(ඩී.කේ.රත්න)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය හයේ කණුව ප‍්‍රදේශයේදී අද ( 9) ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියෙන් ගමන්ගත් පුද්ගලයෙකි.
තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
බදුල්ල පස්සර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැල්ලවාය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලොරි රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට