IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වර්ජනයෙන් සේවාවන් රැසක වැඩ අඩපණ වේ

(යොහාන් භාසුර)

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් සමස්ත පාසල් පද්ධතියම අඩපණ වී තිබුණි.

පාසල්වලට දරුවන් නොපැමිණීමෙන් පාසල් පාළුවට ගොස් තිබූ ආකාරය දැකගත හැකිවිය. වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා සමස්ත රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු සමස්ත කාර්ය අකර්මණ්‍ය විය.

කෙසේ වෙතත් ප්‍රතිකාර ගැනීමට රෝගීන් නොපැමිණීම හේතුවෙන් රෝහල් පාළුවට ගොස් තිබුණි.

දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවතිය ද මගීන්ගේ පහසුව සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. අද පස්වරුවේ ද දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් කීය.

වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තිය සාමාජිකයන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රීයේ වර්ජනය අවසන් කර ආණ්ඩුවට දින 7 ක කාලයක් දෙන බවත් ඒ අනුව ලබන 21 වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)


(ඡායාරූප: ශාන්ත රත්නායක)

(තිලකරත්න දිසානායක)



අදහස් (21)

වර්ජනයෙන් සේවාවන් රැසක වැඩ අඩපණ වේ

කිරිපුතා Wednesday, 15 March 2023 01:05 PM

මේක කිසිම රටට ආදරයකින් කරන වැඩක් නෙවෙයි. අපේ රටේ හැමදාම මේ කාලකන්නි වැඩ වර්ජන තිබුණා. දේශපාලකයිනුත් හොරකම් කරලා රජයේ සේවකයිනුත් එක එක පක්ෂ බදාගෙන මේ විදිහට හොරකම් කරනකොට රට ඉවරයි...

:       27       142

අරවින්දමොනරවිල Wednesday, 15 March 2023 01:16 PM

හිට්ලර් වගෙයි කියලා හිතාගෙන ඉන්න පිං ජනපතිට අද තේරෙන්න ඇති තමන්ගේ තරම....

:       74       50

samWednesday, 15 March 2023 05:53 PM

දිගින් දිගටම මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගතහොත් 225ත් ගෙදර... වෘත්තීය සමිති නායකයා පන්න දමා වෘත්තීය සමිති සියල්ල පවා විසිරුවා හරින ලෙස ජනතාව ඉදිරියට පැමිණෙනු ඇත.

:       1       47

අරවින්ද මොනරවිලThursday, 16 March 2023 11:17 AM

වෘත්තීය සමිති නායකයෝ නොවෙයි, වැඩකට නැති මුග්ධ පිං ජනපති පන්නලා ප්‍රජාතන්ත්‍වාදයට ගරු කරන ශිෂ්ට සම්පන්න නායකයෙක් රටේ ජනතාවගේ කැමැත්තෙන් පත්කර ගත යුතුයි. ඒ සදහා නොපමාව ජනතාව තව ටික දවසකින් ඉදිරියට එනු ඇත. එහෙම නැතුව මහ බැංකුව කැඩුව හොරාව රකින්න පාස්කු ප්‍රහරයෝ චූදිතයන්ව රකින්න ඉදිරියට එන්න තරම් ජනතාවට පිස්සු නැහැ.

:       26       2

කැලණි හිඟන්නා Wednesday, 15 March 2023 02:13 PM

එන්න අපි මාලිමාවට ඡන්දෙ දෙමු. එතකොට ඔය වර්ජන තර්ජන ඔක්කෝම ඉවරයි. රට සුඛිත, මුදිත කරයි. කාලකන්නි සුනකයින්. මේ 71ත් රට කෑවා 88/89 නැත්තටම නැතිකෙරුවා. එහෙම කරලා තමන්ගේම සහෝදරයින් පාවලා දීලා ගෝනි බිල්ලන් වෙලා පක්ෂයේ ඉහළම සාමාජිකයින් පෝරෙකේට යවලා පක්ෂ බලය අල්ලාගත්තා. මොවුන්ගේ ඉලක්කේ 23/24 ත් භීෂනේ පතුරුවන්න. ඔහොම යමන් ඔහොම යමන්...

:       51       91

JayasekaraThursday, 16 March 2023 09:37 AM

මමනම් මෙ පාර එකෙක්ටවත් චන්‌දෙ දෙන්නෙ නැහැ.. හැබැයි මට බලන්නම ආස මාලිමාවෙන් මුන් ආන්ඩුවක් පිහිටුවොත්.. ස්ටාලින්ල...කැම්පුස් එකෙ අර කලකන්නි සෙට් එක ඊලගට මොකද කරන්නෙ කියල බලන්න... මට ආසම එක බලන්න.. එටකොටවත් ඔය රට වලපල්ලට ඇදල දාන වර්ජන වලට මොකඩ වෙන්නෙ කියල බලන්න....

