ලක්ෂ 70 ක් පමණ වටිනා ගංජා හේනක් වටලයි මිද්දෙණිය කපුවාගල රක්ෂිතයේ අක්කරයක පමණ භූමියක ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (06) සවස අත්අඩංගුවට ගෙන ඇත. 06 December 2019
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කරයි කිලිනොච්චිය ඉරණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් හය බැගින් විවෘත කිරීම නිසාවෙන් ජලාශයට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරි ඉංජිනේරුවරුන් අනතුරු අඟවා තිබේ. 06 December 2019
‘‘ඕනෑම පරීක්ෂණයකට සූදානම්‘ තම පාලන කාලය තුළ සිදුවී ඇතැයි කියන සිද්ධීන් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (06) පැවසීය. 06 December 2019
මාතලේ නගරාධිපතිට එරෙහි චෝදනා පත්‍රයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට බාරදෙයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුලු මාතලේ මහ නගර සභාවේ සභිකයින් පිරිසක් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සිදුකළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ලිපිගොනු කිහිපයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාට භාරදුන්හ. 06 December 2019
රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දන්වයි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අට වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමේ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 06 December 2019
කොල්ලුපිටිය මුහුදු තීරයෙන් සීල් මත්ස්‍යයෙක් කොල්ලුපිටිය මුහුදු තීරයේ අද (6) සීල් මත්ස්‍යයකු දැකගැනීමට හැකිවිය. සීල් මත්ස්‍යයන් ඉතාමත් දුර්ලභ ඝනයේ මුහුදු සත්වයෙකි. 06 December 2019
උරයක දමා බිළිදියක් මහමග දමා ගිහින් අලුත උපන් බිළිදියක් උරයක බහා කැලෑවක දමා ගොස් තිබියදි අද (6) පුත්තලම පොලිසිය මැදිහත් වි පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව නොමේරු ඒකකයට ඇතුළත් කළ බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පැවසීය. 06 December 2019
මාතර ලංගම ඩිපෝ කළමනාකරුට දෝස්මුරයක් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවූ මාතර ශ්‍රීලංගම ඩිපෝවේ කළමණාකරු පැයක් ඇතුළත කැදවන්නැයි අධ්‍යාපන හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (6) එම ඩිපෝවේ පරික්ෂකවරයාට හා පොලීසියට නියම කළේය. 06 December 2019
කල් ඉකුත්වූ තීන්ත වැඩි මිලට විකිණූ ජාවාරමක් වටලයි කල්ඉකුත් වූ තීන්ත අඩු මුදලකට මිලදී ගෙන නැවත අසුරා අලුත් තීන්ත ලෙස ලේබල් නොමැතිව වැඩි මිලට වෙළෙඳපොලට නිකුත් කිරිමේ මහා පරිමාණ ජාවාරමක් පාරිභෝගික අධිකාරිය මගින් අනාවරණය කරගනු ලැබීය. 06 December 2019
මහ වැස්සට දමන මොරාන වැවෙහි පිටවාන කැඩී යයි අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව ගම්මානයේ පිහිටා තිබෙන මොරාන වැවෙහි ප්‍රතිසංස්කරණය කරමින් තිබු පිටවාන කඩාගෙන ගොස් තිබේ. 06 December 2019
වල්ලපට්ටා තෙල් හිදින ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට කදුරුගස්හේන දේවාල පාරේ නිවසක පවත්වා ගෙන ගිය වල්ල පට්ට තෙල් හිඳිමේ මධ්‍යස්ථානයක් වටලා වල්ල පට්ට කිලෝ 39ක් හිඳින ලද වල්ල පට්ට තෙල් බෝතල් 2ක් සහ හිඳිමේ උපකරණ තොගයක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි. 06 December 2019
‘සත්කාරක සේවා පුහුණු පාඨමාලාව’ නිම කළ සිසුන්ට සහතික පත් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ ත්‍රෛමාසික ‘සත්කාරක සේවා පුහුණු පාඨමාලාව’සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පත්‍ර ලබාදීමේ උත්සවය සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (06) පැවැත්විණ. 06 December 2019
ඇමැති ජොන්ස්ටන් වරායේ කසළ බැහැර කිරිම ගැන සොයා බලයි මාර්ග සහ මහාමාර්ග,වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ වරායේ කුණු කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සොයා බලමින් නිරීක්ෂණ චාරිකාවක අද (6) නිරත විය. 06 December 2019
පොල් ප්‍රවාහනය කරන මුවාවෙන් ඉරූ දැව පටවලා පොල් ප්‍රවාහනය කරන මුවාවෙන් ඉරූ ගං කොහොඹ සහ තේක්ක දැව තොගයක් බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කළ බව අයකු අද (6) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු පවසති. 06 December 2019
