IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ.

ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් මහතාට හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වෙත බාරදී ඇත.

මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම්, රුවන් විජයවර්ධන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සැකච්ඡා කළ අවස්ථාවේදීය.

ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරික් සෝල්හෙයිම් මහතාට දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් මහතාට ද මෙරටට ආරාධනා කිරීමටත් ඔහුත් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දුවී තිබේ. ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය කර ඇත.

 



අදහස් (21)

බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට

චන්දිම ෆොන්සේකා Saturday, 24 December 2022 08:01 AM

මේ ලෝකේ වෙන හොඳ මිනිස්සු නැතුවටද මේ එරික් සෝල්හයිම් කියන මිනිහාවම මේකේ වැද්දගෙන මේ රට මහා භයංකාර විනාශකාරී උගුලකට ආපහු අහුකරන්න යන්නේ... ඔය මිනිහා එක සැරයක් අර මල මගුල් සාම ගිවිසුමක් කියලා උගුලකට අපිව අහුකරලා අපේ බෙල්ල හිරකරලා කොටියාට මේ රට අල්ලගන්න පාර කපාපු තක්කඩි යටි උගුල්කාර චර පුරුෂයෙක් නේද? ඔය යෝධයාට නින්ද යන්නේ මේ රට බෙදපු දාට නේද? දැනුත් මේ දෙමළ ජාතිවාදී නායකයින් රංචුව අල්ලගෙන රටේ නැති ප්‍රශ්න ආයෙත් හදන්න හදනවා නේද? ඔන්න ඕක තමයි මම අත්දැකීමෙන්ම කියන්නේ... රනිල් කියන මනුස්සයා ආවොත් කරන්නේ ඕන වැඩේ නෙමෙයි... විකාර... ඔය මහා නා හිමිවරුන්ට මේවා පේන්නේ නැද්ද? කට පියාගෙන ඉන්නේ? අනික මේ වෙලාවේ ඔය සමුළුවලට වියදම් කරන්න හදන්නේ... අපේ මේ බඩට කන්න තියෙන පඩියෙන් කපාගන්න බදු මුදල්ද?

:       11       25

NimalSaturday, 24 December 2022 08:58 PM

ලෝකයේ රටවල් හෝ නව නිර්මාණ ලෝකයට ලබාදුන් කිසිවකු සමග ගනුදෙනුකිරීම බියගුළු ක්‍රියාවක් නොවේ

:       11       7

චන්දිම Sunday, 25 December 2022 12:57 AM

බිල් ගේට්ස් ගෙන් අපිට ප්‍රශ්නයක් නැත. එහෙත් මේ එරික් සෝල්හයිම් කියන පුද්ගලයා මේ හැම දෙකටම ගෙන්න ගන්නේ ඇයි කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. පටලවා ගන්නේ නැතුව අන්න ඒක තේරුම් ගන්න.

:       3       12

තවත් බිලක් Saturday, 24 December 2022 08:21 AM

කට්ටිය එයි. කයි. බොයි. කතාකරයි. යයි. හිඟන මල්ලෙන් තව කීයක් හරි වියදම් වෙයි. මතකයිනේ මෙයාගේ ෆොක්ස්වැගන් කම්මල... තරුණයින්ට බ්‍රේස්ලට්...!

:       7       32

chandima Saturday, 24 December 2022 09:54 AM

බිල් ගේට්ස් පරක්කු වුණා වැඩියි. කළින් ආවානම් කිරිබත් කන්න තිබුණු ලුණුමිරිස් එක්කලා. දැන් හම්බවෙන්නේ හැම්බේකන්ම තමයි.

:       5       19

ganegoda Saturday, 24 December 2022 10:35 AM

රනිල් රාජපක්ෂලාගේ පච කෙළීම අද වගේ නත්තල් දවසකවත් නොකර ඉන්න බැරිතරම්...! කාලකණ්ණි ගෝත්‍රිකයෝ...!

