IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැස්සෙන් අ’පුර කලාප කාර්යාලයේ භාණ්ඩ රැසකට හානි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජයන්ති මාවතේ පිහිටි අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ රුපියල් ලක්ෂ 25 කට ආසන්න පරිගණක, දැව උපකරණ සහ වටිනා ලිපි ලේඛන රැසක් විනාශයට පත්ව තිබේ.

ජලයට හසුවීමෙන් කලාප කාර්යාලය තුළ විනාශයට පත්වූ භාණ්ඩ එම කාර්යාලයේ නිලධාරින් අද (1) පිරිසිදු කිරිමේ නිරතව සිටියහ.

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටා ඇති කලාප කාර්යාලය පහත් මට්ටමේ ඉඩමක ඉදිකිරිම් හේතුවෙන් වැසි ජලය කලාප කාර්යාලය තුළට ගලා යාමෙන් මෙම දේපළ මෙසේ විනාශයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.එම්.හෙට්ටි ආරච්චි මහත්මිය මෙසේ පැවසුවාය.

‘අවුරුදු ගණනාවක් දිගින් දිගටම කලාප කාර්යාලය වැස්සට,ගංවතුරට යට වෙනවා.මේකට හේතුව පහත මට්ටමේ ඉඩමක මේ ගොඩනැගිල්ල ඉදිකිරිම නිසයි. මේ ඉඩම පුරවන්න අවශ්‍ය නැත්නම් වෙනත් තැනක් මේ සඳහා අවශ්‍යයි. නාච්චාදුව වැව වාන් දැමූ විට කලාප කාර්යාලය ජලයෙන් යටවෙනවා. වැස්ස පටන් ගත්තා විතරයි. ඉදිරියේ දී මිට වඩා ජලය ගලන්න පුළුවන්.

පළාත් කාර්යාලයේ ඉඩමේ කලාප කාර්යාලයක් ඉදිකරමින් පවතිනවා. අවුරුදු හතරක් වෙනවා තාමත් එකේ වැඩ ඉවර නැහැ. මේ කලාප කාර්යාලය ජලයට යටවීමෙන් අපි දැඩි අපහසුතාවයකට පත්වෙනවා. හැම අවුරුද්දකම දෙවතාවක් තුන්වතාවක් මේවා පිරිසිදු කරන්න වෙනවා.

පරිගණක දහයක් විතර විනාශ වුණා. ලීබඩුත් විශාල ප්‍රමාණයක් හානිවුණා. සැලසුම්, සංවර්ධන අංශය මගේ නිල කාමරය, පාසල් සංවර්ධන අංශය, මේ ඔක්කෝම ජලයෙන් යටවුණා. අපේ කාර්ය මණ්ඩලයට මේ කාර්යාලය ප්‍රමාණවත් නැහැ. කලාපයේ ගුරුවරු 4200 ක් ඉන්නවා. විදුහල්පතිවරු අනධ්‍යන කාර්ය මණ්ඩලය අපි 5000 කට අධික පිරිසක් කලාප කාර්යාලයෙන් නඩත්තු වෙනවා.’



අදහස් (0)

වැස්සෙන් අ’පුර කලාප කාර්යාලයේ භාණ්ඩ රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site