
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලට ද ලිඛිතව දැනුම්වත් කර ඇත.
මෙම ආහාර වැඩසටහන යටතේ ඒක් සිසුවකු සදහා රජය ො දිනකට රුපියල් 100 වැය කරනු ලබන අතර මෙම පාසලේ ප්‍රථමික අංශයේ සිසුන් මේවනවිට 720 වශයෙන් දෛනික ආහාර වේල සදහා රුපියල් 72 000 මුදලක් රජය විසින් වැය කරනු ලබයි.
පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වන දිනට යෙදුන විදුහල්පතිනියගේ ස්වාමියාගේ උපන්දින සාදයට වෙනුවෙන් ආහාර කොන්ත්‍රාත්තුව ලබා සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල යනාදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම වෙනුවෙන් වෙන් කළ මුදලින් බව ද දැනගන්නට ඇත.
සිද්ධිය වූ දින දරුවන්ට ආහාර ලබා නොදෙන බවත් එදිනට දරුවන්ට කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස ඡංගම දුරකතනය හරහා කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කර ඇත.
නමුත් දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් ඒදින නියමිත වවුචර්පත් අත්සන් කොට ඇතැයි ද තතුදත් ආරංචි මාර්ග කියයි.
විදුහල්පතිනියගේ සැමියා ද එම ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයකු බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
J.ස්ටාලින් ඔබ කොහිද?
එහෙමනම් ඉතින් රජයේ මුදල් අයුතු පරිහරණය සදහා ආයතන සංග්‍රහයේ රජයේ නිළධාරින් විසින් කලහැකි වරදක් කරල තියෙනවා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට බලධාරීන් වගබලා ගතයුතුය
සැබෑ දේශපාළු ගති ලක්ෂණ ඇති බැවින් මීළග මැතිවරණයට නොවරදවාම ඉදිරිපත් වියයුතු කෙනෙක් මේ විදුහල්පතිනිය.
රටේ සිදුවන මහාපරිමාන පොදු දේපල සොරකම් අනුව යමින් පාසැලින්ම හොරකම පටන්ගත්තොත් හොදයයි විදුහල්පතිනියට සිතෙන්න ඇති.
මරු ගුරුවරු. මේවා කාලා මුන්ට දිරවනවද මන්ද? අපි පොඩි කාලේ හිටපු ගුරුවරු තමන්ගේ ගෙදරින් ගෙනෙන තේ එකෙන් කොටසක් අපිටත් දෙනවා. අදත් එහෙම ගුරුවරු කීපදෙනෙක් ඇති. ඒ උදවියට මේක අදාල නැහැ.
විළිලැජ්ාවෙ බෑ නේද ?
මේ වගේ තුච්ච වැඩ කරන ජරා මිනිසුන් නොදකින් ...
මුන් මොන විදුහල්පති වරැන්ද. කාල කන්නි. මේ අහින්සක ලමයින්ගෙ කෑම එකෙන් හොරා කෑම හරියට සාටක මයින සුනාමි ආධාර මුදල් හොරා කෑව වගේ. මුන්ට හෙන හත ගහන්ඩ ඕනි.
කතාව ඇත්තනම්, මෙගොල්ලගෙන් ඉගෙනුම ගත්ත ළමයි වැඩිහිටියෝ උනහම කොහොම කරයිද?
ඔය කියන තරන් දෙයක් මෙතන වෙලා නෑ. කොහොමත් ළමයි ට කෑම දෙනවනේ. ඉතිං ඒ කෑම උපන්දිනය වෙනුවෙන් කියලා තියෙන ඒක විතරයි කියලා තියෙන්නේ. වෙනදට දෙන කෑම ළමයි ට දීල ඔන්න අපේ මහත්තයාගේ උපන් දිනේ වෙනුවෙන් කියන එක විතරයි වෙලා තියෙන්නේ... පව් අර විදුහල්පති තුමියට කට්ටිය බැනලා කොමෙන්ට් දාල.
පාර්ලිමේන්තුවේ 225ට හොරු හොරු කීවාට උන්ට වඩා කම්බහොරු ඉන්නෙ පිට.මේ කාලකන්නි දෙදෙනා හිටෝපස් ගහල තියන්න ඕනෙ බඩගින්නෙ මැරෙන්න.වහාම පරීක්ශනයක් කරන්න.ගමේ මිනිස්සි මුන් දෙන්නාට හොදින් සැලකිය යුතුයි.
රාජපක්ෂලාගෙ නඩේ කෙනෙක් නේද ?