බලංගොඩ ඩිපෝවේ සේවකයන් 25 දෙනෙකු සේවයෙන් ඉවත් කළැයි පැමිණිල්ලක් ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිතිය නියෝජනය කරන බලන්ගොඩ ඩිපෝවේ සේවකයින් 21 දෙනෙකු තනතුරින් පහත හෙළා ඇතැයි පවසමින් අද (2) දහවල් බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත. 02 December 2019
යතුරුපැදි-බස් අනතුරින් අයෙක් මරුට යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (2) වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි. 02 December 2019
ලුණුගම්වෙහෙරත් වාන් දමයි කිරිදිඔය ඉහළ පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙනා මහ වැසි හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. 02 December 2019
වැස්සෙන් රත්තොට පුංචි සෙළුවාකන්දේ 49ක් පීඩාවට රත්තොටපුංචි සෙළුවාකන්ද ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 17කට අයත් පුද්ගලයන් 49 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා පැවසීය. 02 December 2019
පකිස්ථාන් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි මෙරටට පැමිණි පකිස්ථාන විදේශ අමාත්‍ය ‘ෂාෂ් මහමුද් කුරේෂි‘ මහතා අද (02) කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ සබඳතා,රැකී රක්ෂා සහ කම්කරු සබඳතා ,නිපුණතා සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාව . 02 December 2019
නායයාමේ අවදානමකින් රත්තොට වතු පවුල් 16ක් ඉවත් කෙරේ මාතලේ, රත්තොට පිටකන්දවත්තේ වතු නිවාස පේළියක් කඩාවැටීමේ අවදානම් තත්වයක් මතුවීම හේතුවෙන් පවුල් 16ක පුද්ගලයින් 49 දෙනෙකු සහන කඳවුරක් වෙත අද(02) යොමු කළ බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 December 2019
ජාත්‍යන්තර ආබාධිත දිනයට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ප්‍රදර්ශනයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය විසින් හෙටට යෙදී තිබෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සංවිධානය කරන විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හෙට(3) හා අනිද්දා(4) දෙදින නාරාහේන්පිට මැනිං ටවුන්හි පිහිටි එම කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී උදේ 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. 02 December 2019
ප්‍රසම්පාදනයට පිටින් ගොස් ලක්ෂ හැටක් නාස්තියි 2019 වසර සඳහා පාසල් දරුවන්ට ඉංග්‍රීසි පොත් වර්ග තුනක් නැවත මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සඳහන් කරයි. 02 December 2019
නන්දිකඩාල් කලපුවේ මෝය කට ඇහිරී පවුල් 700ක් පීඩාවට පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මුලතිව්, නන්දිකඩාල් කලපුවේ මෝය කට ඇහිරීමෙන් අවට නිවාසවල ධීවර පවුල් 700 ක පිරිසක් විපතට පත්ව ඇතැයිද මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි. 02 December 2019
මරදම්කුලම් වැව් බැම්මට ආරක්ෂක හමුදාව වැලි කොට්ට අසුරති පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබූ කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි මරදම්කුලම් වැවෙහි වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැලිකොට්ට ගැසීමට පියවර ගෙන තබේ. 02 December 2019
නිවසක නිධන් හැරූ 3 ක් අත්අඩංගුවට වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි එකම පවුලේ 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි. 02 December 2019
විදුලි සැර වැදී සරසවි සිසුවෙක් මරුට යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු කිලිනොච්චිය උරුතිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ දී විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. 02 December 2019
පාර මාරු වෙමින් සිටි අයෙක් වාහනයක හැපී මරුට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලදේවාලයට හැරෙන හන්දියේ දී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු වාහනයක හැපීමෙන් මියගොස් ඇති අතර අනතුරට අදාළ වාහනය පලා ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි. 02 December 2019
වෑන් රථයක් අනතුරට ලක් වී 9 ක් රෝහලේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් නව දෙනෙකු බරපතල තුවාල ලබා අද (01) බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි. 01 December 2019
