IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පුංචි ඡන්දෙට පෙර ජනපතිවරණයක්

(ලාල්.එස් කුමාර සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී 18 දා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම් .

ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි . අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නැ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ .ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.

 



අදහස් (24)

පුංචි ඡන්දෙට පෙර ජනපතිවරණයක්

Sas Sunday, 19 March 2023 10:20 AM

මේ කථා සියල්ලම කරන්නේ මැතිවරණ කල්දැමීම සාධාරණීකරණය කිරීමටයි. ජනාධිපතිවරණයෙන් නුදුරු අනාගතයේ දී පැවැත්වෙන්නේ නැහැ.

:       48       68

චින්තක Sunday, 19 March 2023 10:23 AM

සෑම වසරකම නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 දක්වා කාලයේ රවි ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කරනවා. මෙය රාජ්‍ය නායකයින්ගේ හිතුවක්කාර හා මෝඩකම් නිසා රටවැසියන්ට පීඩා ඇතිකරවන තත්වයක් වෙනවා. මේ කාලයේ රාජ්‍ය නායකයින් වගේම රටවැසියන්ද දුරදිග නොබලා කටයුතු කරන අවිචාරවත්ම කාලයක් කියන්න පුළුවන්...

:       57       17

Ajantha Sunday, 19 March 2023 10:25 AM

මොන ඡන්දෙ තිබුණත් ඔයාලට බඩු හම්බවෙනවා..

:       37       80

නිමේෂ් Sunday, 19 March 2023 11:10 AM

මේ සැරේ අපේ විදුලි බිල ආපහු 2 ගුණයකටත් වඩා වැඩි ගුණයකින් වැඩිකරලා, අපිට මොකක් හරි මැතිවරණයක් ඕනේ මේ පිනා සහ පොහොට්ටු හොරු රැලව එළවන්න... කිසිම ජනවරමක් නැති මේ හොරු රැළ දැන් මේ කරන්නේ මේ රටේ මිනිසුන්ව බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයට තියන් ඉන්නවා වගේ වැඩක්...

:       44       71

sukitha Sunday, 19 March 2023 11:46 AM

මෙහෙම එකඑක කතා කියලා ඉන්න පුළුවන්ද? ඔය වචනවලට වගකීමක් නැද්ද? මෙම අදහස ගැන රජය මොකද කියන්නේ? ජනතාව තමුන්ලට විහිළුවක්ද? ජනතාව හැටියට අපි මේ කතාවෙන් ගත යුත්ත මොකක්ද? එහෙම ගතයුත්තක් නැතිනම් මෙයින් ජනතාව පීඩනයට පත්වෙන්නේ නැතිද? තමුන් සර්ව බලධාරිද?

:       23       35

de silva Sunday, 19 March 2023 12:33 PM

කිව්වොත් කියන්නේ අර ධම්මික පැණිය වගේ හරයක් නැති බොරුවක්. මේක බොරුවක් බව කුඩා ළමයෙකුට වුණත් වැටහෙනවා. මෙවැනි ඇමතිවරු සමග මේ ආර්ථික අගාධයෙන් ගොඩයන්න බැහැ. උද්ඝෝෂකයෝ හරි. අපෙන් ගන්න බදු මුදල්වලින් මෙවැනි විකටයන් නඩත්තු කරන එක සාධාරණද?

:       4       22

Buddika Sunday, 19 March 2023 12:42 PM

බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන්නේ මේකට. මෙහෙම අයවද පාර්ලිමේන්තු යවන්නේ මිනිස්සු? ඡන්දය කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක්. මුන් කුණු විදියට පරාද වෙන බව දන්න නිසා මේවා නොපවත්වන්නේ. මේ හැමෝටම පිළිතුරු මිනිස්සු ලබා දෙනවා ඉදිරි මහ ඡන්දෙකදි.

:       3       21

nirupa Sunday, 19 March 2023 12:49 PM

මේක බොරුවක් නම් මොහුගේ රෙදි ගැලවෙන තෙක් ප්‍රශ්න කරමින් රජයේ ස්ථාවරය විමසමින් අවසානය දක්වා විමර්ශනය කිරීම මාධ්‍යයේ වගකීමයි.

:       5       36

Rata Perata Sunday, 19 March 2023 01:10 PM

මම හැමදාම කියනව වගේ එජාපයට කරපු දේ මෙයා රටටත් කරනවා. මෙයා කවුද මේවා කියන්. රටට හරි නායකත්වයක් නැති කම හොඳට පේනව නේද? රනිල් කියන්නේ කිසිම පෞරුෂයක් නැති අදක්ෂ කෙනෙක්. මිනිහට පවතින්න නම් තනතුරක් ඕනි. නැත්නම් ගමේ පොල්කඩන එකා හොඳයි එයාට වැඩිය.

:       7       22

sarath Sunday, 19 March 2023 01:50 PM

ඡන්දේ අප්‍රේල් මාසයේ තිබ්බේ නැතිනම් මිනිස්සු කොළඹ ඇවිත් ගෝඨාව යැව්වා වගේ රනිල් රාජපක්ෂ සහ හොරු සෙට් එක ගෙදර යවාවි.

:       15       37

charith Sunday, 19 March 2023 02:04 PM

මොවුන්ගේ ඇමතිකම පැණි ධම්මිකට දුන්න නම් මෙයිට වැඩි හොඳයි. බොරුව වුණත් ක්‍රෙම්කට කරන්න ඔහු දන්නවා. මෙයාලට පුළුවන්ද රට ගොඩගන්න.