:       0       46

මලින්ත Thursday, 16 March 2023 12:23 PM

මටත් එම අදහස උපරිමයෙන් තියෙනවා ඒත් ළමා වයසේ 1971 අරගලය නිසා ඇතිවූ පිළිකුල තවමත් ඉවත්කර ගන්න අමාරුයි ඉන් පස්සෙ 88/89 කාලයේ රටට කරපු විනාශය කිසිදිනෙක අමතක කරන්න බැහැ මේ සමග අපි කල්පනාවට ගන්න ඕන මුන්දැල ඇවිල්ලා ගොමාල හා දැනට රටට බලවත් තර්ජනයක් වෙලා තියෙන අරගල ගැන ගන්නා පියවර මොකක්ද කියලා ඒ සමග දැනට මාලිමාවට මනාප දීමට දගලන මුග්ධයින් මුන්ටත් බැරිවුනොත් කරන්නෙ කුමක්ද කියලා දැනගන්න ආශාවක් තියෙනවා

:       2       19

කපිල Wednesday, 15 March 2023 02:18 PM

ඇයි මේවා විකුණන්නේ නැත්තේ? මේ රාජ්‍ය සේවකයින්ගේ ගෑස් බල බල රටක් හදන්න බෑ. හොස්පිට්ල් විකුණලා සියළුම පුරවැසියන්ට ඉන්ෂුවරන්ස් එකක් දෙන්න. සෞඛ්‍යයට වෙන්කරන සල්ලි දාලා ලොකු පැකේජ් එකක් දෙන්න පුළුවන්. ලෝකයේ ගොඩක් රටවල් කරන්නේ ඒක. දුම්රිය විකුණන එක අමාරු දෙයක් නෙමෙයි. අනුර කුමාර ආවත් මෙහෙම තමයි. මේ රාජ්‍ය සේවා මාෆියාව දේශපාලකයින්ට වඩා දරුණු එකක්. රජයේ රෝහල් පාසල් නැතිවුණා කියලා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නෑ. ඕවා තිබුණා කියලා අපිට මොනවද ලැබිලා තියෙන්නේ. මුලින්ම මේ මිනිස්සුන්ගේ ඔළුවලට දාලා තියෙන හුඹස් බයවල් නැතිකරන්න ඕනෑ.

:       13       86

kamalWednesday, 15 March 2023 02:43 PM

මෙලෝ දෙයක් හරියට දන්නේ නැතුව එක එකා කියන දේවල් අහගෙන හිටියාම තමා උගතා කියලා හිතෙන මැටි මෝල්ලුන්ට හිතෙන්නේ ඔක්කොම ප්‍රයිවට් කරන්න ඕනෑ කියන එක විතරයි. මොකද රටත් කාලා රාජ්‍ය සේවයටත් ඕන ඕන හිකනලුන්ව රිංගවලා ඒකත් වලපල්ලට ඇදලා තියෙන්නේ රට පාලනය කරන අය නෙවෙයි නිසා ප්‍රයිවට් කළා නම් ඔක්කොම හරියනවා නේද?

:       52       14

aravinda Monarawila Wednesday, 15 March 2023 04:01 PM

පුද්ගලීකරණය කරන්න ඕනෑ ... මුලින්ම ජනාධිපති කමයි, කැබිනට් මණ්ඩලයයි, පාර්ලිමේන්තුවයි... ඊටපස්සේ පුළුවන් හමුදාව, පොලිසිය පුද්ගලීකරණය කරන්න.. ඒවා සාර්ථක නම් පුළුවන් පාසල්, රෝහල් වගේ ඒවා පුද්ගලීකරණය කරන්න.

:       62       11

මැක්ස් Wednesday, 15 March 2023 02:44 PM

සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව් - වර්ජන හැතිකරේ පන්නවව්!.

:       10       75

මොට්ටපාල Wednesday, 15 March 2023 03:50 PM

මේ රටේ විනාශය ආරම්භ කලේ ඔය පාඨය කියමින් තමයි ඩී.ඇස් මැතිතුමා ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කරද්දී මැලේරියාව හදලා මිනිස්සු මරනවා කිව්වා.. මෑතකදී උමාඔය හදද්දී ළිංවල වතුර හිඳුනා කියලා.. ඒ පැත්තේ කෙනෙක් අසූචි පිටවෙන තරමට බෙරිහන් දිදී උද්ඝෝෂණ කළා. මෙහෙම රටේ ප්‍රශ්න ඇතිකර නොයෙකුත් වරදාන, වරප්‍රසාද ගත්තු හිකනල්ලු දුටු වත්මන් සමිති කාරයෝත් රටට හෙන වැදුනත් මොකෝ අපිටත් තනතුරු, වරදාන, වරප්‍රසාද, ඕනෑ කියලා කුඩා දරුවා මහල්ලා, රෝගියා කියා නොබලා ඔවුන් ඇපයට තබා රටේ වර්ජන, තර්ජන කරන්න ගත්තා. එහෙම වෙලාවට උන්දැලා මෙල්ල කර සැනසීම ගන්න බලයේ සිටි ලංකපාලුවන් කටයුතු කළ නිසා මෙහෙම වුණා කියලා කියන්න පුළුවන්... රටේ විනාශය හරහා බලයට දඟලන ලංකාපාලුවන් මේවාට වරද කරුවන් වෙනවා. මේ නිසා ලංකා ඉතිහාසය කවුරු හෝ ලියනවා නම් අවුරුදු 75ක් රටේ විනාශය ඇතිකළ ලංකාපාලුවන් මෙන්ම වෘත්තීය අරගල නායකයින්ගේ නම් ගම් පවා ඇතුළත් ක‍ළොත් හොඳයි..