ගණිකා ජාවාරමේ යෙදුන මෝස්තර නිරූපණ ශිල්පිනියක් අත්අඩංගුවට අන්තර් ජාලයේ සැරි සරමින් ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යෙදුණු මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු වත්තල රූපලාවන්‍යාගාරයක් තුළදී අද (01) අත් අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය කියයි. 01 December 2019
බලපත් රහිතව කොස් දැව තොගයක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත් රහිතව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් දැව තොගයක් අද (01) රාත්‍රී 7.00 ට පමණ උළුවිටිකේ දී එක් සැක කරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බවපෝද්දල පොලිසිය කියයි. 01 December 2019
හෙරොයින් ග්‍රෑම් 27 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 27 යි මිලිග්‍රෑම් 77 ක් ගල්කිස්සේදී ගල්කිස්ස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවසීය. 01 December 2019
වීරකැටිය ක්‍රීඩාංගණය තුළ සිරකරගත් වාහන නිදහස් කරයි සංගීත සංදර්ශනයක් පැවැත්වීම සඳහා වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය පසුගිය 28,29,30 සහ අද (01) දින පෞද්ගලික ආයතනයක් විසින් වීරකැටිය ප්‍රාදේශීය සභාව සමඟ ගිවිසුම්ගතව ලබාගෙන ඇත. 01 December 2019
ගල්කුලම මුරියාකුලම මාර්ගය ජලයෙන් යටවෙයි කොට්ටුකච්චිය ගල්කුලමේ සිට මුරියාකුලම දක්වා දිවෙන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. 01 December 2019
අපවත් වී වදාළ නන්දසාර හිමිට අගමැති අවසන් ගෞරව දක්වයි වීරකැටිය නයිගල පුරාණ රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වෛද්‍ය ශූරී තලාවේ නන්දසාර හිමියන්ගේ දේහයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පස්වරුවේ අවසන් ගෞරව දැක්විය. 01 December 2019
නායයාමෙන් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගනී නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර ද අද (1) නාය ගිය ස්ථානයේ පස්වලට යට වී තිබී යුද හමුදා භට පිරිස් විසින් සොයා ගනූ ලැබු බව පදියපැලැල්ල පොලිසිය පවසයි. 01 December 2019
මුහුදු රළට හසු වූ තරුණයෙකු බේරාගැනේ පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ, ‘විස්කි පොයින්ට්’ මුහුදේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට විස්කි පොයින්ට් ඒකකයේ පොලිස් නිලධාරීහු අද(01) සමත්වූහ. 01 December 2019
වැස්සෙන් අ’පුර කලාප කාර්යාලයේ භාණ්ඩ රැසකට හානි අනුරාධපුරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජයන්ති මාවතේ පිහිටි අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයේ රුපියල් ලක්ෂ 25 කට ආසන්න පරිගණක, දැව උපකරණ සහ වටිනා ලිපි ලේඛන රැසක් විනාශයට පත්ව තිබේ. 01 December 2019
මඩොල්සිම පවුල් 46 ක් ඉවත් කෙරේ මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත ඩූමෝ කොටසේ මතුව ඇති නායයාමේ අවදානම් තත්වයක් හේතුවෙන් ලැයිම් කමරවල පදිංචිව සිටි පවුල් 46ක් ඉවත්කිරීමට අද(01) පියවර ගත් බව ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවැසීය. 01 December 2019
කටුනායක ගුවන්තොටට නව බස් රථ සේවාවක් කටුනායක ගුවන් තොටුපළේ පිවිසුම් පර්යන්තයේ සිට පිටවීමේ පර්යන්තය දක්වා නව බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත. 01 December 2019
මඩකලපුවේ මාර්ගයක් ප්‍රතිසංකරණය කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් මඩකලපුව මහා නගර සභා බල ප්‍රදේශයේ කල්ලඩි - උප්පෝඩයි මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද(01) උද්ඝෝෂණයක නිරතවූහ. 01 December 2019
රත්නපුර අවදානම් කලාපවල ජනතාවට විමසිලිමත් වන්නැයි කියයි අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අවදානම් කලාපවල වෙසෙන ජනතාව තවදුරටත් විමසිලිමත්ව හා අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා දන්වා සිටියි. 01 December 2019
වැස්සෙන් අ’පුරත් ජලයෙන් යටවෙයි අනුරාධපුර නගරයට නොකඩවා ඇදහැලෙණ දැඩි වර්ෂාව හේතුවෙන් මහා මාර්ග, නිවාස හා වෙළඳසල් ඇතුළු නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවූ බව අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 December 2019
කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද (01) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත. 01 December 2019
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට තද වැසි හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 01 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025