IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක්

(ගල්කිස්ස අධිකරණ - දිලංගා ගෝමස්)

මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය.

ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණසේකර යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පැමිණීලිකාර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා 2017 වසරේ දී කරනු ලැබු පැමිණීල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තමන් සුදුසු පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉකුත් 2003 වර්ෂයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි තිලංග සුමතිපාල මහතා මෙම පැමිණීල්ල ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

හිටපු අමාත්‍යවරයා තමන්ට අභූත චෝදනා එල්ලකරමින් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවූ බවත් ඒ හේතුවෙන් තමන්ට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඔහුගෙන් අයකර දෙන ලෙසත් පැමිණීල්ල අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය 2003 වසරේ දී තමන්ට අපහාස සිදු වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි පවසමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා 2017 වසරේ දී ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ පවරා තිබූ පැමිණිල්ලකට අදාළව මෙලෙස නියෝග ලැබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර පහකට පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විත්තිකාර අර්ජුන රණතුංග මහතාට නියෝග කර තිබුණේ පැමිණීලිකාර තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් මිලියන විසිපහක වන්දි මුදලක් ගෙවන ලෙසය.



අදහස් (8)

අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක්

ගමේ එකාලා Thursday, 17 November 2022 07:21 PM

ගෙවන්ඩ බැරිකමක් නැහැ.පවුලේ හැමෝම , කාලයක් තිස්සේ දේසපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය..

:       3       33

ජගත් ලියනගේ Thursday, 17 November 2022 07:56 PM

මදැයි කොරා . හැබැයි කයිවාරුව නං සුපිරිම, සුපිරි .

:       1       23

පිටිගල මිලානෝ Thursday, 17 November 2022 08:06 PM

මෙයා පුදුම ඊර්ෂ්‍යාසහගත පුද්ගලයෙක්. මෙයා රටින් එලවලා දමනකල් ලංකාවේ ක්‍රිකට් දියුනු වෙන්නේ නැහැ.

:       8       23

randilFriday, 18 November 2022 12:21 PM

එළවන්න ඕනේ අපේ සමහර විනයක් නැති ක්‍රීඩකයින්... එතකොට ක්‍රිකට් හරියයි... ලංකාවට ලෝක කුසලානය අරන් දුන් එකම නායකයා කෝ..? ඒ වගේ අය වෙන වෙන දේවල් වලින්නේ කප් ගහන්නේ...

:       4       21

pakeer Thursday, 17 November 2022 09:27 PM

අර්ජුන මහ මෝඩයෙක්. පිරටකට වෙලා සුපිරි ජීවිතයක් ගත නොකර නිකම් මෙහෙ චොර වෙනවා.

:       4       22

PereraFriday, 18 November 2022 10:36 PM

ක්‍රිකට් ගහන බොහෝ එවුන්ට එතරම් මොලයක් බුද්ධියක් නැහැ.බෝල දාන්නයි දාන බෝලෙට ගහන්නයි ගහපු බොලේ පස්සේ දුවලා අල්ලනයි තමයි මොලේ තියෙන්නේ

:       1       1

Bamunuarachchi Friday, 18 November 2022 06:55 AM

ක්‍රිකට් ගහන විට අත ,ඔලුව පමණක් නොව බෝල්ගාඩ් දමා සියලු සකලමාන පරිස්සම් කර ගන්නා ඔබ දැන්වත් කට පරිස්සම් කරගන්න. කට වැරැද්ද ගත්තොත් කෙලවෙන්නේ පොකට්ටුවටය. මට ෂුවර් තිලංග ඔය මුදල ඔබෙන් ගන්නේ නැත.

:       6       21

Deepal Nirosh Friday, 18 November 2022 11:14 AM

අපේ රටේ සුපිරි නළුවෙක් අනුකරණය කරපු ලෝක පූජිත ක්‍රීඩකයෙකුට වෙච්ච හදියක මහත? කට පරිස්සම් කර ගන්න බැරිවුණාට අපේ කණගාටුව.

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 618 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site