IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිරිනිවාස හිමිගේ ඉඩම ඉල්ලා කතක් උසාවි යයි

 (උපාලි ආනන්ද)
අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ  පල්ලේගම සිරිනිවාස හිමියන් තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියා පදිංචි කිරීම රජයේ  රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයාට  නියෝගයක් නිකුත්  කරන ලෙසත්  ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න  මහත්මිය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රජයේ  රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ  අනුරාධපරු දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ලබන මාර්තු මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට  සිතාසි නිකුත් කළාය.

එදින හෝ එදිනට පෙර මෙම පෙත්සමට අදාළව වගඋත්තර අධිකරණයට ගොනු කරන ලෙසටද දිසා විනිසුරුවරිය වගඋත්තරකාර රාජ්‍ය නිලධාරීන්ට තවදුටරත් නියෝග කරනු ලැබුවාය.

අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 03/2 ඒ/260 ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බංඩාර ප්‍රේමරත්න මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අංක 234/ඒ 3  රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය ලිපිනයේ රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ අනුරාධපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලිපිනයේ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි

පෙත්සම්කාර දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය  නීතිඥ අලෝක බංඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ  තමා  ත්‍යාගලාභියා වෙමින්ද අටමස්ථානධිපතිව වැඩ විසූ පලලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින්ද අනුරාධපුරයේ  ප්‍රසිද්ධ නොතාරිස්වරයකු  විසින් ලියා සහතික කරන ලද අංක 5493  සහ 2022- 10-13 දින දරණ තෑගි ඔප්පුව   නිසි පරිදි සහතික කොට උතුරු මැද පළාත් සභාවට ගාස්තු ද  ගෙවා ඔප්පුව ලියා පදිංචිය සඳහා රජයට ගෙවිය යුතු ගාස්තුද නිසි පරිදි ගෙවා ලියා පදිංචිය සදඟා දෙවන වගඋත්තරකරු (අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම්  රෙජිස්ට්‍රාර් ) වෙත ඉදිරිපත් කළ බවයි .

අපවත් වීමට දින පහකට පෙර මෙම ඉඩම තමන්ට පරිත්‍යාග කළ බව එම පෙත්සමේ සඳහන් වේ.

 



අදහස් (10)

සිරිනිවාස හිමිගේ ඉඩම ඉල්ලා කතක් උසාවි යයි

පිටිගල මිලානෝ Sunday, 15 January 2023 03:22 PM

සේපාල්ගෙන් බුද්ධාගම බේරාගනිමු.!

:       138       34

Bamunuarachchi Sunday, 15 January 2023 04:09 PM

හාන්දුරුවෝ තෑගී දෙන්නේ හාන්දුරුවන්ගේ පෞද්ගලික ඉඩමක් වෙන්න ඇති නේද?

:       89       18

චින්තක Sunday, 15 January 2023 08:50 PM

කලවාන ආසනයේ කෙනෙක් 2011 පමණ කාලයේ ඇඩප්සන් ඉල්ලීම සමග ඔප්පුවක් ඉදිරිපත් කර තිබුණා... එම ඔප්පුවට අයත් ඉඩම් හාමුදුරු නමක් විකුණා තිබුණු එකක් එහි කියනවා... මම දන්නේ නැහැ කවුරු හෝ සසුනට පිදූ දෙයක් පංසලේ හාමුදුරුවන්ට විකිණීම කරන්න පුළුවන්ද කියලා... එම ඔප්පුවේ ක්‍රමයට මෙයත් දුන්නද බලන්න. ඒ සමග ඉඩම් ලියාපදිංචි කිරීමේදී සාංඝික දේවල් විකිණීමට හැකිද බලනවා නම් ඉතාමත් හොඳයි...

:       20       16

fairoosMonday, 16 January 2023 03:11 PM

අදහස් ටිකට ඩිස්ලයික් කරලා තියෙන හරිය බැලුවොත් තේරෙනවා මොනවද වෙලා තියෙන්නේ කියලා...!

:       1       7

Prabha Sunday, 15 January 2023 04:13 PM

හෙට අනිද්දට දූ දරුවන් කියලා අයිතිය ඉල්ලන් එයිද දන්නේ නෑ.

:       66       24

podi mole Sunday, 15 January 2023 04:23 PM

උන්වහසේ දාන පාරමිතාව හොඳට පුරලා වගේ. අනේ සාදු.

:       51       21

Harin liyanage Saturday, 21 January 2023 07:59 PM

හාමුදුරුවෝ කියන්න බැහැ. තනිකරම සාසනයට අදාල නැති දේවල් පමණක් කළ අයෙකි.

:       0       1

Buddika Sunday, 15 January 2023 05:30 PM

අපි ගරු කරන්නේ වන්දනා කරන්නේ උතුම් වූ අටමස්ථානයයි. එය හැර අන් සියල්ලම භාරකරුවන් පමණකි. අපි නොදන්න එහෙත් අටමස්ථානය අවට ජනතාව පවසන දේ සත්‍යයක් විය හැකි බවට සාධකයක්.

:       50       29

lakvidu Monday, 16 January 2023 05:28 AM

දෙන තරමට ලැබිලද, නැත්නම් ලැබුන තරමට දීලද.?

:       1       12

podi mole Monday, 16 January 2023 05:58 AM

බඩුත් හාමදුරුවන්ගේ, නඩුත් හාමදුරුවන්ගේ.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site