(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධව තරුණයින් තිදෙනෙකු අද(9) සැකපිට අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, ආණමඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි (4500) අබේසිංහ , (60935) අසේල යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
අදාල නිලධාරීන් දෙදෙනා 8 වන දින රාත්‍රියේ ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ඇති බවත් එහිදී ඇතිවූ සුළු සිද්ධියක් මුල් කරගනිමින් එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔවුන්ට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
පහරදීමට සම්බන්ධ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවත් සැකකරු පහර දෙන අවස්ථාවේ ඔහු සමග සිටි අනෙක් තරුණයින් දෙදෙනෙකු එම පහරදීම වැළැක්වීමට උත්සාහ කර ඇති බවත්,
එම පොලිස් නිලධාරීන් ප්‍රකාශ ලබා දී තිබේ.
පහරදීම සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd