
(ඩයනා උදයංගනී)
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල්වෙත පැමිණ ඇත. වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබිණි.
රට තුළ පවතින ආර්ථික ගැටලු හා ප්‍රවාහන දුෂ්කරතා ආදිය සමඟ සාරියෙන් සැරසී වෘත්තියට යාම අපහසු බවත්, රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති නිසා එම අවසරය මත මෙම පියවර ගත් බවත් ඔවුන් ස`ඳහන් කර තිබිණි.
එසේ පැමිණි තමන්ව සිසු දරුවන් ආදරයෙන් වැළඳගත් බව ද එම ගුරුවරියන් සඳහන් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට ද සාරිය වෙනුවට වෙනත් සුදුසු වෙනත් ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩදෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබූ අතර එයට මහා සංඝරත්නය විරෝධය පළ කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් අනුමත කරනවා .මොනවා ඇඳගෙන ආවත් කමක් නෑ .හරියට උගන්නපල්ලා
සමස්ත ගුරුවරුන්ට මෙන්ම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට බලපා තිබු අතිශය සංවේදී කාරනාවක් විසදීමට මැදිහත් වු සැමට ජාතියේ ප්‍ර්‍රනාමය.
ඉස්කෝල ඉරිදා පොල වගේ ඇති. ළමයිනුුත් තමන් කැමති කැමති ඒවා ඇදගෙන ආවම නියමෙට තියෙයි. NGO කුක්කා දිණුම් .
ඉස්ටාලින් තමයි දැන් අධ්‍යාපන ඇමති. එයා කියන විදහට වැඩ කරන්න. විනයක් මොකොටද? ලමයිට තියන ඇදුමක් ඇදගෙන සරෛප්පු දාගෙන එන්න කියමු. එතකොට දෙමාපියන්ටත් ලේසියි.
ඉතාමත්ම හොඳයි,කාලෝචිතයි,දැන් ඉතිං හාමුදුරුවරු සිවුරු කරේදාගෙන ඒවි මෙතන යකා නටන්න.
සංස්කෘතිය , ආගම් බල්ලට දාල අධ්‍යපනය ගැන හිතමු ! මම අඩ්යාපන අමති උනානම්.. 21 වෙනි ශතවර්ශ්යෙ කිසිම තේරුමකට නැති විශයන් ආගම , ඉතිහාසය වගෙ දේවල් වෙනුවට ගනිතය , ඉංග්‍රීසි වගෙ වැඩියෙන් උගන්වන්න නව පාටමාලාවක් සකස්කරනව !
සාරිය කියන්නේ සංවරම ඇදුමක් නෙවෙයි. සාරියට වඩා සංවර ඇදුමක් ඇදගෙන එනවනම් අවුලකුත් නැ නේද ?
අසික්කිත වැඩ වර්ජන හරහා සැහෙන්න දුරට නැති කර ගත් ගුරු මෑණි, ගුරු පියාණ පට්ටම සහිත ගව්රවය දැන් ඉතින් බින්දුවයි. ගව්ම්කාර ගුරුවරියන්ට දණ ගසා වඳින්නට පෙර දරුවනි, දෙවරක් සිතන්න.
ටීචර්ලා ෂෝටයි ස්කිනියයි ගහලා එනවනම් ෂෝක්
ගුරුවරියන්ට රජයෙන් වැටුපක් ලැබෙනව. අද වේල හම්බකරගෙන කන්න බරි පවුල්වල සමහර දරුවන්ට පාසල් නිල ඇදුම් එකයි නත්නම් දෙකයි තියෙන්නෙ. ඒවගෙ ලමයි කැමති අඩුමක් ඇදන් ආවට කමක් නැද්ද?
උද්නය නිසා හෙට ඇදුම් නැතුව ඒවිද?
ඇදුමෙන් මනින්න පුලුවන් ගනිකාවො සාරිය අදින්නෙනෑ
බිකිනි එකක් ඇදන් එන්න බැරිද අපේ ටීචර්ලට.
