(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ.
ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් මහතාට හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වෙත බාරදී ඇත.
මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම්, රුවන් විජයවර්ධන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සැකච්ඡා කළ අවස්ථාවේදීය.
ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරික් සෝල්හෙයිම් මහතාට දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් මහතාට ද මෙරටට ආරාධනා කිරීමටත් ඔහුත් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දුවී තිබේ. ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෝකේ වෙන හොඳ මිනිස්සු නැතුවටද මේ එරික් සෝල්හයිම් කියන මිනිහාවම මේකේ වැද්දගෙන මේ රට මහා භයංකාර විනාශකාරී උගුලකට ආපහු අහුකරන්න යන්නේ... ඔය මිනිහා එක සැරයක් අර මල මගුල් සාම ගිවිසුමක් කියලා උගුලකට අපිව අහුකරලා අපේ බෙල්ල හිරකරලා කොටියාට මේ රට අල්ලගන්න පාර කපාපු තක්කඩි යටි උගුල්කාර චර පුරුෂයෙක් නේද? ඔය යෝධයාට නින්ද යන්නේ මේ රට බෙදපු දාට නේද? දැනුත් මේ දෙමළ ජාතිවාදී නායකයින් රංචුව අල්ලගෙන රටේ නැති ප්‍රශ්න ආයෙත් හදන්න හදනවා නේද? ඔන්න ඕක තමයි මම අත්දැකීමෙන්ම කියන්නේ... රනිල් කියන මනුස්සයා ආවොත් කරන්නේ ඕන වැඩේ නෙමෙයි... විකාර... ඔය මහා නා හිමිවරුන්ට මේවා පේන්නේ නැද්ද? කට පියාගෙන ඉන්නේ? අනික මේ වෙලාවේ ඔය සමුළුවලට වියදම් කරන්න හදන්නේ... අපේ මේ බඩට කන්න තියෙන පඩියෙන් කපාගන්න බදු මුදල්ද?
කට්ටිය එයි. කයි. බොයි. කතාකරයි. යයි. හිඟන මල්ලෙන් තව කීයක් හරි වියදම් වෙයි. මතකයිනේ මෙයාගේ ෆොක්ස්වැගන් කම්මල... තරුණයින්ට බ්‍රේස්ලට්...!
බිල් ගේට්ස් පරක්කු වුණා වැඩියි. කළින් ආවානම් කිරිබත් කන්න තිබුණු ලුණුමිරිස් එක්කලා. දැන් හම්බවෙන්නේ හැම්බේකන්ම තමයි.
රනිල් රාජපක්ෂලාගේ පච කෙළීම අද වගේ නත්තල් දවසකවත් නොකර ඉන්න බැරිතරම්...! කාලකණ්ණි ගෝත්‍රිකයෝ...!
පෙරටු සහ ජවිපෙ ප්‍රමුඛ අන්තරේ අරක්කු පරපුර ඇතුළු කෝකටත් එරෙහිවන විරෝධතා නඩේට ඔන්න අවස්ථාවක් පාරට බහින්න...
බිල් ගේට්ස් මෙන්ම මාක් කාර්නි... ගෝලීය ආර්ථිකය පිළිබඳව හසල දැනුමක් තිබෙන්නාවූ සහ මේ වනවිට ඔහුටත් ආරාධනා කිරීම වැදගත් වනු ඇත...
ඔබගේ වටිනා කාලය. මනුස්ස වෙසින් ඉන්න මී හරක් ගොඩක් වෙනුවෙන් නාස්ති කරන්න එපා. ඔය නඩේ... දෙවියෝ වැඩියත්... රටට හොඳක් කරන්නේ නැහැ. මොවුන්ට දියුණු වෙන මාර්ග නොකියා. ඔබ දියුණු වුනේ... ලොකෙම පොහොසතා වුණේ... රටේ ජනතාවගේ මුදල් දේපල හොරා කාලා නෙමෙයි කියලා... හැරෙන තැපෑලෙන් යන්න. මොවුන් ඇවිත්... නරුමයින්. යක්කු. ඔබ පවක් කරලා ඇති ස්වර්ගයට යන්න කලින්... මේ අය හමුවෙලා යන්න. කපුටන්ගෙන් ඔබගේ බඩු ආරක්ෂා කරගන්න. කැමරා තිබුණාට වැඩක් නැහැ....
