IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගෑස් යළි නගී

(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහල දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5) පෙරවරුවේ පැවසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග  කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 134 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 61 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (5) සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
මෙම නව මිල සංශෝධනය සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් දක්වා ඉහළ ගියේය.

 
 



අදහස් (6)

ගෑස් යළි නගී

Sisira Sunday, 05 February 2023 12:05 PM

නිදහසේ සුවඳ ගෑස්වලින් හමයි...

:       1       9

Buddika Sunday, 05 February 2023 12:40 PM

ජයවේවා. 2048 වර්ෂයේ දී සංවර්ධිත රටක් බවට පත් කිරීමේ පළමු පියවර ආරම්භ කළ වගයි. රෙද්දක් ඇඳගෙන ඡන්දෙ ඉස්ලන්න යූඒනපී හෝ පොහොට්ටුවට පුළුවන්ද? නිදහස ලබා 75 වසරක්. එදා ඉඳලා දේශපාලක හැත්ත මේ රට කෑවා විනාශ කළා. අපිට පස්සෙන් හිටපු රටවල් අද ගව් ගාණක් අපිට ඉදිරියෙන්. දේශපාලකයෝ පරම්පරා ගාණකට පෝසත් වෙද්දී අද මිනිස්සු තුන්වේල කන්න නැතිව දුක් විඳිනවා. මහ ලොකුවට කයිවාර් ගහනවා නිදහස දිනා 75 වසරක් කියලා. කෝ ඔය කියන නිදහස? එංගලන්ත යටත් විජිතයක් විදියට තිබ්බ නම් අද මේ රට දියුණු රටක් කරලා. අපේ මිනිස්සසු ඉංග්‍රීසි කතා කරනවා. ඒ අධ්‍යාපන ක්‍රමය යටතේ. අපේ ළමයින්ට එංගලන්තෙට ගිහින් ඉගෙන ගන්න අවස්ථාව තිබ්බා එහෙම වුණා නම්. මිනිස්සුන්ගේ නිදහස විනාශ කරලා රට බංකොළොත් කරලා මහ ලොකු නිදහස සමරන්නේ.

:       1       4

ලංකාපුත්‍ර Sunday, 05 February 2023 06:07 PM

පස්සෙන් හිටපු නොවෙයි 1971 ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්දෙන් පස්සේ නැගෙනහිර පාකිස්තානය ලෙසට තිබුණු රට බංග්ලාදේශය නමින් රාජ්‍යයක් වෙලා අවුරුදු පනහකින් නිදහස ලබා අවුරුදු 74 ක් ගතවූ අපිටත් ණයට දීමට තරමින් දියුණුවට පත්වුනේ ජාතියක් හැටියට එකාවන්ව සිටි නිසායි.. නිදහස ලැබුවාට අවුරුදු 4කට පස්සේ ජාතිය භේදකළ වලව් පැලැන්තියේ උත්තමයින් ඉන් පස්සේ ජාති, ආගම් භේද ඇතිකළේ ඔවුන්ගේ උදර පෝෂණය හා වලව්වෙන් බැහැර අය දියුණුවක් ලැබීමට අකැමැති නිසා තමයි. එහි ප්‍රතිඵලයක් ලෙසට අවුරුදු 30ක යුද්ධය හා ඔවුන්ගේ ක්‍රියාවෙන් අවුරුදු 70ක් වෙද්දී රටම ලෝකයේ හිඟන්නා වුණා...

:       0       5

ජගත් ලියනගේ Sunday, 05 February 2023 01:55 PM

නිදහස සමරපු ගමන්ම...?

:       1       5

kamal Sunday, 05 February 2023 06:29 PM

නිදහසනේ....

:       0       4

Krishan Sunday, 05 February 2023 11:47 PM

අද ලිට්‍රෝ 334 කින් ඉහළ යනවිට හෙට 06 ලාෆ් ඉහළ යන්න සාකච්ඡා පවත්වනවා.. ගෑස් කම්පැනි දෙකෙන් බැලුවාම අද ලිට්‍රෝ කොහොමත් 334න් ඉහළ ගියත් අද ලාෆ් ගෑස් මිල එක්ක බැලුවත් ලිට්‍රෝ ගෑස් මිල අඩුයි. එනිසා පහුගිය කාලේ එක්ක බැලුවාම ගෑස් මිල අඩුයි.. තිබූ තත්වය එක්ක... එනිසා ආප්ප මිල, ප්ලෙන්ටි මිල වැඩි කරන්න බැහැ.. මොකද පෙර ඉහළ මිලට සාපේක්ෂව මිල එවාගේ අඩු නොකළ නිසා බස් ගැමුණු වගේ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් ඒවි මයික් ටයිසන් වෙලා.. රජය වගකිවයුතුයි කියාගෙන එවා බොරු බයිලා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site