(ප්‍රින්ස් රත්නායක)
අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අවදානම් කලාපවල වෙසෙන ජනතාව තවදුරටත් විමසිලිමත්ව හා අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා දන්වා සිටියි.
වැසි තත්වය තවදුරටත් පවතින බවට වාර්තා කර ඇති බැවින් ස්ථානීය නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවට හා කඳු බෑවුම් හා ගංගා ආශ්‍රිතව වෙසෙන පිරිස නායයාම් පූර්ව ලක්ෂණ හා අධික වර්ෂව සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස දන්වා සිටී.
අදාළ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් එවැනි ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව දැනුවත් කිරීමට ග්‍රාම නිලධාරවරුන් වෙත උපදෙස් දී ඇති බවත් පැවසූ අභීත වනසුන්දර මහතා කියා සිටියේ එවැනි හදිසි ආපදා තත්වයක දී 117 අමතා දැනුවත් කරන ලෙසයි.
ඉඹුල්පේ, සීලගම, බෙලිහුල්ඔය, පින්නවල, වලේබොඩ, මැද්දකන්ද, හුණුකුඹුර ආදී ප්‍රදේශ කීපයක ඉවුරුකඩා වැටීම් වාර්තාවෙයි. බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච් එම්. හේමන්ත බණ්ඩාර මහතා කීවේ ඉවුරු කඩාවැටීම් කීපයක් වාර්තා වන බවත් විශේෂ සිද්ධීන් හෝ විශේෂ ආපදා තත්වයක් තම ලේකම් කොට්ඨාසය තුළ වාර්තා වී නොමැති බවයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රත්නපුර අවදානම් කලාපවල ජනතාවට විමසිලිමත් වන්නැයි කියයි