රන් භාණ්ඩ සොරකම් කළ සිසුන් 3 ක් අත්අඩංගුවට මාතලේ උකුවෙල වරකන්ද ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රුපියල් 4,20,000 වටිනා රන් භාණ්ඩ සොරකම් කළ තරුණයන් දෙදෙනෙකු සහ තරුණියක් අද (10) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 December 2019
වවුනියාව මහ වැව පිටාර ගලයි වව්නියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වවුනියාව නගරය ආසන්නයේ පිහිටි වවුනියාව මහ වැව පිටාර ගැලීමට පටන් ගෙන තිබේ. 10 December 2019
සෝමාවතියේ ගස් කැපීමට ගිය තිදෙනෙකුට දඩ සෝමාවතිය ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළු වී, එහි ශාක විනාශ කිරීමට තැත් කළ තිදෙනෙකුට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද(10) රුපියල් එක් ලක්ෂ පන්දාහක දඩමුදලක් නියම කළේය. 10 December 2019
තරුණියක අපයෝජනය කළැයි පොහොට්ටු මන්ත්‍රීගේ පුතා රිමාන්ඩ් තරුණියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු දෙසැම්බර් 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අංක අධිකරණයේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (10) නියම කළේය. 10 December 2019
ජපානයේ ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ත්‍රිකුණාමලයට ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (10) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. 10 December 2019
තිරිඟු පිටි වැඩි මිලට විකිණූ 44 කට දඩ නියමිත මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 44දෙනෙකුගෙන් අධිකරණය හරහා රුපියල් 121,500 ක මුදලක් දඩ මුදල් වශයෙන් අයකරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 10 December 2019
ටී56 ජීව පතුරොම් සමඟ අයෙක් අත්අඩංගුවට ටී56 ජීව පතුරොම් සමඟ හමුදා සේවයෙන් පලාගිය සෙබළෙකු අද(10) මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීහු පවසති. 10 December 2019
හෙට රෑ සිට පැය 7ක් කෝට්ටේට වතුර කපයි අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට(11) රාත්‍රී 10.00 සිට පසුදින(12) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 10 December 2019
නාය යාමේ අවදානමකින් හපුතලේ 242 ක් ඉවත්කෙරේ වර්ෂාව සමග නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (10) හපුතලේ කහගොල්ල වතුයායේ පවුල් 52ක සාමාජිකයින් 240දෙනෙකු වහාම ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 December 2019
දකුණු පළාත් සභාවේ අධිකාරි 4කට නව සභාපතිවරු පත් කෙරේ දකුණු පළාත් සභාවට අයත්, කාර්මික සංවර්ධන අධිකාරිය ඇතුළු අධිකාරි හතරක සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්රදානය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අතින් අද (10) ගාල්ල ඩික්සන් පාරේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු විය. 10 December 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තණමල්විල, ගගේයාය ප්‍රදේශයේදී සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් ගිනි අවියක් සමඟ පුද්ගයෙකු අද (10) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි. 10 December 2019
නිවසේ ගංජා වේළමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අල්ලයි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවයේ යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ගංජා කිලෝග්‍රෑම් 6ක් සහ ග්‍රෑම් 200ක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. 10 December 2019
යාපනයේ වැවක මළසිරුරක් යාපනය පුන්ගන් කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා වැවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි. 10 December 2019
අනවසරෙන් මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් 5 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 December 2019
මැතිවරණ නිලධාරින්ට අපිරිසිදු කෑම දුන්නාට 8000 ක් දඩ ජනාධිපතිවරණ මැතිවරණය පැවැති දිනය තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය මැතිවරණ රාජකාරීවල නිරතව ස ිටි නිලධාරීන් 62 දෙදෙනකුට ආහාර විසවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මරදාන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 8000 ක දඩයක් නියම කර ඇත. 10 December 2019