:       7       39

ABSaturday, 24 December 2022 05:40 PM

බිල් ගේට්ස් යනු මුළු ලෝකයම ඔහුගේ කරගත් පුද්ගලයෙක්.. ඒ Microsoft සමාගම නිසා ලෝකයේ මුදල් බලයෙන් පමණක් නොව වර්තමානයේ හෝ අනාගතයේ කිසිවකුට ඔහුව පරාජය කළ නොහැකි ආකාරයට ඔහු Microsoft ලොවට හඳුන්වා දී තිබෙනවා. Microsoft යනු කිසිවකුට වෙනස් කළ, අමතක නොවන, නොකළ හැකි ගෝලීය සන්නාමයක්... Microsoft හඳුන්වා දීම නිසා මේ වනවිට ලෝකයේ බිලියන ගණනක් පුද්ගලයන් සහ සමාගම් ඔවුන්ගේම රැකියාවන් සඳහා යොමුවී තිබෙනවා. බිල් ගේට්ස්ගේ පැමිණීම දේශගුණික විපර්යාස, තාක්ෂණික වශයෙන්, ආර්ථික වසයෙන් පමණක් නොව සංචාරක කර්මාන්තයටද වැදගත්... ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවීම අගය කළයුතු වෙමු.

:       23       19

මැක්ස් Saturday, 24 December 2022 01:54 PM

පෙරටු සහ ජවිපෙ ප්‍රමුඛ අන්තරේ අරක්කු පරපුර ඇතුළු කෝකටත් එරෙහිවන විරෝධතා නඩේට ඔන්න අවස්ථාවක් පාරට බහින්න...

:       25       17

AB Saturday, 24 December 2022 05:50 PM

බිල් ගේට්ස් මෙන්ම මාක් කාර්නි... ගෝලීය ආර්ථිකය පිළිබඳව හසල දැනුමක් තිබෙන්නාවූ සහ මේ වනවිට ඔහුටත් ආරාධනා කිරීම වැදගත් වනු ඇත...

:       13       7

Chathuri Saturday, 24 December 2022 06:25 PM

ඔබගේ වටිනා කාලය. මනුස්ස වෙසින් ඉන්න මී හරක් ගොඩක් වෙනුවෙන් නාස්ති කරන්න එපා. ඔය නඩේ... දෙවියෝ වැඩියත්... රටට හොඳක් කරන්නේ නැහැ. මොවුන්ට දියුණු වෙන මාර්ග නොකියා. ඔබ දියුණු වුනේ... ලොකෙම පොහොසතා වුණේ... රටේ ජනතාවගේ මුදල් දේපල හොරා කාලා නෙමෙයි කියලා... හැරෙන තැපෑලෙන් යන්න. මොවුන් ඇවිත්... නරුමයින්. යක්කු. ඔබ පවක් කරලා ඇති ස්වර්ගයට යන්න කලින්... මේ අය හමුවෙලා යන්න. කපුටන්ගෙන් ඔබගේ බඩු ආරක්ෂා කරගන්න. කැමරා තිබුණාට වැඩක් නැහැ....

:       4       21

thilak Saturday, 24 December 2022 07:10 PM

වැඩේ කියන්නේ, ඔය ආරාධනාවට බිල් ගේට්ස්ගේ අවධානය යොමු වෙයිද කියන එක...

:       4       25

sampath Saturday, 24 December 2022 08:36 PM

පුණර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ලෝකෙ බොහෝ රටවලට උපදෙන් දෙන්නේ ලංකාවේ අය. ඒ විතරක් නොවෙයි, ලංකාවෙ දැනටත් පුණර්ජනනීය බලශක්තිය සම්බන්ව පශ්චාත් උපාධි සහ ඩිප්ලෝමා හදාරපු ඉන්ජිනේරුවන් සීයකට දෙසීයකට ආසන්න ප්‍රමාණයක් මේ රටේම ඉන්නවා. අවශ්‍ය නම් ඒ අය කැඳවන්න. ප්ලේන්ටියකුයි වඩයකුයි දනුන්නම් ඇතිවෙයි. බොරු වියදම් ඕනි නෑ. අවශ්‍ය සියලු සැලසුම් දෙන්න පුළුවන් දැන්වත් සෝබන වැඩ නවත්වලා මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න. මේ සම්බන්ධව යම් සුදුසුකම්ක් ඇති කෙනෙක් විදියටයි මේක ලියන්නේ. බිල් ගේට්ස්ටවත් වෙන කෙනෙකුටවත් අලුතින් මේ රටට දෙන්න ලොකු දෙයක් නැති වෙයි. අපේ මිනිසුන්ගේන් වැඩක් ගන්න. මේ සියලු දෙනා එකතු කරලා උපදේශක සභාවක් හදන්න. ස්වේච්ඡාවෙන් දැනුම දෙන්න සූදානම්.