වැඩේ කියන්නේ, ඔය ආරාධනාවට බිල් ගේට්ස්ගේ අවධානය යොමු වෙයිද කියන එක...
පුණර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ලෝකෙ බොහෝ රටවලට උපදෙන් දෙන්නේ ලංකාවේ අය. ඒ විතරක් නොවෙයි, ලංකාවෙ දැනටත් පුණර්ජනනීය බලශක්තිය සම්බන්ව පශ්චාත් උපාධි සහ ඩිප්ලෝමා හදාරපු ඉන්ජිනේරුවන් සීයකට දෙසීයකට ආසන්න ප්‍රමාණයක් මේ රටේම ඉන්නවා. අවශ්‍ය නම් ඒ අය කැඳවන්න. ප්ලේන්ටියකුයි වඩයකුයි දනුන්නම් ඇතිවෙයි. බොරු වියදම් ඕනි නෑ. අවශ්‍ය සියලු සැලසුම් දෙන්න පුළුවන් දැන්වත් සෝබන වැඩ නවත්වලා මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න. මේ සම්බන්ධව යම් සුදුසුකම්ක් ඇති කෙනෙක් විදියටයි මේක ලියන්නේ. බිල් ගේට්ස්ටවත් වෙන කෙනෙකුටවත් අලුතින් මේ රටට දෙන්න ලොකු දෙයක් නැති වෙයි. අපේ මිනිසුන්ගේන් වැඩක් ගන්න. මේ සියලු දෙනා එකතු කරලා උපදේශක සභාවක් හදන්න. ස්වේච්ඡාවෙන් දැනුම දෙන්න සූදානම්.
volkswagen part 2 දැන් තිරගතවේ
දැන් මේ පුනර්ජනනීය මගුලක් බදාගෙන දඟලන්නේ රට ගොඩගන්න කියලා නේද කිව්වේ.
කුරුණෑගල වොක්ස්වැගන් ෆැක්ට්‍රි එක වගේ වෙයිද??
අපේ මහරජාගේ කට්ටිය දැනටමත් සෙට් වෙලා ඇති වැඩේ දෙන්න.
අපේ ලොක්කගේ තියෙන්නේ මහා ලොකු උජාරු වැඩනේ. පුනර්ජනනීය සමුළු තියන්නවා කියලා බොරු ෂෝ එකක් තියලා ලොකු මුදලක් වියදම් කරයි. එච්චරයි. අපේ රටේ නැද්ද උපදෙස් ගන්න ඔය පිළිඹඳ දැනුමක් තියෙන කට්ටිය. ඉනාවනේ. ඒ ගොල්ලෝ එක් කරලා අඩුම ගානේ සාකච්චාවක් වත් තියලා බලන්න බැරි ඇයි. බටහිර මිනිස්සු කියලම දෙන්න ඕනේද හැම දේම.. දැන්වත් කොන්ද කෙලින් තියාගෙන අනුන්ගෙන් යැපෙන ක්‍රමය අත් හැරලා අර කොරියන් මහත්තය කියනවා වගේ හින්ගාකන්නේ නැතුව අපිම නැගිටින්න බලමු. වැසිකිලි යන විදිය කියලා දෙන්නත් බටහිර උපදේසකයෝ ඕනේ. උන් කවදාවත් මේ රට දියුණු කරන්න උපදෙස් දෙයි කියලා හිතන්න බෑ.
බිල් ගේට්ස් ගෙනල්ලා ලංකාවේ අයි ටී ඩිවලොප් කරන සැලැස්මක් හදන්න අපි පිළිගත්තට ඒ මනුස්සයට පුළුවන් සහ බැරි දේවල් තියෙනවා.
ආයෙත් සෝල්හයිම් ලංකරගෙන ඉන්නෙ හොඳ කට නෙමේ. බලශක්ති සමුලු පවත්වන්න මුදල් කොයින්ද. නය කන්ද තවත් උස්කරඩ සිදුවෙයි. කාබන් බද්ධ වගේ තව බදු ගහයි, පරිසරය ආරක්ශා කරන්න.
නය කන්ද තවත් උස යයි.