IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රන් භාණ්ඩ සොරකම් කළ සිසුන් 3 ක් අත්අඩංගුවට

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ උකුවෙල වරකන්ද ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රුපියල් 4,20,000 වටිනා රන් භාණ්ඩ සොරකම් කළ තරුණයන් දෙදෙනෙකු සහ තරුණියක් අද (10) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

භාණ්ඩ සොරකමක් පිළිබඳව මාතලේ පොලිසියේ අපරාධ විමර්ෂන අංශයට ලද පැමිණිල්ලක්  අනුව කරන ලද  විමර්ෂනයකදී සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස පාසල් සිසුන් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ මවක් හිතවත් නිවසකින් පැළඳීම සඳහා නිතර රන් භාණ්ඩ හුවමාරු කර ගන්නා බවත් එම නිවසින් මොවුන් මෙම රන් භාණ්ඩ සොරකම් කර ඇති බවත් පසුව පාසලේ සිටින මිතුරියකට එම රන් භාණ්ඩ සඟවා තබා ගැනීමට ලබාදී ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ෂන වලදි අනාවරණය වී තිබේ.

රන් භාණ්ඩ සඟවා තබා ගැනීමට දුන් මිතුරියගේ මව විසින්  රන් භාණ්ඩයක් නුවර වෙළඳ සැලකට උකස් කර තිබියදී  සොයාගත් ගත් බවද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව සැකරුවන් සොරකම් කළ භාණ්ඩ අතර පවුම් 4 ක් බර රන්මාලයක්,පවුම් එක හමාරේ වලලු 02 ක්,පවුම් එකක පෙන්ඩනයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන්  මාතලේ මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියයි.

 

 



අදහස් (0)

රන් භාණ්ඩ සොරකම් කළ සිසුන් 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site