(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා අත්පත් කරගන්නා ඉඩම් වෙනුවෙන් ගෙවන වන්දි මුදල ප‍්‍රමාණවත් නැතැයි චෝදනා කරමින් අද (9) සවස මීරිගම ප‍්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බැන වැදී පිහියක් පෙන්වා මරණ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල මිදෙල්ලවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ප‍්‍රාදේශීය ලේකම් ඉන්දික සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දහවල් ආරම්භ කළ දේපල වන්දි ගෙවීම සඳහා වන කමිටු රැස්වීමේදී මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය කියයි.
මෙම ඉඩම් හිමියාගේ දියණියද පැමිණ කරුණු දක්වා පිටව ගොස් ඇති අතර අනතුරුව සැකකරු තමන්ට ලැබෙන වන්දි මුදල ප‍්‍රමාණවත් නැති බවට කරුනු දක්වා ඇත.
ඒ අනුව යළි ගණනය කළත් ගෙවිය හැක්කේ එම මුදල බව ප‍්‍රකාශ කිරීමෙන් පසු එම පුද්ගලයා බෑගයක තිබූ දුනු පිහියක් අතට ගෙන බැන වැදී මරණ තර්ජනය කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් මීරිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුට හෙට (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වන්දි මුදල ප‍්‍රමාණවත් නැතැයි තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට