
(විමුක්ති එස්. රුද්‍රිගු)
යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනකු ගුවන් යානයේ සිට ඇති අතර පරණ ගුවන් තොටුපොළ සහ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතරදී මෙම අනතුර සිදුව තිබේ.
යානයේ ගමන් ගත් මගීන් 68 දෙනා අතර ළමුන් 6 ක් සහ විදේශිකයන් 15ක් සිට ඇත.
නේපාල ජාතිකයන් 53 ක්, ඉන්දියානු ජාතිකයන් 5 ක්, රුසියානු ජාතිකයන් 4 ක්, කොරියානු ජාතිකයන් 2 ක් සහ ආර්ජන්ටිනා, අයර්ලන්ත, ඕස්ට්‍රේලියා, ප්‍රංශ යන රටවල එක් ජාතිකයකු බැගින් ගුවන් යානයේ ගමන් කර ඇතැයි යේටී ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මුදවා ගැනීමේ මෙහෙයුම් හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් සිදුවන බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් නේපාල බලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගුවන් යානා නිසි ලෙස නඩත්තු කරන්නේ නැහැ. වියදම් අඩුකරගන්න... අපරාදෙ අහිංසක ජීවිත සමහර ගුවන් යානාවලට නැග්ගාම මොකට ආවද කියලා... ඇඟ හිරි වැටෙනවා... මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා...! මෙවැනි අනතුරු අවම කරගන්න සියලු දෙනාගේ අවදානය යොමුවේවා..!