:       1       40

fairoos Wednesday, 15 March 2023 03:05 PM

රනිල් රාජපක්ෂලා තොලොංචි වෙලාම යන්න ඕනෑ.

:       48       20

ගමේ එකාලා Wednesday, 15 March 2023 03:18 PM

රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොදී, පින් ජනපතියා දූෂිත පවුල් පාලනේ අයව ආරක්ෂා කරනවා...

:       42       19

jayasekaraThursday, 16 March 2023 09:38 AM

අපෙ රටෙ වර්ජන නැති ආන්ඩු කාලයක් මට කියන්න...(ප්‍රෙමදාස යුගය හැරෙන්න ???)

:       1       19

Samitha Senaka Aluthgamage. Wednesday, 15 March 2023 04:11 PM

කරුණාකර රට තව තවත් විපතට නොදා පොහොට්ටු ආණ්ඩුව පාලනයෙන් ඉවත් වෙන්න.බැසිල් මහින්ද ගෝඨා ඇතුළු අසාර්ථක කණ්ඩායම ඉතාමත් ආරක්ෂාකාරීව තිරය පිටුපස සිට වෙනත් අයෙකු ලවා තම ආරක්ෂාවද සලසා ගනිමින් තවමත් රාජ්‍ය පාලනයේ නිරතවී සිටියි.රට කෑ දූෂිතයන් පන්නා දැමීමට කාලය පැමිණ ඇති බැවින්,රටේ වෘත්තිකයන් හා අනෙකුත් අය තම විරෝධය පෑමට මෙසේ වැඩ වර්ජන කරනු පෙනේ.ඒත්,එයින් රටේ ජනතාවට තමයි වන්දි ගෙවන්නට සිදුවෙලා තියෙන්නේ.ඒ කෙසේ වෙතත්,රට බංකොලොත් කළ හොරුන් අල්ලා හෝරාගත් සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කරන ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එකක් බලයට ගෙන ඒමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතුය.මහජන මතය නැති කොටස් රටක් පාලනය කරනා විට රටේ ජනතාව කුපිත වී මෙවන් දේ සිදුවීම වැළකිය හැකි නොවේ.එසේ හෙයින්,පාලකයන් රසායනික අවි ප්‍රහාර හා සන්නද්ධ හමුදා බලය යොදාගෙන නොයෙකුත් ආකාරවලට රටේ ප්‍රජාන්ත්‍රවාදය විනාශ කිරීම වහා නතර කළ යුතුය.

:       36       9

ase Wednesday, 15 March 2023 04:59 PM

බැංකු පොතේ තැන්පතුවට ලැබෙන සොච්චම් පොලියට පවා රඳවා ගැනීමේ බද්දක් අය කරන ආන්ඩුවකට වර්ජනය හැර පිලිතුර ? මෙය දරුවන්ගේ ඉතිරිම් වලටද ආදාලයි.

:       19       0

sampath Wednesday, 15 March 2023 06:08 PM

මේ සියලු ආයතන පෞද්ගලික අංශයට පවරලා ඒවයේ ලාභයෙන් බදු අය කිරීමයි සාර්ථකම ක්‍රමය. මේ අය ජනතාවගෙන්ම යැපිලා ජනතාවටම කොකා පෙන්වනවා. කාලකන්නි රටටම බරක්. ජනතාව මේ කාබාසිනියා ආයතන පවත්වාගෙන යන්නත් ඕනි තර්ජන ගර්ජනවලින් තැලෙන්නත් ඕනි. 83 ජූපි වර්ජකයන්ට කළ දේ කරන්න ඕනි කාලකන්නින්ගේ අතකොළු වෙනවට.

:       0       45

සුනිමල් Wednesday, 15 March 2023 09:59 PM

සම්පත් 83 කාලයේ වර්ජනයක් තිබුනෙ නැහැ ඒ කාලයේ තිබුනෙ දෙමළ ජනතාව පීඩාවට පත්කිරීමක් තමයි

:       12       1

චින්තක Thursday, 16 March 2023 12:42 PM

ඩිස්ලයික් කාරයන්ට කියන්න ඕන වර්ජනය තිබුනෙ 1980 ජූලි මාසයේ කියලා 1983 කාලයේ තිබුනෙ දෙමළ කළබල මිස වර්ජනයක් නොවෙයි කියලා නැවතත් මතක් කරනවා

:       0       1

saman Wednesday, 15 March 2023 07:23 PM

කිරිපුතාගේ කියන්න... වෙනස් කරන්න...

:       16       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 502 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 182 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 300 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 73 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 178 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 171 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1052 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1449 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site