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී 6ක් රෝහලේ කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ තන්නිමලේ ප්‍රදේශයේ දී අද (10) ත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරළී 6 දෙනෙකු තුවාල ලබා ඇති බවට බුලත්කොහුපිටිය පොලීසිය පවසයි. 10 December 2019
වන්දි මුදල ප්‍රමාණවත් නැතැයි තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා අත්පත් කරගන්නා ඉඩම් වෙනුවෙන් ගෙවන වන්දි මුදල ප්‍රමාණවත් නැතැයි චෝදනා කරමින් අද (9) සවස මීරිගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බැන වැදී පිහියක් පෙන්වා මරණ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 09 December 2019
පේසාලේදී බීඩි කොළ කිලෝ 1448 ක් අත්අඩංගුවට මන්නාරම පේසාලේ ප්‍රදේශයට ආසන්න මුහුදු තිරයේ අද (9) කළ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 29 ක බහා තිබූ බීඩි කොළ කිලෝ 1448 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 09 December 2019
ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා මුදල් ගත් 2 ක් අත් අඩංගුවට උතුරු මැද පළාතේ පාසලක ගුරු පත්වීමක් ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පත්වීම් ලිපියක් ලබාදී දහම් පාසල් ගුරුවරියකගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු බත්තරමුල්ල - ඉසුරුපාය ඉදිරිපිට දී අද (09) අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 December 2019
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 4ක් අල්ලයි මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු අද(09) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 09 December 2019
බස් රථයකට පහර දුන් 7 දෙනෙකු අත්අඩංගුවට හපුතලේ සර්වුඩ් ප්‍රදේශයේ දී බස් රථයකට පහර දුන් බව කියන පුද්ගලයින් හත් දෙනෙකු අද (09) සවස අත්අඩංගුවට ගත්බව හපුතලේ පොලිසිය කීය. 09 December 2019
වංචනිකව අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ 5 කට දඩ අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ අලෙවි කිරීමේදී වංචනික ලෙස කටයුතු කළ බවට වරදකරුවන් වූ පුද්ගලයන් පස් දෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරණාදාස මහතා රුපියල් 29,000 ක දඩ මුදලක් අද (09) නියම කළේය. 09 December 2019
බාබුල් - මාවා කිලෝ 47 ක් සමඟ 6 ක් පොලිස් දැලේ බාබුල් සහ මාවා පුවක් කිලෝ 47 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි. 09 December 2019
මාධ්‍යවේදියාට එල්ල වූ ප්‍රහාරයේ දේශපාලනය සොයන්න ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත ද සිල්වා මහතාට හා ඔහුගේ බිරිඳට එල්ල වූ ප්‍රහාරය දේශපාලන පලිගැනීමකට සමාන යැයි ද ඒ ගැන කඩිනම් පරීක්ෂණයක් කර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 December 2019
ලොරි රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය හයේ කණුව ප්‍රදේශයේදී අද ( 9) ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි. 09 December 2019
බදුල්ලේ 1899 ක් අවතැන් වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 446 ක පුද්ගලයන් 1899 දෙනෙකු අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 09 December 2019
චීන තානාපති හිටපු ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ඉකුත් දා මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී චීන නායකයන්ගේ ශුභාශිංසන පිරිනමා ඇත. 09 December 2019
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ වර්ජනය අවසන් පැය හයක වර්ජනයකින් පසුව බණ්ඩාරවෙල ඩිපෝවේ සේවකයින් නැවත සේවයට පැමිණ බස්රථ ධාවනය ආරම්භ කළ බවද , ඒ අනුව වර්ජනය අවසන් කළ බවද බණ්ඩාරවෙල ඩිපෝව කියයි. 09 December 2019
පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධව තරුණයින් තිදෙනෙකු අද(9) සැකපිට අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 09 December 2019
බන්ධනාගාරයට ඉහළින් සැරිසැරූ ඩ්‍රෝනයක් ගැන පැමිණිල්ලක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉහළින් සැරිසැරූ ඩ්‍රෝන යානයක් පිළීබඳව බන්ධනාගාර මූලස්ථානය බොරැල්ල පොලිසියට දැනුම් දී තිබේ. 09 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025