IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වීරකැටිය ක්‍රීඩාංගණය තුළ සිරකරගත් වාහන නිදහස් කරයි

(අනීෂා මානගේ)

සංගීත සංදර්ශනයක් පැවැත්වීම සඳහා වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය පසුගිය 28,29,30 සහ අද (01) දින පෞද්ගලික ආයතනයක් විසින් වීරකැටිය ප්‍රාදේශීය සභාව සමඟ ගිවිසුම්ගතව ලබාගෙන ඇත.

ක්‍රීඩාංගණයට හානි කිරීම සහ ක්‍රීඩාංගණය තුළට වාහන ඇතුළු කිරීම තහනම් බව අදාල ගිවිසුමේ ඇතුළත්ව තිබූ බවත් පෞද්ගලික ආයතනය එම කොන්දේසි කඩ කර ඇති බවත් සභාපති පියසේන ලියනාරච්චි මහතා පැවසීය.

ගිවිසුමට අදාල කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනයේ කළමනාකරුවකු සතු මෝටර් රථයක් ඇපයට තබාගෙන ක්‍රීඩාංගණයේ සිරකර තැබූ වාහන සියල්ල අද (01) නිදහස් කළ බව සභාපතිවරයා කීය.

මේ හේතුවෙන් සභාවට රුපියල් අට ලක්ෂ හතළිස්දහසක පාඩුවක් සිදුව තිබීම නිසා එම පාඩුව ලබාදෙන තෙක් සැනකෙළිය සඳහා පැමිණි ලොරි රථ නවයක් සහ මෝටර් රථයක් ක්‍රීඩාංගණය තුළ තිබියදී ක්‍රීඩාංගණයේ සියලුම ගේට්ටු අඟුලු දැමීමට සභාපතිවරයා ඇතුළු පිරිස ක්‍රියාකර තිබිණි.

කෙසේ වුවද එම ආයතනයේ වීරකැටිය ප්‍රදේශය භාර කළමනාකරුගේ මෝටර් රථය සහ එම රථයේ ගමන් බලපත්‍ර වීරකැටිය ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවන තුරු ඇප ලෙස ලබා දීමෙන් පසු ක්‍රීඩාංගණය තුළ සිරවූ වාහන සියල්ල නිදහස් කිරීමට සභාපතිවරයා පියවර ගත්තේය.

 

 



අදහස් (0)

වීරකැටිය ක්‍රීඩාංගණය තුළ සිරකරගත් වාහන නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site