ඉඹුල්පේ මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි ඉඹුල්පේ ගුරුබැබිල ගල්ලෙනකන්ද කන්ද මාර්ගයට සුදුහකුරුකන්ද ප්‍රදේශයේ විශාල පස්කන්දක් අද (6) කඩා වැටීමෙන් වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වී තිබේ. 06 December 2019
මසුන් මැරීමට යොදා ගන්නා තුවක්කු 4 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මසුන් මැරීම සඳහා යොදා ගන්නා තුවක්කු හතරක් නීති විරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10 ක ඇපයක් මත මුදා හැරීමට කොළඹ අංක 5 ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ඩි.ආර්. නෙළුම්දෙනිය මහතා අද (05) සවස නියෝග කළේය. 05 December 2019
දෙමෝදර - ස්ප්‍රීංවැලි මාර්ගය ගවරවෙලින් අවහිර වෙයි බදුල්ල දෙමෝදර හරහා ස්ප්‍රීංවැලි මාර්ගයේ ගවරවෙල ප්‍රදේශයේදී අද (05) මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ඇල්ල පොලිසිය කියයි. 05 December 2019
උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 9 කින් පරාජය වෙයි එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද නවයකින් අද (05) පරාජයය පත්විය. 05 December 2019
නිධන් හැරූ 5 ක් අත්අඩංගුවට නෙළුව ඇහැලපිටිය ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නිධන් හෑරිමට යොදා ගන්නා ලද උපකරණ රැසක්ද සමඟ අද (05) රාත්‍රී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි. 05 December 2019
වැස්සෙන් අම්පාරේ 40,000 ක් පීඩාවට අම්පාර දිස්ත්‍රික්කයට පවතින අධික වාර්ෂාව හේතුවෙන් 40,000 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව ඇති බව අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා අද (05) පැවසිය. 05 December 2019
කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් විවෘත කෙරේ කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් අද (05) සම්පූර්ණයෙන්ම විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම්.එච්.එම්.ආර් බණ්ඩාර මහතා පැවසීය. 05 December 2019
යාං ඔය පිටාර ගැලීමෙන් කහටගස්දිගිලියේ 4352ක් පීඩාවට යාං ඔය පිටාරා ගැලීමෙන් කහටගස්දිගිලිය නිසා අද(05) ගම්මාන 20 ක පවුල් 4352ක් පීඩාවට පත්වී ඇතැයි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා සඳහන් කළේය. 05 December 2019
මහවිලච්චියේ නිවාස 40ක් ජලයෙන් යටවෙයි අධික වර්ෂාව හේතුවෙන් මහවිලච්චිය ගොවි ජනපදයේ නිවාස 40ක් පමණ ජලයෙන් යටවී ඇතැයි මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරි සී. චන්ද්‍රදාස මහත්මිය අද(05) පැවසුවාය. 05 December 2019
මහනුවර අවතැන් 98දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් 22 කට අයත් පුද්ගලයින් 98 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 05 December 2019
හැටන්-කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට ඇති බව යටියන්තොට පොලිසිය පවසයි. 05 December 2019
විදෙස් සේවා කාර්යංශයේ ගාස්තු අඩුවෙයි විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන ලියාපදිංචි වීමේ ගාස්තු හා ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු අඩුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 05 December 2019
බදුල්ලේ පවුල් 499 ක පිරිස් අවතැන් කඳවුරු 9ක පවතින වැසි සමඟ ඇතිවු ආපදා තත්වයන් මත සහ ආපදා අවදානම් තත්වයන් මත සිය නිවාස වලින් ඉවත් කළ පවුල් 449 කට අයත් පුද්ගලයන් 1945 දෙනෙක් අවතැන් කදවුරු 9 ක නතර කර ඇතැයි ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතා පැවසීය. 05 December 2019
වැවමැඩිල්ල ජලාශය වාන්දමයි මාතලේ දිස්ති‍්‍රක්කයට ඇද හැලූණු අධික වාර්ෂාවත් සමග ගලේවෙල, වැවමැඩිල්ල ජලාශය අද(5 ) වාන් දැමීම ආරම්භ කළේය. 05 December 2019
පොළොන්නරුවේ 264ක් පීඩාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 78ක පුද්ගලයින් 264දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 05 December 2019
ගරාජයකට පස් කණ්ඩියක් කඩාවැටී යතුරුපැදි 13කට හානි බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ තන්තිරිය හන්දියක් අසළ පිහිටි ගරාජයක් මතට අද(05) පස් කණ්ඩියක් කඩා වැටී එහි තිබූ යතුරු පැදි 13ක් පමණ යටවී හානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 05 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025