(මනෝප්‍රිය ගුණසේකර)
බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් මරණ දඬුවම ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත.
පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්‍රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ නඩු තීන්දුවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් අධිකරණ නඩු තීන්දුවකට අනුව ජනාධිපති බලය ක්‍රියාවේ යෙදවීම සිරකරුවන්ගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්‍රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් හඳුන්වා දී ඇත.
අභියාචනාධිකරණය විසින් පසුගිය ඔක්තෝම්බර් මාසසේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයකට අනුව අපරාධය කරන අවස්ථාව වන විට වයස 16 නොයික්මවන ළමුන්ට මරණ දඬුවම පැනවීමක් නොකරන අතරම එවැනි අයකු කළ වරදක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන විට වයස අවුරුදු 18 පසු වී ඇතත් ඔවුන්ටද මරණ දඬුවම පැනවීම වළක්වා ඇතැයි යන සඳහන පිළිබඳව අවධානය යොමු කරවමින්
අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මියට පිටපත් සහිතව නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කොට ඇත.
අභියාචනාධිකරණයේ එම තීන්දුව අනාගතයට බලපාන නමුත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙරම බාලවයස්කරුවන්ව සිටියදී සිදුකළ අපරාධයන් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින බොහෝ පිරිසක් ලංකාවේ විවිධ බන්ධනාගාරවල රඳවා ඇතැයි අවධාරණය කරන නීතිඥවරයා අධිකරණ තීන්දුවේ සහනය ඔවුන්ට නොලැබෙන බවද අවධාරණය කොට ඇත.
සිරකරුවන්ට සමාව ලබාදීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය හිටපු ජනාධිපතිවරුන් විසින් අත්තනෝමතිකව පාවිච්චි කොට ඇතැයිද ජනාධිපති සමාව නොලැබිය යුතු ධනය සහ බලය ඇති ඇතැම් පුද්ගලයින් බරපතළ අපරාධ කොට අධිකරණයන් විසින් නියම කරන ලද දඬුවමින් ගැලවීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය අත්තනෝමතික ආකාරයෙන් පාවිච්චි කළ බවටද සමාජයේ ආන්දෝලනයන් අති කළ අවස්ථා ඇති බවද අවධාරණය කොට ඇත.
අවුරුදු 18ට අඩු ළමයකුව සිටියදී කරන ලද වැරදි වලට මරණ දඬුවම ලැබූ බොහෝ පිරිසක් මේ වනන විටත් බන්ධනාගාරවල රඳවා ඇති පසුබිමක් තුළ ඔවුන් සම්බන්ධයෙන් පසුබිම් වාර්තා කැඳවා අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති සමාව ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලා සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා එය සමාව දීමට ඇති ජනාධිපති බලය සිරකරුවන්ගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්‍රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩාකල කළ වැරදිවලට මරණ දඬුවම ලද්දන්ට ජනපති සමාව ලබාදෙන්නේ නම් නිදහස් කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුවේ .
පොළඟා කුඩාද ලොකුද කියලා අදාලා නැහැ. විස තියෙනවා. දුටු තැන මරා දැමිය යුතුයි.
මෙයාලාට නම් කිසිම සමාවක් නැහැ... ගැලවෙන කලිසමට ලණුවක් දාලා බැඳලා පාරදිගේ ඇදගෙන යාම තමයි කරන්නේ...!
සමාව නොදිය යුතුයි. වැරද වරදමයි.
බැංකු මංකොල්ලකෑම්, තරුණයින්ට පොලිසිය හමුදාව දාලා අඩන්තේට්ටම් කිරීම? මේවා නොදැනුවත්කමින් සිදුවුණු දේවල්ද?
අපේ නීතිරීතිවල යම් වරදක් ඇත්නම් එය නිවැරදි කරන්න. ඒක තමයි උත්තරේ. ප්ලාස්ටර් දාන්න එපා.
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනි .. දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරන දිනේ... මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ.. මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ... අනේ සුවාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා . ගෙල වැලලුවත් මගෙ කද අම්මට පෙන්නන්න එපා ... ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එප.. නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා මරනයෙ දොරකඩ සිට ඔබ පා යුග වැද සමු ගනිමි මෙමා.. කෙලි ලොල් කම් කල මා සතු දිවියම දැන් දැන් වේවි නිමා.. මරන බයක් නෑ අම්මා සිහි වෙයි මාගේ මරන දිනේ... බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනි දුක හිතිලයි හිර ගෙදරට ආවේ පුතුගේ මරන දිනේ. දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගේ පුතුය අනේ මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ... ගායනය :-විශාරද සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
මේකව පුනුරුත්ථාපනය කරන්නවත් කාලයක් නැහැ.වලකජ්ජ ගහන්නත් ළඟයි.මේක මේ රටට කරපු අපරාධවලට වන්දිය අනිවාර්යෙන්ම ගෙවන්න ඕනා.
හැමදේටම සමාව දෙන්න නම් රටකට නීතියක් කුමටද?රටේ වැඩි හරියක් අපරාධ කරන්නේ ඇප මත නිදහස් වෙච්ච අය තමයි .ඉල්ලීම කරන කෙනාගේ පවුලේත් ඉන්නවද දන්නේ නෑ ඒ වගේ කෙනෙක්
හොඳ තීරණයක් .නමුත් පරිස්සමෙන් කල යුතු දෙයක්
දහ නව හැවිරිදි තරුනියකගෙ හිස තරප්පු පේලියක ගසා හිස් කබල කෑලි ගනනාවකට කුඩු පට්ටම් කර ඇය ම්ලෙච්ච ලෙස ඝාතනය කල දාමරිකයන්ටත් ජනදිපති සමාව දීඑමට තරම් ගොන් ජනදිපතිවරු සිටින අප රටෙ මෙවන් දේවල් අසන්නට ලැබීම පුදුමයට කරුනක් නොවෙ.
වැඩ බැරි ජනාධිපතිට ලකුණු දාගන්න යෝජනාවක්.
මම දන්න සිදුවීමක් තියෙනවා..ක්‍රිකට් ගහ ගහ ඉන්නකොට රණ්ඩුවක් වෙලා එකෙක් එකෙකුට බැට් එකෙන් ගැහුවා...ඇහෙන් දැකපු එකා කියන එකා පොලිසියට වැරදිලා නම කියලා තියෙන්නේ ක්‍රිකට් ගහපු එකෙකුගේ මිසක්, ඇත්තටම බැට් එකෙන් ගහපු එකා නෙම්යි.. අන්තිමට මොකුත්ම කරපු නැති එකා එල්ලුම් ගස් ගියා..ඌ පන්තියේ පළවෙනියා හැමදාම...බණා කියලා ඌට කියන්නේ..හැමෝටම ඉගෙන ගනින්..හොදට හිටපන් කියලා නිතරම්ම බණ කියනවා
රට බන්කොලොත් කරල මිලියන 22 පාරට ඇදල දාපු එක, මහ බැන්කු, සුදු ලුනු, සීනි වංන්ච මෙවට දඩුවම් නැත්තම් ඔය බනදනාගාර වහල ඔකෝම එලියයට දැම්ම නම් හරි. මෙ මිනිස්සු කරපු අපරාද වලින් අගතිය පත්වෙලා තියෙන්නෙ සීමිත පිරිසක්. රටම අගතියට පත්කරපු අය සනීපෙට ඉන්නව