍රසාද, ඔව්න්ට දෙන සියලු වරප්‍රසාද වල පාඩුව එම ආයතන ආවරණය කරන්නෙ වෙනත් ජනතාව හ වෘත්කයන්ගෙන පසුම්බියෙන්ම තමා. සාමන්ය මනුස්සයෙක්ට මේව නොතෙරුනාට බුද්ධිමත් අයට තෙරෙනව. රටේ බුද්ධි ගලනය උනෙ මීට දශක කීපයක සිට. එසේ ගියපු වෘත්තිකයො තමා ඇත්තටම රටක ආර්තියක හදන අය. නව සොයාගැනීම් කරන අය. ඒක තමා එම පිරිස් රටින් ගියේ. ඒ වෘත්තිකන්ගෙ වටිනාකම දන්න රටවල් එයාලව එහෙට ගන්නව. නමුත් අපෙ රටේ මිනිස්සු කලබල උනේ වෛද්‍යවරුන් යනකොට විතරයි. හැබ්යි ප්‍රශ්නයට සැබෑ හෙතුව සිද්ධ වෙල ගොඩක් කල්. කලබල වෙන්න තිබ්බෙ ඒ කාලෙ.
රටට බැරි අමාරැකම් එනකොට රට ඇරලා යනවා. කටිං බතල කොළ හිටවන gmoa නඩේ කෙරැවාව ඕං! චැනල් සේවාව හරහා හම්බ කරන සල්ලි කන්දරාවෙන් යම් මුදලක් බදු වශයෙන් ගෙවන්නට සිදු වීමනෙ මේ අයගෙ අඳෝනාව. අපේ ආතල් ජීවිතේ අපට තියා ගන්න - පුංචි සිංඤොලාට බදු ගහපල්ලා කියලනෙ මේ අය නොකියා කියන්නෙ!
ගනන් ගන්න එපා. අපේ ජනාධිපතිතුමා ආමි එකයි පොලිසියයි දාලා හෙට ඉදන් ඕක වැඩ කරයි
අපේ දරුවන්ට අනාගතයක් නැහැ.
හමුදාව යොදා ප්‍රතිකාර කරමු.
මෙය ඉතාම ශෝචනීය තත්වයකි. අපේ දරුවන් බෙහෙත් නැතුව, ඉස්පිරිතාල නැතුව, අධ්යාපනයක් නැතුව, මැරිල යන තත්වයක් තියෙන්නේ. දේශපාලකයන්ගේ පවුල්වලට, පොහොසතුන්ගේ පවුල්වලට මේවා බලපාන්නේ නැහැ. ඒ අය යන්නේ සිංගප්පූරු, ඕස්ට්‍රේලියා. තව තවත් උගතුන් රටෙන් යෑමෙන් මෙම ප්‍රශ්නය වැඩිවෙනවා. දේශපාලකයෝ රට බංකොලොත් කරලා වැරෙද්ද රජයේ සේවකයන් මත පටවන්න හදනවා. දරාගන්න බැරි තරමට රජයේ සේවකයන් වැඩිකලේ දැන් ඉන්න දේශපලකයන්ම තමා. ජන්දය ගන්න.
කාලකන්නි දේශපාලකොයෝ රට දාල යන්නේ නෑනේ
උඹලා ඒ දවස් වල ෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෛද්‍ය පීඨ ආරම්භ කරනවාට විරුද්ධව කෑගහපු උන්. මොකද උන් පිටරට විශ්ව විද්‍යාල වලට ගිහිල්ලා ඉක්මනටම පශ්චාත් උපාධි ආචාර්ය උපාධි අරගෙන එනවට ඉරිසියාවෙ. දැන් උඹලම කියනව අර හිටපු උඹලගෙ උන් රට දාලා ගියාලු. උඹලා වගේ කුහක උන් හැසිරීම ඔහොම තමා. යකෝ පෞද්ගලික විශ්ව විද්‍යාල කොමිනිස් චීනෙත් වියට්නාමය එකී මෙකී නොකී හැම තැනම තියෙනවා. රජයේ වගකීම තමයි ඒවා හරියාකාරව නියාමනය කරන එක. තොපිලා ඉඩදෙනවද පෞද්ගලික රෝහල් නියාමනය කරන්න. උඹලා channel කාක්කෝ. උඹලගෙ බඩගෝස්තරය විතරයි හිතන්නේ දැන් බොරුවට උඹලා කෑගහනව. උඹලා හොයන සල්ලි වලබ tax ගෙවපිය අහිංසක මිනිස්සුන්ගෙන් VAT එකෙන් ජීවත්වෙන්න නැතුව.
අපේ රට තවදුරටත් බංකොළොත් රටක් නෙවෙයි...
රටේ සල්ලි වලින්ම ඉගෙනගෙන සියලු වරප්‍රසාද සහිතව ජීවත් වී නොමිලේ වෛද්‍ය සේවාවක් තියෙන අතලොස්සක් රටවල් අතරින් එකක් වන අපේ මව්බිම මෙවැනි අපහසු අවස්ථාවකදී හැර යෑම මහා ලොකු වීර ක්‍රියාවක් නම් නොවේ.
මේ තත්වය උද තමයි මේ රටේ ජනවරමක් නැති ජනාධිපති රනිල් කිව්වේ ලංකාව දුප්පත් රටක් කියල ලෝකෙට තව දුරටත් කියන්න බැහැ කියල.
රට ඉතාම අවාසනාවන්ත තත්වයකට පත්වෙලා... උගතුන් රට හැර යන තත්වයක් උදාවෙලා...
හමුදාව දාපල්ලා... ඇයි දැන් එකටත් හේතුව වෘත්තීය සමිතිද? නුඹලා රටම විනාශ කරලා ඉවරයි.. රටේ තරුණයෙකුට රස්සාවක් ගැන හිතාගන්නවත් බැහැ... රස්සාවක් කරන කෙනෙකුට සතියක් කන්න සල්ලි මදි... හැබැයි රාජපක්ෂ පුතාලා මාසකෙට dollar කෝටි ගණන් හොයනවා කොමිස් කුට්ටිවලින්...
හොඳට තිබුණු රටකට වෙච්චි දෙයක්. දූෂිත දේශපාලුවන් හැම කෙනෙක්ම මේවාට වගකිව යුතුයි. පව් අහිංසක දරුවෝ..?
SAARC රටවල වෛද්‍යවරුන්ට ලංකාවේ සේවය කිරීමට ඉඩ දිය යුතුයි.
මෙම කරුණ මාධ්‍ය වෙත මහත් උජාරුවෙන් ප්‍රකාශ කළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අය සමඟ එක් වී වර්ජනය කරමින් මාස ගණනක් දරුවන්ගේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම වර්ජනය කරමින් විශ්ව විද්‍යාල වසා දමා අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට උපාධි පාඨමාලා නිම කිරීමට ගතවන කාලය තව දුරටත් දීර්ඝ කරමින් කරන දේශපාලන සෙල්ලම් නිසා ඉදිරියට විශාල වෛද්‍ය හිඟයක් ඇති කිරීමට ඔවුන් ද දායක වන බව හොඳින් දන්නා නමුත් ජනතාවගෙන් එය වසන් කිරීමට මෙසේ වහසිබස් දොඩවයි...
මේ දේශපාලකයින් රට කනවා...