
(විමුක්ති එස් රුද්‍රිගු)
තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදි.සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත.
මෙම යෝජනාව සඳහා බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය ලබා දී තිබේ. ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ආර්ථිකය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව එම්.කේ ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත.
ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන් වේ.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන බවත් එමගින් නව රැකියා අවස්ථා උත්පාදනය වන බවත් ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියකි.
මෙමගින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය වන අතර එම නැව් මාර්ගය භාවිත කරන නැව් වලට ශ්‍රී ලංකාව වටා යාමට අවශ්‍යතාවයක් මතුවන්නේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරිගියොත් කොළඹ වරාය වහන්න වෙයි..
Develop Mannar,Kankasanthurei to do oil bunkering
චීනාගෙන් විශාල පොලී අනුපාතයක් යටතේ රටට දරා ගන්නබැරි තරමේ අධික ණයක් අරගෙන, පරම්පරා දහයකට එම ණය ගෙවීම දායාද කරලා, රාජපක්ෂ බෝඩ් ලෑල්ලක් එල්ලා, පම්පොරි ගහලා, කෝටි ගණන් වැය කර විවෘත කරපු කලුගල් වරායේ දොඹකර රේල් පීලි එහෙම පරණ යකඩ හැටියට තුට්ටු දෙකකට මිලට ගන්න ඉන්දියන් කාරයෝ පොලිමේ එන්න පටන් ගනීවි. අපේ හම්බන්තොට රාජපක්ෂ ඉන්ටර්නැෂනල් වරායේ වහන නොටිස් එක දාපු දාට! ඉන්දියන් කාරයෝ තාමත් අපේ යාලුවොද???
අන්න රට ගැන ආදරයක් තියන අවංක දේශපාලඥයන්. අපේ උන් කලේ රට කාබාසීනියා කරල මදි නොකියන්න රටෙන් හූරාගත්තා. උන්ගෙ හැත්ත බුරුත්තටත් උන්ගේ පක්කාලියන්ටත් හෙන නොගහන්නේ ඇයි කියන එක මට මහා ප්රශ්නයක්. ඒ මදිවට උන් තව පක්කාලියෙක් දාල දැන් අපේ චන්දෙ විලි ලැජ්ජා නැතුව අයෙත් ඉල්ලන්න හදනවා. වෙරෙව්, දෙන්නං ඡන්දෙ.
මෙම අභියෝගය ජයගැනීමට ලක් රජය සැලසුම් කළ යුතුයි.
ලංකාවේ වගේ කොයි දේටත් විරුද්ධ වෙන අනුර කුමාර, සජිත් ප්‍රේමේ වගේ ඈයෝ තමිල්නාඩුවේ නැති නිසා එවැනි එකමිතික යෝජනා ගෙනෙන්න පුළුවන්. අනිත් එක ඒ ස්ටාලින් මෙහෙ ස්ටාලින් වගේ නෙවෙයි. තමන්ගේ රටට ප්රාන්තෙට යහපතක් වෙනවා නම් කොච්චර ඇන්ජීඕ සල්ලි ලැබුනත් කෑ ගහන්නේ විරුද්ධ වෙන්නේ නැතුව ඇති. එමගින් ශ්‍රී ලංකාවට සිදුවන ආර්ථික හානියට වඩා දෙරට අතර ඇති නොගැඹුරු මුහුද වෙනස් වීමෙන් සිදුවන පරිසර සහ භූගෝලීය හානිය වැඩි වෙන්න පුළුවන්.
අපි හරිහමන් අපනයන ආර්ථිකයක් හදාගත්තනම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනික ඉන්දියාවෙන් නැව් මාර්ග හදන එක අපිට නවත්වන්න පුළුන් දෙයක්ද? කල් තබා අපි එයට අවශ්‍ය යටිතල පහසුකම් හදාගෙන වැඩට බහින්නයි තියෙන්නේ. කෝ ඉතින් නිලධාරීන්ට ඕන නෑ දේශපාලකයන්ටම බැන බැන ඉන්නවා. දේශපාලකයන්ට ඕනි ඡන්දෙ විතරයි.
