
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අය-වැය සහාය ඇතුළත් වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් බවත් ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්…! දන්් ඉතිං අපට පුලුවන් ලෝකෙ පුරාම දියුණු රටවල තියන පරන කාර් ටික ගෙනත් විනෝද වෙක්න…!
ඉක්මන් කරලා මහින්ද චින්තන අධිවේගී මාර්ග හදන්න පුළුවන් වාහන ගෙන්වීම කරන්න පුළුවන් ගම්මිරිස් ,රබර් තේකොල බිත්තර ගෙන්වීම කරන්න පුළුවන් ජයවේවා ඉක්මනින් මොකක් හරි ඡන්දෙකුත් තියන්න පුළුවන්
මොකද කියන්නේ නැත්තේ මේක තාවකාලික විසඳුමක් පමණයි කියල.
අපෙ ප්‍රශ්න ඔක්කොම අහ්වරය්!
ඔය සල්ලි ටික දේසපාලුවන්ට හොරා කන්න බැරි වෙන විදිහට ක්‍රමවේදයක් සකස්කරන්න. නැත්නම් මිනිස්සුන්ට අබ සරනම තමය්. පව් මිනිස්සු .
ඇත්තටම මෙහෙම කිව්වට මේ සැරේ අපේ විදුලි බිල ආපහු 2 ගුණයකටත් වඩා වැඩි ගුණයකින් වැඩිකරලා,රට බංකොළොත් කරපු කාලකණ්ණි දේශපාලුවෝ නිසා අද ජනතාව ජීවත්වෙන්න පොලොවෙ පස් කනව.ඊයේ පෙරේද මේගොල්ලො රුපියල ෂක්තිමත් වුනා කියල ඛොරු ඛෙගල් ගහල අන්තිමට නැවත ඩොලරය නැග්ග.තව තව නය උගුලක මේ කාළකන්නි දේශපාලුවෝ ගොඩගන්න ඛැරි තැනක රට හිරකරනව.
ඔය සල්ලි ටිකවත් පිල්ලි නොගහ රටට වැඩක් කරොත් හොඳයි. පුලුවන් නං දුම්රිය සේවය දියුණු කරන්න රට වටේට යන්න පුලුවන් විදියට .
මේ කතාවට නම් මහා බැංකුවේ තේ හදන අන්කල් හිටන් හිනාවෙනවා...
කරුනකර දේශපාලනය කිරීම නවත්වන්න, imf ලැබුනාට රට බන්කොලොත් බවින් මිදෙන්නට බැහැ, නය නැවත ගෙවීමට පටන් ගන්නා තෙක් අපට එම තත්වයෙන් මිදෙන්නට බැහැ. අපිට බොරු කීවත් ලොවට බොරු මවා පෙනෙන්නට බැහැ. දැන් වත් මේ රැවටීම නවත් වන්න.
මම දන්න විදියට ඔය 2.9 ලැබෙන්නේ එක පාරම නෙමේ... කොටස් වශයෙන්... එක පාරම ලැබුනත් ඩොලර් බිලියන 2.9 කින් මාසයක් දුවන්නත් මදි ලංකාවට.... මොන පදනමකින් ඩොලර් අර්බුදය අවසන් වෙනවා කියනවද කියලා තේරෙන්නේ නෑ.... එතුමා ඉතිං අපිට වඩා දන්න නිසා අපි නොදන්න දෙයක් දැනගෙන කියනවද කියලා දන්නෑ .......
වටේ ගිහිල්ලා දැන් පරණ තැනටම ඇවිල්ලා. ඒකට මෙච්චර දගලන්න දෙයක් නැහැනේ. ආර්ථිකය දැන් හැකිලිලා. මීට පෙර ද්විපාර්ශ්වික ණය ජාත්‍යන්තර සබදතා වලින් අරගෙන ණය ගෙවා ගෙන ණය කලමනානරණය කලා නම් හරි.
