(ඩී.කේ.රත්න)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය හයේ කණුව ප‍්‍රදේශයේදී අද ( 9) ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියෙන් ගමන්ගත් පුද්ගලයෙකි.
තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
බදුල්ල පස්සර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැල්ලවාය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd