(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවූ මාතර ශ්‍රීලංගම ඩිපෝවේ කළමණාකරු පැයක් ඇතුළත කැදවන්නැයි අධ්‍යාපන හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (6) එම ඩිපෝවේ පරික්ෂකවරයාට හා පොලීසියට නියම කළේය.
ඩිපෝ කළමණාකරු සිටින තැන අසා පොලිස් ජීප් රථයකින් හෝ ගොස් ඔහු රැස්වීමට කැඳවා ගෙන එන ලෙසට එහිදී කියා සිටියේය.
මාතර ශ්‍රීලංගම ඩිපෝවේ රියදුරු,කොන්දොස්තර හා කාර්මික නිලධාරීන් පිරිසකට පසුගිය ආණ්ඩුව උසස්වීම් ලබා දී ඇති බවද එම නිසා නියමිත බස් රථ ධාවනය කිරීමට රියදුරු හා කොන්දොස්තරවරුන් නොමැති බවද එහිදී අනාවරණය විය.
බස් රථ 60ක් දිනකට ධාවනය වු මාතර ඩිපෝවේ අද වන විට ධාවනය වන්නේ බස් රථ 35ත් 40ත් අතර ප්‍රමාණයක් බවද මේ නිසා දෛනික ආදායම රුපියල් ලක්ෂ පහ හයකින් පහත වැටී ඇති බවද අලහප්පෙරුම මහතා කියා සිටියේය.
පසුගිය ඡන්දයට පෙර රියදුරු හා කොන්දොස්තරවරුන්ට උසස්වීම් ලැබීම නිසා ඔවුන් බස් රථ ධාවනයෙන් ඉවත් වී අත්සන් කර නිකරුණේ සිටින බවද කියැවිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමට ඩිපෝ කළමණාකරු සොයන විට ඔහු වෙනුවට පිළිතුරු සැපයීමට ඉදිරිපත් වූයේ ඩිපෝ පරීක්ෂකපී.එම්.ඒ.සී.හේමන්ත මහතාය.
ඩිපෝ කළමණාකරු අද දින නිවාඩු දමා ඇති බවත් ඔහු වෙනුවෙන් තමාට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යන ලෙසට අද උදෑසන දැනුම් දුන් බවත් හේමන්ත මහතා කීය.
මේ රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී තිබෙන්නේ සතියකට ප්‍රථම බවත් මෙය මඟහැර සිටීමට ඩිපෝ කළමණාකරුට නොහැකි බවත් මෙය විහිළුවක් කර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර ලංගම ඩිපෝ කළමනාකරුට දෝස්මුරයක්
wedage Friday, 06 December 2019 11:38 AM
ලංගමයට නැවතත් කණ කොකා හැඩීමට පටන් අරගෙන වගෙයි මතකනේ මාස හයක් පමණ පඩි නැතුව හිටියා