(මනෝප්‍රිය ගුණසේකර)
නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.
ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු නම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
නිදහස් උත්සවය පැවැත්වෙන කාලය එය කඩාකප්පල් කිරීම සඳහා ගාලුමුවදොර මාර්ග අවහිර කිරීමට යන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය, සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නීතිය ගැන නං වැඩිය දන්නේ නැහැ. වෙයි කියලා අනුමාන කරලා තහනම් නියෝග දෙන්න පුළුවන්ද?
හොඳ පිළිතුරක්...
ඔව්, එහෙම උද්ඝෝෂණ කරල පාර වහන එක වැරදි තමය. නිදහස් උත්සවය නිසා ඒ පැත්තෙ පාරවල් පොලිසිය දාලා වැහුවට කමක් නෑ.
ඔය වෘත්තීය සමිතිකාරයන්ට ඕන විදියට නටන්න දෙන්න, ඒකත් රජයේ නොවන මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක්.
හොරු හදපු රටවල් නෑ. මේ හොර කාලකණ්නි දේශපාලුවන් හා ඔවුන්ට කඩේ යන හොර බත්බැලයින් එලවනතෙක් රටට වගතුවක් නෑ...
උද්ඝෝෂණ දැන් විහිළුවක් වෙලා...
එතකොට නිදහස් උත්සවය කියලා පාර වැහුවට කමක් නැද්ද? ඒ මගින් ජනතාවට අපහසුතාවයක් නැද්ද? එක් කට්ටියක් පාර වහනවා. තව කට්ටියක් පාර වහයි කියලා බයට නියෝග දෙනවා. නීතිය හැමට එකම විය යුතුයි.
මංමාවත් අවහිර කරගෙන, පුවත්පත් අවහිර කරගෙන.., පාලකයින්ට පමණක් නිදහස සීමා කරගෙන සමරන මේ අරුම පුදුම නිදහස් දිනය මොකක්ද?