(රංජන් කස්තුරි සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේ ඉහත නියෝගය නිකුත් කළේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලක්මිණි වරුසෙවිතාන සමඟ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම රටේ පාලන බලය තියෙන්නේ, රට බංකොලොත් කළ දූෂිත පවුල් පාලනය අතේ. ඒත්, ඔවුන් ඉන්නේ ඉතාමත් ආරක්ෂාකාරීව තිරය පිටුපසට වෙලා. ඒ නිසා රට කෑ දූෂිතයින් පන්නා දමා ජනතාවට කැමැති රජයක් පත්කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි.
රනිල්, මහින්ද කල්ලියේ පරාජයක්...!
ජනවරමක් නැති රනිල් ආණ්ඩුව ඡන්දය කල්දාන්න ගත්තු උත්සාහය සේරම මේ වෙනවිට අසාර්ථකයි. ජනවරමක් නැති රනිල්ට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ... සහ විශ්වාස නැති නිසා රටවිරුවන්ගේ සහයෝගයත් ලැබෙන්නේ නැහැ.
රට කෙටිකාලෙකින් බංකොළොත් කරලා... සල්ලි නැහැ. ඡන්දෙ තියන්නේ නැහැ. අපිම බලේ ඉන්නම් කියන එක මොනතරම් අසීලාචාර වැඩක්ද? මේ රටේ දුක්විඳින ජනතාවට රට ගොඩගන්න පුළුවන් කණ්ඩායමකට රට බාරදෙන්න තමන්ගේ ඡන්දය අවහිර කරන එකත් මේ වෙලාවේ පාපයක්...
එක්කෙනෙකුට ඡන්දෙ එපා කියලා, කෝටි එකහමාරක් විතර ඡන්ද දායකයන්ගේ මූලික අයිතිවාසිකම් උදුරාගන්න පුළුවන්ද?
අලි, පොහොට්ටු අසුද්ධ හවුලේ මළගම දැන් ඉතාමත් ආසන්නයි. නමුත් මේ කාලකණ්ණි විනාශ කළ රට ගොඩ නැගීමට තව දශක කීපයක් ගතවනු ඇත...
පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් සහ මුදල් නොමැති නිසාත්, මැතිවරණයෙන් පසු ඔවුන්ගේ වියදම් සඳහා මුදල් නොමැති නිසාත්, මෙම මැතිවරණයෙන් මැතිවරණයක් පවත්වා සතුටුවිය හැකි වුවත් ප්‍රතිඵල ලබාදිය නොහැකි නිසාත් රටට කිසිඳු වෙනසක් සිදු නොවන නිසාත් මේ මැතිවරණය පැවැත්වීම කල්දැමිය යුතුවේ.
රනිල් රාජපක්ෂ රජය මොන අයුරින් හෝ දිනාගන්න බැරිනම් කිසිම මැතිවරණයක් මින්පසු තියන්නේ නැත...
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විසුරුවන්නේ ඡන්දය ඉවර වෙලාද?