රෙදි යාර 6 ක් ඇගේ දවටගෙන ඉන්න එකත් කොයිතරම් අපහසුද? තමන්ට ගැළපෙන ,පහසු,සුදුසු ඇදුමක් ඇදීමේ වරදක් නැහැ.රාජකාරිය හරියට කිරීමයි වැදගත් වෙන්නේ?
බොලා මොනව ඇදං ආවත් ලමයි විබාග ගොඩ දාගන්නෙ ටියුශන් ගිහින්.මොන්ටිසෝරි යෙ ඉදංම්ම දරුවො ටියුශන් ගන්නවා විශ්වවිද්‍යාලවලට යනකම්ම හෝ උසස්පෙල ඇනගන්නකම්ම.ඕං ඕකට මොනවහරි බේතක් කියපල්ලා අදින වස්තරේ නෙවෙයි.
"කාන්තා ගුරුවරුන්ට සාරියම ඕනද" කියල මම මීට අවුරුදු පහකට විතර කලින් FB පෝස්ට් එකක් දැම්ම. එදා එතන "ටීචර් ගේ සාරිය ගැන ඔයා මොකටද කරදර වෙන්නෙ" කියල මට "අවවාද" කරපු කාන්තාවන් පිරිසක් හිටිය. ඒ පෝස්ට් එක මට සොයාගන්න බෑ. කොහොම වුනත් මේ වෙනස කාලෝචිතයි. මේ නිසා කාන්තා ගුරුවරුන් ගේ කාර්‍යක්‍ෂමතාවය වැඩි වේවි. ස්වයං පාළනයක් ඇතිව, සංවරව ඇඳුම තෝරා ගැනීම යෝග්‍යයි.
අපි හරිම අවාසනාවන්ත සහ යල්පැනපු ජාතියක්.
ඉතාම හොද තීරණයක්... දූපත් මානසිකත්වයෙන් මිදිලා දියුණු වෙන ලෝකයත් එක්ක ඉදිරියට යන්න ගත්තු තීරණය අගය කරනවා.... කට්ටිය ටිපර් වෙයි... හැමදාම රට ආපස්සට ගියේ හණමිටි අදහස් හින්ද තමා...
ලංකාවේ තිබෙන අකාර්යක්ෂම සේවාවක් තමයි ගුරුවරුන් දැන් කරන්නේ! ඇදුම් අදාලම නැහැ තමන්ගේ රාජකාරිය හරියට කරනවනම්!! දේමාපියන් ලොකු මුදලක් අද වියදම් කරනවා ටියුෂන්වලට!!! දරුවන්ව O/L A/L සදහා වියදම් කරන මුදල් උපාධියක් ලබා ගැනිමට 1 වසරේ සිට ආයෝජනය කරන්න! ලංකාවේ පාසැල් කියන්නේ තනිකරම පිං පඩි මත යැපෙන ඉතාමත්ම අකාර්යක්ෂම රාජ්‍ය සේවයක්!!! 10% අවංකව උගන්වන ගුරුවරු අද නැහැ! ස්ටාලින් තනිකරම දේශපාලනය කරන්නේ!!
ඉතාම හොද තීරණයක් , හැබැයි හැමෝම මුදල් එකතු කරලා ස්ටාලින්ට සාරි ඇන්දෙව්වානම් හරිම අගෙයි .
ස්ටාලින් කියන එන් ජි ඕ අය කියන විදියට දැන් රට කරන්නේ. අධ්‍යාපන ඇමති තුමා නිදිද.?
ඔයගමන් චක්‍රලේඛයක් ගහන්න වැසි දවසට බිකිනියද වඩා සුදුසුය කියල නාගෙනම ගෙදර යන්න පුලුවන්නෙ
අතිගරු ස්ටාලින් මැතිඳුන් ට ජයවේවා. ඔබතුමා ගේ උත්තරීතර අරමුණ ඉටුවේවා. ජේසු පිහිටයි
සමහර දියුණු රටවල ළමයින්ටත් කැමති ඇඳුමක් ඇඳගෙන ඇවිත් ඉගෙනගන්න දෙනවා.
පහසු ඇඳුමක් ඇඳීමේ වරද කුමක්ද.?
