සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මරුට මොනරාගල ගොවිදුපුර පුවක්ආර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු අද (14) පුවක්ආරඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් මියගොස් ඇතයි ගොවිදුපුර පොලීසිය පවසයි. 14 December 2019
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ගම්පහ නිරීක්ෂණයක බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (14) දහවල් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. 14 December 2019
මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට පසුගිය මාස කිහිපයක් පුරා බෙලිඅත්ත පොලිස් වසම තුළ සිදුකරන ලද මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු සමග මංකොල්ල කන ලද රන් ආභරණ රැසක් බෙලිඅත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ. 14 December 2019
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට දමන, වඩිනාගල ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී අද (14) ට්‍රිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව ඉඟිනියාගල පොලීසිය කියයි. 14 December 2019
’’අධිෂ්ඨානයේ පාද යාත්‍රාව’’ අද නිට්ටඹුව සිට කැලණියට දශක තුනකට ආසන්න කුරිරු ත්‍රස්තවාදී සටනේදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීම පිණිස දෙනෙත් අහිමිවූ සහ පාදයක් ආබාධිත යුධ හා නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු යාපනය, නාගදීපයේ සිට කතරගම, කිරිවෙහෙර දක්වා ගමන් ගන්නා ’’ අධිෂ්ඨානයේ පාද යාත්‍රාව ’’ 22 වෙනි දිනට නිට්ටඹුව සිට කැලණි විහාරස්ථානය දක්වා අද (14) පෙරවරුවේ ගමන් ගත්තේය. 14 December 2019
යතුරුපැදි අනතුරින් තරුණියක මරුට නාඋල පිලිහුඩුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණියක මියගොස් තවත් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නාඋල පොලිසිය කියයි. 14 December 2019
විදුලි සැර වැදී පුද්ගලයකු ජීවිතක්ෂයට හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ විදුලි රැහැන් අදින පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකු අනාරක්ෂිත විදුලි රැහැනක පටලැවී විදුලි සැර වැදී මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි. 14 December 2019
ජපාන විදේශ ඇමැති කොළඹ වරායේ සංචාරයක තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා අද (13) වරාය හා නාවික, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ කොළඹ වරායේ සංචාරයක නිරත විය. 13 December 2019
ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි ගාල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය අද (13) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීමේ දී වැඩි ඡන්ද 19 කින් සම්මත විය. 13 December 2019
විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් දස කෝටි විසි පන් ලක්ෂ හැත්තෑ හත් දහස් හයසියයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කඩවත කිරිල්ලවල පරාක්‍රම මාවතේ නිවසක රහසිගත ලෙස ගබඩා කර තිබියදී අද (13) සොයාගත් බව පොලිසිය පැවසීය. 13 December 2019
බන්ධනාගාර මානවක බාලදක්ෂ ජම්බෝරියක් බදුල්ලේදී දිවයිනේ සියලුම බන්ධනාගාර වල මානවක බාලදක්ෂයන් සහභාගිවන බාලදක්ෂ ජම්බෝරියක් බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේදී අද (13) ආරම්භ කෙරිණි. 13 December 2019
මාතලේ සිට කොළඹ දක්වා දුම්රිය සේවයක් ජනවාරි 15 වැනිදා සිට මාතලේ සිට කොළඹ දක්වා දුම්රිය සේවයක් ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා කීය. 13 December 2019
මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනයට රාජ්‍ය ආයතනයක් මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ’ලංකාදීපයට’ අද (13) පැවසීය. 13 December 2019
ඩෙංගු මර්දනයට නව වැඩපිළිවෙළක් ඩෙංගු වසංගතය මර්දනය කිරීම සදහා අදියර තුනකින් යුත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (13) පැවසීය. 13 December 2019
හෙරොයින් ළඟ තබාගත් අයෙකුට මරණ දඬුවම හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (13) මරණ දඬුවම නියම කළේය. 13 December 2019
