IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ජාත්‍යන්තර ආබාධිත දිනයට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ප්‍රදර්ශනයක්

(බිඟුන් මේනක ගමගේ)

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය විසින් හෙටට යෙදී තිබෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සංවිධානය කරන විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හෙට(3) හා අනිද්දා(4) දෙදින නාරාහේන්පිට මැනිං ටවුන්හි පිහිටි එම කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී උදේ 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.

‘පියවරක් පෙරට’ මැයෙන් සංවිධානය කෙරෙන මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා පුද්ගලයන්ගේ දෛනික කටයුතු පහසු කරන නව තාක්ෂණික උපකරණ හා මෙවලම්, නවීන අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ උපාංග, නවීන ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාරක, භෞත චිකිත්සන ප්‍රතිකාර සඳහා යොදාගන්නා නවීන උපකරණ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ඉගෙනුම් ක්‍රමවේද ආදී ක්‍ෂේත්‍ර රැසක් පිළිබඳ දැනුම බෙදාගැනීම සිදුවේ.

විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන්ගේ සිතුවම් හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන අතර වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥ ආයතනය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික ශිල්ප සභාව ආදී ආයතනවල ප්‍රදර්ශන කුටිවලින් සමන්විත යැයි සංවිධායකයෝ පවසති.

ප්‍රදර්ශනය නැරඹීමට මුදල් අය නොකරන අතර එයට සහභාගී වී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සහායක් වන්නැයි විශේෂ අධ්‍යාපන ගුරු භවතුන්ගෙන් විද්‍යාපීඨවල අධ්‍යාපනය ලබන්නන්ගෙන් වෛද්‍ය හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති. 



අදහස් (0)

ජාත්‍යන්තර ආබාධිත දිනයට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32039 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11239 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site