මොනවා ලැබුනත් ඔය හොරු ටික ඕවටත් වැඩේ දෙයි. ඇස්තමේන්තු හදයි සාක්කුවලට 50%වත් වැටෙන විදියට. රට එතනම තමා ඔය 225 ට ඕවා එහාට මෙහාට කරන්න වරම් තියන තුරු.
ලැජ්ජා නැද්ද තවත් මේ රටේ මිනිස්සු ණයකාරයෝ කරකර වැඩේ කළා කියන්න...?
ණය අර්බුදය තවත් ලොකු උනා නේද ?
මේ ලැබෙන්නේ ණය මිසක් ආධාර නෙමෙයි.ඒත්,මේ ණය වීමට හේතු වුණේ රටේ මුදල් හා දේපළ එක්තරා කල්ලියක් විසින් හිතක් පපුවක් නොමැතිව කොල්ල කෑ නිසා බව මේ රටේ ජනතාව තදින්ම හිත් තබා ගැනීම වටී.ඒත් ඒ බව අමතක කරවන්න හොරුන්ගේ නොයෙකුත් උපක්‍රම තිබෙන බවද සිහිතබාගත යුතුයි.හොරුන් රකින්න කුලියට ලියන අයද යොදවා තිබේ.හොරුන්ට එරෙහිව ලියන දෙයට ඩිස්ලයික් දැමීමද තවත් හොරුන්ගේ ක්‍රියාවකි.කෙසේ වෙතත්,නැවත වරක් ජනතාව පත්කර ගන්නා රජයක් යටතේ හොරුන් විසින් මේ රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කිරීමට පොදු ජනතාව ඒකාන්තයෙන්ම ක්‍රියා කළ යුතුය.ඒ මන්ද යත්,හොරා කෑ මුදල් හා දේපළ පොදු ජනතාවගේ ඒවා වන බැවිනි.
මෙක තාවකාලික පැලැස්තරයක් පමණයි, පොඩි ගැම්මක් ලැබෙයි නමුත් වැරදිපැත්තට ගියොත් අපි සැවොම මකර කටේ.
ඔය සල්ලි ටික දෙකට බෙදල අනුරට සහ සජිත්ට දෙමුද??????හාද
ඩොලර් බිලියන 2.9 එකපාරටම අපිට ලැබෙනව වගේ කතාව.රටේ ඉන්න දේශපාලුවෝ වගේම නන්දෙ මාමාත් හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියලයි.නන්දෙ මාමගෙයි පිනා ජනාදිපතිගේයි සිඟිති ආතල්.
සෑම දෙයක් ගැනම අසුභවාදීව දැකීමට වැඩි පිරිසක් හුරුව ඇත. රට අගාධයකට වැටී ඇති මොහොතක ගොඩ ඒමට ගන්නා උත්සාහයට සහාය දක්වමු. විවේචනය කිරීම පහසුය. විසදුම් සෙවීම අපහසුය. මේ ගැන සිතන්න.
හුරේ.........පක්ශ පවුලෙ විදේශ සංචිත ප්‍රශ්නය ඉවරයි විදේශවල ඇති තම දේපල නඩත්තු ප්‍රශනය අහවරයි.
මෙ නන්දලාල් සහ එලවපු නන්දසේන අතර ලොකු වෙනසක් නෑ. මෙයත් සුත්තර පුංචගෙ රුකඩයක් විතරයි. නැත්නම් ඉල්ලපු නයක් ලැබෙනව කියල මෙහෙම ජොලි වෙන්න පුලුවන් මෝඩය කවුද? මෙක ආඩායමක් නෙමෙයි මනුස්සයො, මෙක නයක්. නය කන්දරාව වැඩි වෙනව. මෙව අපි කවදහරි ගෙවන්න ඔ්නෙ.
ණය ලැබුනා! ණය ලැබුනා! දැන් ඉතින් අපි තුන් වේලම ගිතෙල් කමු.
