බදුල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 11ක් නායයාමේ අවදානමක
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල, ඇල්ල, හාලි-ඇල, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, සොරණාතොට, ඌව පරණගම, වැලිමඩ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබූ නායයාමේ අවදානමේ දෙවන අදියරේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.