(ලාල්.එස් කුමාර සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී 18 දා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.
මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම් .
ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි . අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නැ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ .ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කථා සියල්ලම කරන්නේ මැතිවරණ කල්දැමීම සාධාරණීකරණය කිරීමටයි. ජනාධිපතිවරණයෙන් නුදුරු අනාගතයේ දී පැවැත්වෙන්නේ නැහැ.
සෑම වසරකම නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 දක්වා කාලයේ රවි ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කරනවා. මෙය රාජ්‍ය නායකයින්ගේ හිතුවක්කාර හා මෝඩකම් නිසා රටවැසියන්ට පීඩා ඇතිකරවන තත්වයක් වෙනවා. මේ කාලයේ රාජ්‍ය නායකයින් වගේම රටවැසියන්ද දුරදිග නොබලා කටයුතු කරන අවිචාරවත්ම කාලයක් කියන්න පුළුවන්...
මොන ඡන්දෙ තිබුණත් ඔයාලට බඩු හම්බවෙනවා..
මේ සැරේ අපේ විදුලි බිල ආපහු 2 ගුණයකටත් වඩා වැඩි ගුණයකින් වැඩිකරලා, අපිට මොකක් හරි මැතිවරණයක් ඕනේ මේ පිනා සහ පොහොට්ටු හොරු රැලව එළවන්න... කිසිම ජනවරමක් නැති මේ හොරු රැළ දැන් මේ කරන්නේ මේ රටේ මිනිසුන්ව බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයට තියන් ඉන්නවා වගේ වැඩක්...
මෙහෙම එකඑක කතා කියලා ඉන්න පුළුවන්ද? ඔය වචනවලට වගකීමක් නැද්ද? මෙම අදහස ගැන රජය මොකද කියන්නේ? ජනතාව තමුන්ලට විහිළුවක්ද? ජනතාව හැටියට අපි මේ කතාවෙන් ගත යුත්ත මොකක්ද? එහෙම ගතයුත්තක් නැතිනම් මෙයින් ජනතාව පීඩනයට පත්වෙන්නේ නැතිද? තමුන් සර්ව බලධාරිද?
කිව්වොත් කියන්නේ අර ධම්මික පැණිය වගේ හරයක් නැති බොරුවක්. මේක බොරුවක් බව කුඩා ළමයෙකුට වුණත් වැටහෙනවා. මෙවැනි ඇමතිවරු සමග මේ ආර්ථික අගාධයෙන් ගොඩයන්න බැහැ. උද්ඝෝෂකයෝ හරි. අපෙන් ගන්න බදු මුදල්වලින් මෙවැනි විකටයන් නඩත්තු කරන එක සාධාරණද?
බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන්නේ මේකට. මෙහෙම අයවද පාර්ලිමේන්තු යවන්නේ මිනිස්සු? ඡන්දය කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක්. මුන් කුණු විදියට පරාද වෙන බව දන්න නිසා මේවා නොපවත්වන්නේ. මේ හැමෝටම පිළිතුරු මිනිස්සු ලබා දෙනවා ඉදිරි මහ ඡන්දෙකදි.
මේක බොරුවක් නම් මොහුගේ රෙදි ගැලවෙන තෙක් ප්‍රශ්න කරමින් රජයේ ස්ථාවරය විමසමින් අවසානය දක්වා විමර්ශනය කිරීම මාධ්‍යයේ වගකීමයි.
මම හැමදාම කියනව වගේ එජාපයට කරපු දේ මෙයා රටටත් කරනවා. මෙයා කවුද මේවා කියන්. රටට හරි නායකත්වයක් නැති කම හොඳට පේනව නේද? රනිල් කියන්නේ කිසිම පෞරුෂයක් නැති අදක්ෂ කෙනෙක්. මිනිහට පවතින්න නම් තනතුරක් ඕනි. නැත්නම් ගමේ පොල්කඩන එකා හොඳයි එයාට වැඩිය.
ඡන්දේ අප්‍රේල් මාසයේ තිබ්බේ නැතිනම් මිනිස්සු කොළඹ ඇවිත් ගෝඨාව යැව්වා වගේ රනිල් රාජපක්ෂ සහ හොරු සෙට් එක ගෙදර යවාවි.
මොවුන්ගේ ඇමතිකම පැණි ධම්මිකට දුන්න නම් මෙයිට වැඩි හොඳයි. බොරුව වුණත් ක්‍රෙම්කට කරන්න ඔහු දන්නවා. මෙයාලට පුළුවන්ද රට ගොඩගන්න.
මේ වගේ අයට ළඟදීම ෂොට් එක හම්බවෙනවා. ඡන්දයක් ඕනි නෑ. නන්දසේනව පැන්නුව වගේ තමයි ඉතුරු සෙට් එකම පන්නන්න වෙන්නේ.
කොරෝනා කාලේ බොරු බේගල් ගහලා ජනතාව ඇන්දුවා, ධම්මික පැණිය ගැන කියලා. මෙයා කියන ටොම්පච විශ්වාස කරන අය දැන් නැහැ...!
මොවුන්ට ඕනවිදියට චන්දය කල්දමනවා කියන්නෙ මුනුත් එක්කම මුන්ගෙ ගෙවල් නැවත ගිනිගන්න ලගයි කියන එක. පලාත් පාලන කිරියාකාරින් විතරක් නෙමෙ රටට බර. මෙ මෝඩ නාකි නුගත් නඩේ. මුන්ව හිරගෙදරට අරින්න තරම් වත් සුදුසු නැහැ. ඒතනත් මුන්ට සැප. මුන්ට දම්වැල් දමලා මද කිපුනු අලියන්වගෙ. ගාල් කරන්න ඕන. රනිල් ව වහාම අත් අඩංගුවට ගන්න ඕන. ලොකුම මුදල් වන්චාව කරපු කෙනා. මේකට මොලයක් තියෙනවානම් සිගප්පුරුවේ ඉන්න හොරෙක්ට මුදල් ඇමතිකම. දෙයිද. රටේ උගත් දරුවෝ මහ පාරේ. රනිල් කලිසම උස්ස උස්ස. හුරතල් වෙනවා. මිනිසුන්ට දෙන ගින්දර වලට බලන් හිට්පන් වෙනදේ. බන්කර හදන්න කල් ඕන නිසා වෙන්න ඇති චන්දෙ කල් දමන්නෙ. ඔයනඩේ දිහා. බුදුහමුදුරුවෝ බලන්නෙ නැහැ.
විකාර කතා කරනවා. මිනිස්සු දැන් මේ ගොල්ලන්ට දකින දකින තැන හූ කියන්න පටන් අරන්. හෙට අනිද්දා අහුවෙන දෙයකින් දමලා ගහන්න පටන් ගනීවි. පාරේ යන්න බැරි වේවි. ඉන්න වෙන්නේ ගාඩ් එක දමාගෙන මන්ත්‍රී නිවාසෙ. පාර්ලිමේන්තු යන්න වෙන්නේ ශාල ගාඩ් එකක් දාගෙන.
අර කොරෝනා කාලේ ධම්මික පැණිය හදපු ඔයාගේ යාළුවා දැන් කොහෙද?
පළාත් පාලන චන්දෙ තියන්ඩ බය පින් ජනපතියා ජනාධිපතිවරණයකට යයිද ? දේසපාලුවෝ තරම් ජනතාව අන්දවන උන් කොහෙවත් නැතුව ඇති .
සුවධරණියක් උස්සගෙන රටේ සල්ලි ගිලිනවා.
මොන ඡන්දයෙන් ආවත්, නුඹලාව වනගත කරලයි... රටේ ජනතාව නතර වෙන්නේ.
ජනාධිපතිවරණය හරි ආවොත්, රට බංකොළොත් කරලා..., බඩුමිල වැඩිකරලා, බදුබර පටවලා, විදුලිබිල වැඩිකරලා, රෝහල්වල බෙහෙත් නැති කරලා... ජනතාවට කරපු හිරිහැර වලට කළගුණ සලකන්න පුළුවන්...
මේ අය හැසිරෙන්නේ ලංකාව ඔවුන්ගේ අම්මා අප්පගේ බූදලයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔවුන්ගේ ගෙදර දෙයක් වගේ කියලා හිතාගෙන... යුරෝපීය රටක මෙහෙම කළා නම් මොවුන් ඉන්නේ හිරේ. අසල්වාසී ඉන්දියාවෙත් කලට, වේලාවට ඡන්දය තියනවා.
ඇමක් දෙන්න වගේ යන්නේ...!
තවමත් බලධාරීන් විසින් අපට නිල වශයෙන් දැනුම් දී නැත! එසේ නම්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මේ දක්වා පළාත් පාලන මැතිවරණයේ පිරිවැය රජයට දැනුම්දී තහවුරු කළ යුතුය!
අපි මැතිවරණ කල් දාන්නේ නෑ. හැබැයි තියන්නෙත් නෑ... මාර තර්ක...!