අපනයන ආදායම් උපයාගැනීමට කිසිදු වැඩපිලිවෙලක් නොමති තාක් රට අගාදයට යෑම වලක්වා ගැනිමට නොහැක. ණය ලබාගැනිමෙන් අර්තිකයට තාවකාලික පැලැස්ටරයක් පමනක් යෙදිය හැක. මෙය සාමාන්‍ය ජනයාද දන්න සරල කරුනකි. ණය ලබා ගැනීමෙන් ඩොලරය ශක්තිමත් වීමක සිදු නොවෙ. අනාගත නයගැතිභාවය පමනක් ඉහල යනු අත.
අනේ වාසනාව .දැන් ඉතින් තවත් ඇමතිලා 5ක් වැඩිකර ගන්න වෙයි . වැඩ ටික කරන්න එපැයි
ගම්වල නූගත් මිනිස්සු පොලියට සල්ලි අරගෙන කාලාබීලා වියදම් කරනවා. ඒ සල්ලි ටික තියෙනකම් මතක් වෙන්නේ නෑ මේ ගත්තේ ණයට කියලා... මේ හැම සතයක්ම ණය. ඒ කියන්නේ අපේ රටේ ණයගොඩ තවත් වැඩිවීම... කවුද ඒවා ගෙවන්නේ..? මහජනතාවටයි, ඒකෙ බර වැටෙන්නේ.. මහ ලොකුවට පාරම්බාන රනිල් හෝ නන්දලාල් මේවා ගෙවන්නේ නෑ. මේ රුපියල ශක්තිමත්වීම තාවකාලිකයි.
මෙච්චර කාලයක් කළේත් මේකනේ... ණය ගෙන්වන වැඩි කොටසක් හොරාකනවා.
මට තිබුණු මාර්ග ඇමතිකම ඕනේ... අයියෝ මේ අධිවේගී මාර්ග ටික ඉක්මනට හදලා දාලා ගමනාගමන පහසුකම් මිනිස්සුන්ට ලබාදෙන්න. පසුගිය මාස ටික මට නින්දක් නෑ. මේ ගැන හිතලා...
නන්දලාල් මේ තනිකරම ගහන්නේ ගේම් එකක්... රනිල් එක්ක එකතු වෙලා.. ඊළඟ මැතිවරණ ටික ජයග්‍රහණය කරන්න රනිල්ගේ කොන්ත්‍රාත් එක තමයි මේ නන්දලාල් කරගෙන යන්නේ.. මුලින්ම ඇස්බැන්ඳුමක් පෙන්නුවා රුපියල නග්ගලා, මිනිස්සු ළඟ තියෙන ඩොලර් ටික අරගෙන ඩොලර් මිලියන 500ක් හොයාගත්තා කියලා කිව්වා... ඒ ඩොලර් මිලියන 500 රාජපක්ෂලා හොරාකාපුවාද හොයාගත්තේ...? නැහැ... සාමාන්‍ය ජනතාව අතේ තියාගෙන හිටපු ඒ අයගේ යම් යම් අවශ්‍යතාවයන් සඳහා අතේ තියාගෙන හිටපු ඩොලර්. කාවද මේ රවට්ටන්නේ...?
උඩ පනින්න දෙයක් නෙමෙයි මේ. මේක ණයක්. මේවා ගෙවන්න වෙනවා. රට තවත් ණයවීමක් වුණේ. ඉතිං මේකටත් කලින් කරපු දේවල්ම නොකරයි කියලා කාටද කියන්න පුළුවන්...
මේක පාස්වුණු එක ගැන අර ජනාධිපති සිහින කුමාරයින් දෙන්නා නම් සතුටු නැතිව ඇති...
කපුටා, බූරු පුතයි මොනවා කියනවාද දන්නේ නෑ... "බලන්න අපිට තවත් කෙලවෙන්නයි යන්නේ. මොනවා හරි කරමු."
බැරිවෙලාවක්වත් පවුල් පාලනේ කෙනෙක් හිටයා නම් හෙල්පින්ග් හම්බන්තොටට වෙච්චි දේ තමයි වෙන්නේ?
දහසය වතාවක් IMF ගිහිල්ලත් බංකොළොත් වුණු රට මේ බිලියන 2.9ත් එක්ක රටේ ආර්ථික අර්බුදය අවසන් වෙයි කියලා චීන බළල් පැටියෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. රට ගොඩගන්න නම් නීතියේ ආධිපත්‍යය හදන්න පාදඩ පාපතර හොර රැලට දඬුවම් දීලා දූෂණය නැති කරන්න පියවර ගනිව්...
ඒ කියන්නේ රට දාලා ගිය අයට පුළුවන්ද එයාලගේ ලංකාවේ සල්ලි ටික පිටරටට ගෙන්න ගන්න...?
මෙයත් හොර නඩයෙම මෙම්බෙර් කෙනෙක් තමා....
ණය ලැබෙනවා කියන්නේ හෝ තව ණය ගන්නවා කියන්නේ අපි තව තවත් ණය උගුලේ පැටලෙනවා, අනාගතේ තව තවත් අවිනිශ්චිත කියන එක නමුත් මහබැංකු අධිපති හිතාගෙන ඉන්නවා ඇත්තේ ලංකාවට ලොටෝ එකක් ඇදුනා කියලා වෙන්න ඇති.
මහ බැංකුව නිතරම කටයුතු කරන්නේ රටේ පවතින ආණ්ඩුවට අනර්ථයක් නොවන අයුරිනි. බොහෝවිට රජයට පක්ෂපාතීව කරුණු ඉදිරිපත් කෙරෙන්නේ එබැවිනි. දැනටත් එසේ වෙනවා විය හැකියි. මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා දැන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ එහෙයිනි. පවතින ආණ්ඩුවේ හොරණෑවක් වීමෙන් වැළකී ස්වාධීනව තමන්ගේ පුරෝකථන හා විශ්ලේෂණ කිරීමට නම් මහ බැංකුව ස්වාධීන ආයතනයක් විය යුතුමයි. එහෙත් යෝජිත පනත් කෙටුම්පත සකසා තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත් මහ බැංකුව ස්වාධීන නොවෙයි. ඒ කෙටුම්පත එලෙසම සම්මත වුණොත් මහ බැංකුවට දැනට තිබෙන සාපේක්ෂ ස්වාධීනතාවයක් නැති වී එය මුදල් අමාත්‍යවරයාගේ රූකඩයක් බවට පත්වෙයි. වාණිජ බැංකු මිලදී ගන්නා විදේශ විනිමයෙන් සියයට 25ක් මහ බැංකුවට විකිණිය යුතු බවට මහ බැංකුව ගෙන තිබූ තීරණය වෙනස් නොකර පවත්වාගෙන ගියා නම් ඩොලරයේ වටිනාකම පහළ නොයයි. ඒ සියයට 25 සීමාව සියයට 15 දක්වා අඩු කිරීමට තරම් සාධාරණ හේතුවක් මහ බැංකුවට නොතිබිණි. රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තවමත් තිබෙන්නේ ඉතාමත් අඩු මට්ටමකය. ඛනිජ තෙල්, ඖෂධ, ගල් අඟුරු, එල්.පී. ගෑස් යනාදිය මිලදී ගැනීමට මහ බැංකුව දැනටත් රජයට විදේශ විනිමය සැපයිය යුතුයි...
රට තුල ආධායම් උත්පාදන වැඩපිලිවෙලක් නෑ.නිශ්පාදන අපනයන වැඩපිලිවෙලක් නෑ.මේ හම්බෙන්නේ ණයක් මිසක් ප්‍රධානයක් නොවන බව ජනතාවට වැටහේවා.පාලක අම්බරුවෝ රැලටනං ඉතින් රජ මගුල්.
එක්කො imf එකේ උන්ටත් පිස්සු.මේ වගේ හොර රැලකගෙ හැටි දැනගෙන මෙහෙමත් ණය දෙන්න .
අපේ මිනිස්සු ජාතිය ණය උගුලෙන් මූදාගනිමු
හිතා ඉන්නේ ඔක්ක්ම හරි කියලා වතුර බිල ලග්‍යිට් බිල....සැප අති.......කාලකන්නී පාලකයන් ට