මේ නිදහස වගකීමක් ඇතිව පාවිච්චිකරයි කියලා විශ්වාස කරනවා. තමන්ගෙ හිතේ ගවුරවයක් තියන කෙනෙක්ට කොන්ද නවලා වැන්දා කියලා මොකද්ද තියන වැරැද්ද. ලංකාව කියන්නෙ අපිටම ආවේනික භාශාවක්, සංස්කෘතිකයක් තියන රටක්. අපේ කට්ටිය හැමදාම කෙලවාගත්තෙ අන්න ඒ අනන්‍යතාව තේරුම් නොගත්ත නිසා.
ඩීසන්ට් ඕනෑම ඇඳුමක් කමක් නැ
ලමයින්ගේත් කොන්ඩ රැවුල් එහෙමත් බලන්න එපා හොදේ ඒවත් කපන්න හදන්න සල්ලි ගොඩක් ඕනේ හොදේ
අපේ පිහිනුම් ටීචර් කොහොම එයිද.?
ළමයින්ටත් යුනිෆෝම් එපා.
පිරිමි සෑහෙන ප්‍රමාණයක් ඉන්න බව පෙනේ. බිකිනි ඇඳගෙන එයිද, ඇඳුම් නැතුව එයිද, ෂෝට් සහ ස්කිනිය ගැන අහන අය තමන්ගේ මානසික තත්වය ප්‍රසිද්ධියට පත් කර ඇත.
තාමත් විශාල පිරිසක් අඳින්නේ සාරිය. ටික දෙනෙක් තමයි ඔය කැෂුවල් අඳින්න බලන්නෙ. බලන්නකො ඉස්සරහට ඔය වැඩේ සාර්ථක වෙයි ද කියලා. එක එක ජාතියෙ නුසුදුසු ඇඳුම් ඇඳන් ආවාම ව්‍යාපෘතියත් ඉවරයි.
රටේ ගොබ්බ පාලනය තියෙනකම් එහොම තමයි. කරන්න දෙයක් නැහැ. මුන් රට කෑවා. රට විනාසයි.
මෙය හොඳ ප්‍රවණතාවක්. මා ජීවත් වෙන නෝර්වේ , ස්වීවීඩනය. ස්විට්සර්ලන්තය වගේ රටවල බොහොම නිදහස් ඉගෙනුම් වටපිටාවක් තියෙන්නෙ .
සිංහල කියමනක් තිබෙනවා ගුරුවරයා හිටගෙන කොරනදේ ගෝලයෝ දුව දුව කරනවා කියලා.
වැදගත්කම බිංදුවට බහිනවා, ළමයින් පාලනය අමාරුවෙයි ඉදිරියේදී
ගුරුවරියන් ට ප.ව 1.30 පස්සෙ පර්මිට් තියනව, සාරිය ඇදන් ගියොත් වැඩට අමරුයි, ගලවන්න අදින්න වෙලා යනව ඒ්ක නිසා චාන්ස් එකක් දෙමු.
මගෙ අදහස නම් මෙකෙ වැරැද්දක් නැහැ. සංවර ඇදුමක් ඇදගෙන ආවනම් ඒ ඇති. මොකද පහල පන්තිවල පොඩි දරුවන්ට ටීචර් ල කියන්නෙ ත්මන්ගෙ ලෝයෙ වීරයො. සාරි ඇදගෙන ස්කූටරේ අපහසුවෙන් ඉස්කොලෙ එනවට වඩා, අදින්න ලොකු වෙලාවක් වැය කරනවට වඩා, මෙහෙම ආව කියල එකෙ ලොකු ගැටලුවක් නැහැ.
සමහර අය මෝඩ කොමෙන්ට් දාලා තියෙනවා. මේ ගැන සාධාරණව බලන්න.
ගුරුවරු දිනෙන් දින තම ගෞරවය කෙලෙසා ගැනීම කනගාටුවට කරුණක්.............
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කිව්වලු.
දැන් වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් ඇති. යට ඇඳුම් හරි ඇඳගෙන හරි කමක් නෑ හොඳට උගන්නපල්ලා.