:       2       15

fairoos Sunday, 19 March 2023 02:14 PM

මේ වගේ අයට ළඟදීම ෂොට් එක හම්බවෙනවා. ඡන්දයක් ඕනි නෑ. නන්දසේනව පැන්නුව වගේ තමයි ඉතුරු සෙට් එකම පන්නන්න වෙන්නේ.

:       4       21

ගමේ එකාලා Sunday, 19 March 2023 03:21 PM

කොරෝනා කාලේ බොරු බේගල් ගහලා ජනතාව ඇන්දුවා, ධම්මික පැණිය ගැන කියලා. මෙයා කියන ටොම්පච විශ්වාස කරන අය දැන් නැහැ...!

:       1       14

Chathuri Sunday, 19 March 2023 05:06 PM

මොවුන්ට ඕනවිදියට චන්දය කල්දමනවා කියන්නෙ මුනුත් එක්කම මුන්ගෙ ගෙවල් නැවත ගිනිගන්න ලගයි කියන එක. පලාත් පාලන කිරියාකාරින් විතරක් නෙමෙ රටට බර. මෙ මෝඩ නාකි නුගත් නඩේ. මුන්ව හිරගෙදරට අරින්න තරම් වත් සුදුසු නැහැ. ඒතනත් මුන්ට සැප. මුන්ට දම්වැල් දමලා මද කිපුනු අලියන්වගෙ. ගාල් කරන්න ඕන. රනිල් ව වහාම අත් අඩංගුවට ගන්න ඕන. ලොකුම මුදල් වන්චාව කරපු කෙනා. මේකට මොලයක් තියෙනවානම් සිගප්පුරුවේ ඉන්න හොරෙක්ට මුදල් ඇමතිකම. දෙයිද. රටේ උගත් දරුවෝ මහ පාරේ. රනිල් කලිසම උස්ස උස්ස. හුරතල් වෙනවා. මිනිසුන්ට දෙන ගින්දර වලට බලන් හිට්පන් වෙනදේ. බන්කර හදන්න කල් ඕන නිසා වෙන්න ඇති චන්දෙ කල් දමන්නෙ. ඔයනඩේ දිහා. බුදුහමුදුරුවෝ බලන්නෙ නැහැ.

:       5       13

sarath Sunday, 19 March 2023 05:13 PM

විකාර කතා කරනවා. මිනිස්සු දැන් මේ ගොල්ලන්ට දකින දකින තැන හූ කියන්න පටන් අරන්. හෙට අනිද්දා අහුවෙන දෙයකින් දමලා ගහන්න පටන් ගනීවි. පාරේ යන්න බැරි වේවි. ඉන්න වෙන්නේ ගාඩ් එක දමාගෙන මන්ත්‍රී නිවාසෙ. පාර්ලිමේන්තු යන්න වෙන්නේ ශාල ගාඩ් එකක් දාගෙන.

:       2       13

de silva Sunday, 19 March 2023 05:14 PM

අර කොරෝනා කාලේ ධම්මික පැණිය හදපු ඔයාගේ යාළුවා දැන් කොහෙද?

:       2       14

විපරමා Sunday, 19 March 2023 06:08 PM

පළාත් පාලන චන්දෙ තියන්ඩ බය පින් ජනපතියා ජනාධිපතිවරණයකට යයිද ? දේසපාලුවෝ තරම් ජනතාව අන්දවන උන් කොහෙවත් නැතුව ඇති .

:       1       0

lakvidu Sunday, 19 March 2023 06:25 PM

සුවධරණියක් උස්සගෙන රටේ සල්ලි ගිලිනවා.

:       1       0

Kumara Sunday, 19 March 2023 06:42 PM

මොන ඡන්දයෙන් ආවත්, නුඹලාව වනගත කරලයි... රටේ ජනතාව නතර වෙන්නේ.

:       1       0

ranjith Sunday, 19 March 2023 07:14 PM

ජනාධිපතිවරණය හරි ආවොත්, රට බංකොළොත් කරලා..., බඩුමිල වැඩිකරලා, බදුබර පටවලා, විදුලිබිල වැඩිකරලා, රෝහල්වල බෙහෙත් නැති කරලා... ජනතාවට කරපු හිරිහැර වලට කළගුණ සලකන්න පුළුවන්...

:       1       1

de silva berlin Sunday, 19 March 2023 07:35 PM

මේ අය හැසිරෙන්නේ ලංකාව ඔවුන්ගේ අම්මා අප්පගේ බූදලයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔවුන්ගේ ගෙදර දෙයක් වගේ කියලා හිතාගෙන... යුරෝපීය රටක මෙහෙම කළා නම් මොවුන් ඉන්නේ හිරේ. අසල්වාසී ඉන්දියාවෙත් කලට, වේලාවට ඡන්දය තියනවා.

:       1       2

Chandima Sunday, 19 March 2023 08:56 PM

ඇමක් දෙන්න වගේ යන්නේ...!

:       1       1

Demuni de Silva Monday, 20 March 2023 05:30 AM

තවමත් බලධාරීන් විසින් අපට නිල වශයෙන් දැනුම් දී නැත! එසේ නම්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මේ දක්වා පළාත් පාලන මැතිවරණයේ පිරිවැය රජයට දැනුම්දී තහවුරු කළ යුතුය!

:       0       1

Thushara Monday, 20 March 2023 06:25 PM

අපි මැතිවරණ කල් දාන්නේ නෑ. හැබැයි තියන්නෙත් නෑ... මාර තර්ක...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 609 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 229 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 349 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 84 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 200 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 201 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1054 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1449 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site