(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධව තරුණයින් තිදෙනෙකු අද(9) සැකපිට අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, ආණමඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි (4500) අබේසිංහ , (60935) අසේල යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
අදාල නිලධාරීන් දෙදෙනා 8 වන දින රාත්‍රියේ ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ඇති බවත් එහිදී ඇතිවූ සුළු සිද්ධියක් මුල් කරගනිමින් එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔවුන්ට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
පහරදීමට සම්බන්ධ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවත් සැකකරු පහර දෙන අවස්ථාවේ ඔහු සමග සිටි අනෙක් තරුණයින් දෙදෙනෙකු එම පහරදීම වැළැක්වීමට උත්සාහ කර ඇති බවත්,
එම පොලිස් නිලධාරීන් ප්‍රකාශ ලබා දී තිබේ.
පහරදීම සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට