(රංජන් කස්තුරි සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේ ඉහත නියෝගය නිකුත් කළේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලක්මිණි වරුසෙවිතාන සමඟ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑ‘
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 February 2023 02:00 PM
තවම රටේ පාලන බලය තියෙන්නේ, රට බංකොලොත් කළ දූෂිත පවුල් පාලනය අතේ. ඒත්, ඔවුන් ඉන්නේ ඉතාමත් ආරක්ෂාකාරීව තිරය පිටුපසට වෙලා. ඒ නිසා රට කෑ දූෂිතයින් පන්නා දමා ජනතාවට කැමැති රජයක් පත්කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි.
SenakaSunday, 12 February 2023 07:06 AM
රජයක් පත්කරගන්න? පළාත් සභා ඡන්දෙන්? අහිංසක මෝඩ මිනිස්සු රවට්ටලා සුර ලෝක පෙන්නලා, කෑම බෙහෙත් ගෙන්නන්න තියෙන සොච්චමටත් කෙලවලා, තමන්ගේ ත්‍රස්තවාදි පක්ෂයේ බලේට ගේන්න දරන මහන්සියක්...!
සෙනෙවිරත්න Friday, 10 February 2023 02:08 PM
රනිල්, මහින්ද කල්ලියේ පරාජයක්...!
Hafeel Friday, 10 February 2023 02:27 PM
ජනවරමක් නැති රනිල් ආණ්ඩුව ඡන්දය කල්දාන්න ගත්තු උත්සාහය සේරම මේ වෙනවිට අසාර්ථකයි. ජනවරමක් නැති රනිල්ට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ... සහ විශ්වාස නැති නිසා රටවිරුවන්ගේ සහයෝගයත් ලැබෙන්නේ නැහැ.
ranjith Friday, 10 February 2023 02:32 PM
රට කෙටිකාලෙකින් බංකොළොත් කරලා... සල්ලි නැහැ. ඡන්දෙ තියන්නේ නැහැ. අපිම බලේ ඉන්නම් කියන එක මොනතරම් අසීලාචාර වැඩක්ද? මේ රටේ දුක්විඳින ජනතාවට රට ගොඩගන්න පුළුවන් කණ්ඩායමකට රට බාරදෙන්න තමන්ගේ ඡන්දය අවහිර කරන එකත් මේ වෙලාවේ පාපයක්...
siri Friday, 10 February 2023 03:20 PM
එක්කෙනෙකුට ඡන්දෙ එපා කියලා, කෝටි එකහමාරක් විතර ඡන්ද දායකයන්ගේ මූලික අයිතිවාසිකම් උදුරාගන්න පුළුවන්ද?
Sunil Friday, 10 February 2023 06:24 PM
අලි, පොහොට්ටු අසුද්ධ හවුලේ මළගම දැන් ඉතාමත් ආසන්නයි. නමුත් මේ කාලකණ්ණි විනාශ කළ රට ගොඩ නැගීමට තව දශක කීපයක් ගතවනු ඇත...
sirisena Friday, 10 February 2023 08:06 PM
පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් සහ මුදල් නොමැති නිසාත්, මැතිවරණයෙන් පසු ඔවුන්ගේ වියදම් සඳහා මුදල් නොමැති නිසාත්, මෙම මැතිවරණයෙන් මැතිවරණයක් පවත්වා සතුටුවිය හැකි වුවත් ප්‍රතිඵල ලබාදිය නොහැකි නිසාත් රටට කිසිඳු වෙනසක් සිදු නොවන නිසාත් මේ මැතිවරණය පැවැත්වීම කල්දැමිය යුතුවේ.
Perera Saturday, 11 February 2023 11:41 AM
රනිල් රාජපක්ෂ රජය මොන අයුරින් හෝ දිනාගන්න බැරිනම් කිසිම මැතිවරණයක් මින්පසු තියන්නේ නැත...
Gunasinghe Saturday, 11 February 2023 06:21 PM
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විසුරුවන්නේ ඡන්දය ඉවර වෙලාද?