IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මුදල් වැය කිරීම අවශ්‍යම දේට පමණයි

(අංජුල මහික වීරරත්න)

 රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන ලබාදෙන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතුරු මෙම  පියවර අනුගමනය කරන ලෙස ලෙසද ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන්ය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අදාළ උපදෙස් ලබාදී තිබේ.



අදහස් (10)

මුදල් වැය කිරීම අවශ්‍යම දේට පමණයි

sene Wednesday, 08 February 2023 03:25 PM

ඔය කියන්නෙ ච්න්දයට මුදල් නැති බවද ? නොදෙන බවද ?

:       42       21

වීරසිංහ Wednesday, 08 February 2023 04:58 PM

ඡන්දය සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කිරීමට කියලා මම හිතන්නේ.. අනෙක් අනවශ්‍ය වියදම් කැපුවාම ඉතිරිවන මුදල් ඡන්දෙට ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට සමහරක් නිලධාරින් සඳහා දුරකථන පහසුකම් රජයෙන්ම දෙන්නේ සේවාලාභීන්ට පහසුකම් සැලසීමට තමයි. ඒත් සමහරක් නිලධාරින් බොහෝවිට දුරකථන විසංධි කරලා තියෙන්නේ මේ කාලයේ විශ්‍රාමිකයින් සඳහා ජීවිත සහතික අත්සන් කරන්න කියලා තියෙනවා. සමහර ප්‍රදේශවල ග්‍රාම නිලධාරින් ඉතාමත් හොඳයි. ඔවුන් තමන්ගේ කොට්ඨාශයේ විශ්‍රාමිකයින් දුරකථන මගින් දැනුවත් කළා. නමුත් පිරිසක් ඒක කළේම නැහැ. එමනිසා ඔවුන්ට එම දීමනා කපන්න ඕනෑ. එහෙම අනවශ්‍ය අයට අනවශ්‍ය දේවල් අයින්කරන්න ඕන තවත් පිරිසක් ඉන්නවා... සතියේ දිනවල රාජකාරි නොකර නිවාඩු දිනවල රාජකාරි සඳහා යනවා... නිවාඩු දින වැටුප් ගමන් වියදම් ගන්නවා... ඒවා පලාබබාලා තමයි කරන්නේ... මේවා නිතර දකින දේවල් තමයි.

:       21       9

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 February 2023 03:46 PM

ජනපති තුමනි,ඔබතුමා අත ඇත්තේ රටේ විධායක බලයයි. එසේ හෙයින් රටේ මුදල් හොරකම් කල පොහොට්ටුවන් හා ඔවුන්ගේ හෙන්චයන්ගේ අයථා ලෙස ඉපැයූ සියලු දේ නැවත පවරා ගන්න.පැන්ඩෝරා දේපළ හා මුදල්,වෙනත් රටවල ඇති වත්කම් ඔබතුමා සතු විධායක බලතල යොදවා පවරා ගන්න.ඔබතුමා එසේ කළහොත් පොහොට්ටු හොරුන් හැර රටේ සියලුම ජනතාව ඔබතුමා වටා එක්රැස් වනු ඇත.අනෙකුත් පක්ෂ නායකයන් නිරුත්තර වනු ඇත.ඒ වගේම ජනතා මතය අනුව ඔබතුමාට රටේ ජනතාව කිසිදු විවාදයක් නැතිව නැවත පාලන බලය ලැබදෙනු ඇත. සතුරන් මිතුරු වනු ඇත.රට සාමකාමී වනු ඇත.සිදුවිය යුත්තේ එයයි.එවිට අයි එම් එෆ් සහාය අවශ්‍ය නොවනු ඇත.

:       44       25

Hafeel Wednesday, 08 February 2023 04:25 PM

ඔබතුමාගේ ආදහස් නම් හොඳයි. නමුත් පොහොට්ටුවේ හොරුන් සහ අර ඔබ කියපු පැන්ඩෝරා හොරුන් තමයි ඔහුව ජනාධිපති කරලා තියන්නෙත්. ඉතින් ප්‍රායෝගික එහම කරාවිද? එක් හොරක් තවත් හොරක්ට දඬුවම් දේවි කියල විශ්වාස කරන්න බැහැ. පොහොට්ටුවේ, ස ජ බ, රිශාර්ඩ් හකීම්ලාගේ දුෂිතයන්ගේ සහයෝගය නැත් නම්, අද මෙයා ජනාධිපති වෙන්නත් නැහැ.

:       34       19

senaWednesday, 08 February 2023 04:33 PM

අනේ ඔයා කියන කල්නේ හිටියේ හොරු අල්ලන්න. හෙට ඉඳලා ජනාධිපතිතුමා හොරු අල්ලයි...

:       5       29

සත්‍ය ගවේෂී.Wednesday, 08 February 2023 05:34 PM

එහෙමවත් කියන්න ඔයාට බැරිවුණානේ.. අදහසක වටිනාකමට හෝ ගරු කරන්න දන්නේ නැති අය..

:       16       8

ganegoda Wednesday, 08 February 2023 03:57 PM

හොරකම් කරන හැටි ගැන කිව්වනම් පිලිගන්නවත් තිබුන

:       4       17

ලුම්බිණි Wednesday, 08 February 2023 05:32 PM

නිදහස් උත්සවය කියලා ඔයගොල්ලන් ඔයගොල්ලන්ටම ෂෝ එකක් කළේ අවශ්‍යම වියදමක් නිසාද...?

:       22       12

අරවින්ද මොණරවිල Wednesday, 08 February 2023 05:59 PM

රටේ නැති නිදහසක් සමරන්න කෝටි ගාණක මුදල් විනාශ කරලා, වැඩකට නැති හොරුන්ට ඇමතිකම් දෙමින් ඔවුන්ව තරකරන ගමන් කියනවා... මුදල් වියදම් කරන්නේ අවශ්‍යම දේට පමණයි කියලා. පිස්සුද නැත්නම් හැටිද කියලා හොයලා බලන්න වෙනවා...

:       0       8

PODDA Wednesday, 08 February 2023 06:43 PM

මුදල් වියදම් කිරීම අවශ්‍ය දේට පමණි. ජනපති කියයි. අදහස හොඳයි ඉක්මන් කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ 225ට වැටුප් දීමනා වරප්‍රසාද නැතිවෙයි නේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site