(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
නාඋල පිලිහුඩුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණියක මියගොස් තවත් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නාඋල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවය කරන ලිහිණිපිටිය ආදාවල මඩවල උල්පත යන ප්‍රදේශයේ පදිංචි ප්‍රසාදනී නිමේෂිකා ධර්මකිර්ති නම් 23 හැවිරිදි තරුණියකි.
පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම තරුණිය යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී ඉදිරිපසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී ඇතැයි නාඋල පොලිසිය කියයි.
බරපතල තුවාල ලැබූ තරුණිය දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. අනතුරින් තුවාල ලැබූ සෙසු තරුණයන් දෙදෙනා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු වූ මාතලේ රෝහලටත් බරපතළ තත්ත්වයේ පසුවූ අනිත් තරුණයා මහනුවර මහ රෝහලට මාරුකර යැවූ බව නලන්ද රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තරුණයන් දෙදෙනාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නාඋල පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරුපැදි අනතුරින් තරුණියක මරුට