:       0       11

Piyal Sunday, 25 December 2022 02:37 AM

volkswagen part 2 දැන් තිරගතවේ

:       1       5

chandima Sunday, 25 December 2022 04:23 AM

දැන් මේ පුනර්ජනනීය මගුලක් බදාගෙන දඟලන්නේ රට ගොඩගන්න කියලා නේද කිව්වේ.

:       2       1

Perera Sunday, 25 December 2022 08:22 AM

කුරුණෑගල වොක්ස්වැගන් ෆැක්ට්‍රි එක වගේ වෙයිද??

:       1       5

චන්දිම ෆොන්සේකාSunday, 25 December 2022 04:42 PM

ෆොක්ස්වාගන් සමාගමේ ලෝගෝ එක තමයි රවුමක් මැද තියෙන ඉංග්‍රීසි ඩබ්ලිව් අකුර. අර කුරුණෑගල බොරු ෆොක්ස්වගන් රැවටිල්ලේදී ඔබට මතකද මිනිස්සුන්ව රවට්ටන්න හිතාගෙන වෙන්න ඇති බැනර් වගයක ඉංග්‍රීසි ඩබ්ලිව් අකුර මුද්‍රණය කරලා වෙස්ටර්න් මෝටර්ස් කම්පැනි කියලා ප්‍රදර්ශනය කළා. අන්තිමට හදාපු කාර් එකක් තියා සෙල්ලම් කාර් එකක්වත් අපි නම් දන්නේ නැහැ. ඒ සඳහා පවරා දීපු රජයේ ඉඩමට පවා මොකක් වුනාද කියලා. ඔන්න ඔය වගේ තක්කඩි වැඩ තමයි මේ හාදයෝ කරන්නේ. අපි දැන ගන්න ඕනි මේ ගොල්ලෝ අපිව හැමදාම අන්දන්න හැදුවට දැන්වත් ඉදිරියේදී මොලේ හරියට පාවිච්චි කරන්න.

:       0       4

podi mole Sunday, 25 December 2022 10:41 AM

අපේ මහරජාගේ කට්ටිය දැනටමත් සෙට් වෙලා ඇති වැඩේ දෙන්න.

:       1       3

රන්මුතුගල Sunday, 25 December 2022 02:14 PM

අපේ ලොක්කගේ තියෙන්නේ මහා ලොකු උජාරු වැඩනේ. පුනර්ජනනීය සමුළු තියන්නවා කියලා බොරු ෂෝ එකක් තියලා ලොකු මුදලක් වියදම් කරයි. එච්චරයි. අපේ රටේ නැද්ද උපදෙස් ගන්න ඔය පිළිඹඳ දැනුමක් තියෙන කට්ටිය. ඉනාවනේ. ඒ ගොල්ලෝ එක් කරලා අඩුම ගානේ සාකච්චාවක් වත් තියලා බලන්න බැරි ඇයි. බටහිර මිනිස්සු කියලම දෙන්න ඕනේද හැම දේම.. දැන්වත් කොන්ද කෙලින් තියාගෙන අනුන්ගෙන් යැපෙන ක්‍රමය අත් හැරලා අර කොරියන් මහත්තය කියනවා වගේ හින්ගාකන්නේ නැතුව අපිම නැගිටින්න බලමු. වැසිකිලි යන විදිය කියලා දෙන්නත් බටහිර උපදේසකයෝ ඕනේ. උන් කවදාවත් මේ රට දියුණු කරන්න උපදෙස් දෙයි කියලා හිතන්න බෑ.

:       0       3

sampath Monday, 26 December 2022 09:55 PM

බිල් ගේට්ස් ගෙනල්ලා ලංකාවේ අයි ටී ඩිවලොප් කරන සැලැස්මක් හදන්න අපි පිළිගත්තට ඒ මනුස්සයට පුළුවන් සහ බැරි දේවල් තියෙනවා.

:       0       1

හල්පෙ Wednesday, 28 December 2022 07:36 AM

ආයෙත් සෝල්හයිම් ලංකරගෙන ඉන්නෙ හොඳ කට නෙමේ. බලශක්ති සමුලු පවත්වන්න මුදල් කොයින්ද. නය කන්ද තවත් උස්කරඩ සිදුවෙයි. කාබන් බද්ධ වගේ තව බදු ගහයි, පරිසරය ආරක්ශා කරන්න.

:       0       1

හල්පෙ Wednesday, 28 December 2022 07:54 AM

නය කන්ද තවත් උස යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1465 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 396 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 627 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1141 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 731 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 964 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site