දියණිය අපයෝජනය කළ පියාට සිර දඬුවම් තම බාලවයස්කාර දියණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අදාළව වරදකරු වූ පුද්ගලයකුට බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක් හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද(13) නියම කළාය. 13 December 2019
වළ දැමූ හිස් පතුරොම් කොපු තොගයක් හමුවෙයි අක්මීමණ තලගහ සිට උඩුගම දක්වා මාර්ගයේ වළ දමා තිබූ හිස් පතුරොම් කොපු 420ක් හමුවූ බව උඩුගම පොලිසිය කියයි. 13 December 2019
කල් ඉකුත් වූ ඖෂධ විකිණූ හිමිකරුට දඩ කල් ඉකුත් වූ ඖෂධ විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ කොටපොළ ප්‍රදේශයේ ඖෂධ වෙළඳසැල් හිමියකුට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනා ආරච්චි මෙනවිය රුපියල් 100,000 දඩයක් ගෙවන ලෙස අද (13) නියම කළේය. 13 December 2019
බස් රථයක් නිවසකට කඩාවැදී තුනක් රෝහලේ පොළොන්නරුව අත්තනකඩවල බින්ගෙය හන්දිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදී ඇතැයි බකමූණ පොලිසිය කියයි. 13 December 2019
ජපාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු අතර හමුවක් ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍යා මොටෙගි ටොෂිමිට්සු මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (13) කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය. 13 December 2019
වෙළඳසැල් 9කට නඩු සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පරිහරණ පරිශ්‍ර පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් 9දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 13 December 2019
ජපාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු අද හමුවෙති ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (13) පැවැත්වේ. 13 December 2019
ටයිපටි පැළඳ'විත් දේපළ කොල්ලකෑ කල්ලියක් දැලේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් කාර්යාලයීය ඇඳුම්වලින් සැරසී ව්‍යාපාරිකයකුගේ නිවසකට පැමිණ, මුදල් හා රන් ආභරණ කොල්ල කා පලාගිය සිව්දෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් අල්ලා පොලිසියට භාරදුන් බව ගලේවල පොලිසිය කියයි. 13 December 2019
කෝටි 10 ක රන් බිස්කට් පිට කරන්න ගිය සේවකයාට දඩ රුපියල් කෝටි 10 ක රන් බිස්කට් 99 ක් විදුලි පංකාවක බහා කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී ගුවන් තොටුපළ සේවකයාට රුපියල් ලක්ෂ 98ක දඩයක් ගෙවන ලෙස නියෝග කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 13 December 2019
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ළඟ තබාගත් අයෙකුට දඩ බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ළඟ තබාගත් පුද්ගලයකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(13) නියෝග කළේය. 13 December 2019
සැරයන්ගේ ගිනි අවිය පත්තුවී සගයකු රෝහලේ හබ්බෙගමුව පොලිසියේ සැරයන්වරයකුගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තවත් සැරයන්වරයකු තුවාල ලබා කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. 13 December 2019
රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් කල් මරන්නේ නම් ලබන ජනවාරියේ ඊට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති. 13 December 2019
නන්පෙරියල් නග්රැක් මාර්ගයේ ගමනාගමනයට බාධා ඉඹුල්පේ නන්පෙරියල් නග්රැක් මාර්ගයේ වාහන ගමනාගමනයට අද (13) බාධා එල්ලවී ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පවසයි. 13 December 2019
එළ ගවයින් ප්‍රවාහනය කළ 3 ක් අත්අඩංගුවට බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් එළ ගවයින් 8 දෙනෙකු නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (13) හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ යකාවංගුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලූත්ඔය පොලීසිය කියයි. 13 December 2019
ගව ඝාතකාගාරයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට ආඩිගම, මදවක්කුලම ප්‍රදේශයේ දි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මීගවයන් හා එළගවයන් මස් කරමින් සිටි ස්ථානයක් වටලා අද (13) පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. 13 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025