Setu Samudra project is Disaster To SriLanka, Which will cut Natural Sand Located In of Jaffna peninsula, which is the One protecting Jaffna ,During the Monsoon period, Some time 3 to 4 knts current Experienced along the Indian coast. The erosion due to this Current is protected by this bank, Same will result funnel affect result Strong force toward Chillaw, Mannar Area, end up in Negambo Colombo Area, Specially Cyclone period Sea becomes Violant, erode the west coast Area. Similar to you make a Hole in a Big water tank. Adam Bridge apparently made out Floating coral, People cannot think Or Imagine how it was done, you Can more information Srilanka Navy Or Indian ex personal who involved Previous attempt to Dregge the Channel. The main aim is to officially Rob the Natural Oil Gas mineral in Kaveri Adjsant basin. Don't let, them to Concur our area.
එළකිරි. ළඟදීම ලාබෙට ඉන්දියාවෙන් බිත්තර ගෙනත් කන්න පුලුවන්වෙයි.
ඔතන තියෙන වැලි දුපත් තීරුව සංරක්ෂිත පරිසර පද්ධතියක්.උතුරු අක්ෂාංශවල ඉඳල එන පක්ෂින් බෝවන ප්‍රධාන කලාපයක් කියල රටවල් දෙකම ඒ කලාපය විනාශ නොකරන්න තීරණයකට ඇවිත් කලින් ආ මේ යෝජනාව හකුළා ගත්තා කියලයි මම අහල තියෙන්නෙ.රූපවාහිනියෙ මේ පරිසර පද්ධතිය ගැන වෙනම වැඩ සටහනක් ගියා.මේක විනාශ කරන එකට කනගාටුයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කළහොත් එම කලාපයට අයත් පරිසර පද්ධති රාශියකට හානි වීමේ දැඩි අවදානමක් පවතිනවා. සේතු සමුද්‍රම් හරහා නැව් ගමන් කිරීමට පටන් ගත් විට අපේ රටට හිමිවන ආදායම් බහුලව අඩුවීමටත් මෙය හේතුවක් වෙනවා.
බද්ද අයකිරීමේ සැලැස්ම, දූෂණ මැඬලීම යන මේ දේවල් නිසි සැලසුමක් යටතේ සිද්ධ වෙනවනම් නැව් හිමියන්ට ඉන්ධන සහ කාලය පිරිමසාගැනීමක් සහ අපේ රටට ආධායමක් ගෙනෙන හොඳ සේවයක්.
කොළඹ වරාය කොහොමත් වහන්න වෙනවා. ලංකාව ගොඩයන්න නම් තියෙන්නේ ගාල්ල - මාතර අතර කොග්ගල වගේ තැනක ලොකු වරායක් හදන එක. කොළඹ වරායට ඉන්දියාවේ වරායන් එක්ක හැප්පෙන්න බැහැ. කොළඹ තියෙන්නේ කොහොමත් නැව් මාර්ගයෙන් ඈතින්. නැව් වලට කොළඹට යන එකට වඩා ඉන්දියාවේ කන්යා කුමාරි වරායට යන එක හොඳයි. අපි වරාය හරිම තැන හදන්න ඕනෑ. මුහුදු මාර්යගට ආසන්නම තැන හදන්න ඕනෑ.
බොරදියේ මාළු බාන ඉන්දියාව... රනිල්ට කිසිම අයිතියක් නැහැ රට විනාශ කරන ගිවිසුම් වලට යන්න... ඔය සෙතු සමුද්‍රන් කළොත් අපේ වරායවල් ඉවරයි. අද ඉන්දියාවට තියෙන ලොකුම බාධාව ආදම්ගේ පාලම... අපේ රටේ භූගෝලිය වටිනාකම තියෙන්නෙත් ඔය නිසාම තමයි රනිල්ට මේ කිසිම දෙයක වටිනාකමක් නැහැ. එයා හරියට කුඩුවලට ඇබ්බැහි වෙච්චි කෙනෙක් වගේ විකුණන්න තමයි ඔලුවේ තියෙන්නේ නිපදවන්න කිසිම සැලසුම් නැහැ... එක තත්පරයක් වත් තියන්න පුළුවන් කෙනෙක් නොවේ...
පැහැදිලිව ම විරුද්ධයි... ශ්‍රී ලංකාවේ ජිවත් වන පුරවැසියෙකු ලෙස.. තමිල්නාඩුව අවශ්‍යය ලෙස අත්තනෝමතික ව කිරීම තුළින් ඉන්දියාව-ශ්‍රී ලංකාව රාජ්‍යයන් අතර සම්බන්ධතා මරු පහරක්... I AM COMPLETELY OBJECTION AS A CITIZEN In Srilanka .. STOP THIS AND A MASSIVE BLOW BILATERAL PARTNERSHIP BETWEEN SRILANKA AND INDIA