හැට්ටෙ මොන සංවරයක්ද.පිටත් එලියේ.පපුවත් එලියේ.ඉනත් එලියේ.බඩත් එලලියේ.උකුළත් එළියේ.පෙකනියත් එළියේ...හාමුදුරුවනේ මොකටද ගෑණු රෙදි සම්බන්ධයෙන් හොයන්නෙ...අදාළ වැඩක් බලා ගන්න කියන්නකෝ
ඔන්න බලන්න දියවන්නාවේ හාදයෙක් කියන්නේ නැද්ද කියාලා ගුරුවරියන්ට ගවුම් බැරිනම් චිත්තේ හැට්ටේ ඇඳන් හරි නැත්නම් ගරුවරුන්ට සරම බැරිනම් කොට කලිසම හරි ඒත් නැත්නම් පරණ කලිසම් වල කකුල් කපල හදන කොට කලිසම් අන්දලා හරි වැඩට ආවට අපිට නම් ප්‍රශ්නයක් නැහැ කොහොම හරි වැඩේ කෙරෙනවනම් කියාලා. මොකද උන්දලාට පඩි වැඩි කරන්නත් විදියක් නැහැ කියාවි.
සාරිය ගැලෙව්වාට පස්සෙ ගුරුවරියන්ට මෙතෙක් කලක් තිබුණ ගෞරවය නැතිවෙනවා.
සැහැල්ලු ඇඳුම හොඳයි. නමුත් ගුරුවරියෝ කිව්වම මැවෙන්නේ සාරිය...
මේ ගවුම් ඇදපු බහුතරය කොළබ සවුන්ධර්ය විශ්ව විද්දයලයේ පෙරටු ගාමී සහ jvp සබඳ තා ඇති ලගදී තරග විබාගයකින් තොරව සේවයට බදවා ගත්ත අය.. මේ සෙට් එකේ තමා ගුරු වර්ජනය ඇදගෙන ගියේ .. අනිත් ගුරුවරුන්ගේ හඩ මර්දනය කරලා ...මේ රට කවදාවත් හදන්නත් බැ ... හැදෙන්නත් නෑ .. මුන් දරුවන්ට හරියට උගන්න වා නම් අද අපිට දරුවන් උපකාරක පන්ති යවන්න ඕන නැ..
සාරිය තමයි සුදුසුම...බූරු වැඩ කිරීම ස්ටාර්ලින් වගේ බුරුවන් ඉන්නකන්
තමුන්ට කැමති ඇඳුමක් අඳින්න කාගේවත් අවසර මොකටද .තමුන්ට අයිතියක් නැද්ද.ගෑනු ඇන්දුම් ගැන වැඩි හරියක් කොමෙන්ට්ස් කරලා තියෙන්නේ ,තීරණය කරලා තියෙන්නේ නපුන්සකයෝ..
සාරිය නැතත් ඔයාලා හරිම ලස්සනයි නේ.හෙට ඉඳන් මුකුත් අඳින්න එපා.මුන්ට හොඳ පාඩමක් උගන්වන්න එතකොට තමයි පුළුවන්.
වෙනත් ඇදුමක් කිසිසේත් ලංකාවට සුදුසු නැත. වේලක් කන්න නැති දුප්පත් රටවල් කොපමණද ඒ අයත් තමන්ගේ ඇදුම් කෙසේ හෝ සලසා ගනිති.
යුරෝපයේ කම්කරු ඇඳුම වඩා සුදුසුයි .ඩෙනිම් ජීන්ස්
සැහැල්ලු ඇදුම හොදයි හොදට ඇඟ වැහෙන්න අදින්න මොකද දරුවන්ට ආදර්ශමත් වෙන්න ඔනැ.
සැහැල්ලු ඇදුම හොදයි.හොදට ඇගවැහෙන්න අදිනවානම්, මොකද ගුරුවරුන් ලමයින්ට ආදර්ශමත් වෙන්න ඔනැ.
ගුරුවරිය දන්නවා හොඳ නරක. ගුරුවරියක් සාරිය සහ පොත් බෑගය නිසා ඕනෑම තැනකදි හඳුනා ගත හැකිය.