(දසුන් රාජපක්ෂ)
රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අට වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමේ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම දැනුම්දීම කර ඇත්තේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරවය.
ඒ අනුව ඉදිරියෙදී රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ රංජිත් සොයිසා මහතාට පසුව වැඩිම මනාප ගෙන ඇති අපේක්ෂකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට නියමිතය.
ඉන් අනතුරුව මැතිවරණ කොමිසන් සභාව විසින් පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා තෝරා පත්කෙරෙන මන්ත්‍රීවරයාගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd