IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බෝලියද්දේ මාරක පාලමෙන් එගොඩට යන මිනිස්සු

(නිශාන්ත කුමාර)
 
බදුලුඔය හරහා පිහිටි තල්දෙන බෝලියද්ද නවයේ කණුව අත්වැල් පාලම දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් එයින් ගමන්ගන්නා ජනයාට මර බියේ එගොඩ, මෙගොඩ වීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
 
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන බෝලියද්ද, හුණුකැටපිටිය,  පුස්සල්ලාව, කිඹූලත්තාවෙල,  උඩවෙල, එගොඩවෙල, කීරියගොල්ල, වත්තේකැලේ  ඇතුළු ගම්මාන රැසක ජනතාව බදුලුඔයෙන් මෙගොඩ පිහිටි බදුල්ල මහියංගණ මාර්ගය වෙත පැමිණෙන්නේ මෙම අත්වැල් පාලමෙනි. එගොඩින් පිහිටි වෙල්යාය වෙත බෝලියද්ද හා ඒ අවට ගම්වාසීන් ගමන් ගනුයේද මෙම පාලමෙනි.
 
මෙම අත්වැල් පාලම හැරුණුවිට ළඟපාතක වෙනත් පාලමක්ද නොමැත.
 
මීටර් 100 කටත් වැඩි දිගකින් යුත් මෙම පාලමේ ස්ථාන රැසක් මේ වන විට දැඩි සේ අබලන්ව පවතින අතර, ආධාරක කම්බි බුරුල් වී ඇති අවශ්‍ය ප්‍රමාණයට වඩා එහා මෙහා පැද්දෙයි. එහි අතුරා ඇති ලෑලි බොහොමයක් දිරාපත්ව ගැලවී ගොස් ඇත. ඇතැම් ලෑලි තහඩු පුපුරා කැඩී ගොස් තිබේ. මෙලෙස දිරාගිය ලෑල්ලකින් පය පැටලී ඇද වැටුණහොත්  මහත් අනතුරක් වීමට ඉඩ ඇතැයි ජනතාව පෙන්වා දෙති.
 
ගැලවී  ගිය ලෑලි වෙනුවට එහි යන එන පිරිස කැලෑවෙන් කපාගනු ලැබූ ලී, කෝටු ආදිය තබා ගැටගසා ඇතත් එය ඉතා අනාරක්ෂිත බව ද ඔවුහු කියති.

මෙම පාලම වෙත පැමිණීම සඳහා බදුල්ල මහිංයගන ප්‍රධාන මාර්ගයේ සිට අඩි කිහිපයක් පළල ගම්සභා මාර්ගයක් ඉදිකර තිබුණද, මේ වනවිට අවට ඉඩම් හිමියන් විසින් එම මාර්ගයද අත්පත්කරගෙන ඇති බැවින් මේවනවිට ඉතිරිව ඇත්තේ අඩි දෙක තුනක් පළල පාලමක් බවද ගම්මු සඳහන් කරති.
 
මෙම පාලම හරහා ගමන් ගන්නා බහුතරයක් පිරිස ප්‍රදේශයේ  ගොවි ජනතාව වන අතර වී, පොහොර, එළවළු ආදිය කර තබාගෙන මෙම පාලමෙන් යති. බදුලු ඔයේ ජල මට්ටම හිටිහැටියේ ඉහළ යන බැවින් ඔය හරහා ජලයේ බැස එහා මෙහා යාමද ඉතා අනාරක්ෂිත කටයුත්තක් බව ඔවුහු කියති.

අබලන් වූ පාලම පිළිසකර කරදෙන්නැයි ජනතාව සොරණාතොට ප්‍රාදේශීය සභාව, ඌව පළාත් සභාව හා රජයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (0)

බෝලියද්දේ මාරක පාලමෙන් එගොඩට යන මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site