(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහල දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5) පෙරවරුවේ පැවසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 134 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 61 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (5) සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
මෙම නව මිල සංශෝධනය සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් දක්වා ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ සුවඳ ගෑස්වලින් හමයි...
ජයවේවා. 2048 වර්ෂයේ දී සංවර්ධිත රටක් බවට පත් කිරීමේ පළමු පියවර ආරම්භ කළ වගයි. රෙද්දක් ඇඳගෙන ඡන්දෙ ඉස්ලන්න යූඒනපී හෝ පොහොට්ටුවට පුළුවන්ද? නිදහස ලබා 75 වසරක්. එදා ඉඳලා දේශපාලක හැත්ත මේ රට කෑවා විනාශ කළා. අපිට පස්සෙන් හිටපු රටවල් අද ගව් ගාණක් අපිට ඉදිරියෙන්. දේශපාලකයෝ පරම්පරා ගාණකට පෝසත් වෙද්දී අද මිනිස්සු තුන්වේල කන්න නැතිව දුක් විඳිනවා. මහ ලොකුවට කයිවාර් ගහනවා නිදහස දිනා 75 වසරක් කියලා. කෝ ඔය කියන නිදහස? එංගලන්ත යටත් විජිතයක් විදියට තිබ්බ නම් අද මේ රට දියුණු රටක් කරලා. අපේ මිනිස්සසු ඉංග්‍රීසි කතා කරනවා. ඒ අධ්‍යාපන ක්‍රමය යටතේ. අපේ ළමයින්ට එංගලන්තෙට ගිහින් ඉගෙන ගන්න අවස්ථාව තිබ්බා එහෙම වුණා නම්. මිනිස්සුන්ගේ නිදහස විනාශ කරලා රට බංකොළොත් කරලා මහ ලොකු නිදහස සමරන්නේ.
නිදහස සමරපු ගමන්ම...?
නිදහසනේ....
අද ලිට්‍රෝ 334 කින් ඉහළ යනවිට හෙට 06 ලාෆ් ඉහළ යන්න සාකච්ඡා පවත්වනවා.. ගෑස් කම්පැනි දෙකෙන් බැලුවාම අද ලිට්‍රෝ කොහොමත් 334න් ඉහළ ගියත් අද ලාෆ් ගෑස් මිල එක්ක බැලුවත් ලිට්‍රෝ ගෑස් මිල අඩුයි. එනිසා පහුගිය කාලේ එක්ක බැලුවාම ගෑස් මිල අඩුයි.. තිබූ තත්වය එක්ක... එනිසා ආප්ප මිල, ප්ලෙන්ටි මිල වැඩි කරන්න බැහැ.. මොකද පෙර ඉහළ මිලට සාපේක්ෂව මිල එවාගේ අඩු නොකළ නිසා බස් ගැමුණු වගේ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් ඒවි මයික් ටයිසන් වෙලා.. රජය වගකිවයුතුයි කියාගෙන එවා බොරු බයිලා..