IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


සැරයන්ගේ ගිනි අවිය පත්තුවී සගයකු රෝහලේ

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)

හබ්බෙගමුව පොලිසියේ සැරයන්වරයකුගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තවත් සැරයන්වරයකු තුවාල ලබා කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර  ඇතැයි පොලීසිය පවසයි.
 
රෝහල්ගත කර ඇත්තේ පරණගමගේ ජයතිස්ස නැමැති සැරයන්වරයාය. ඔහු හම්බෙගමුව බලහරුව පදිංචිකරුවෙකි.
 
 
හම්බෙගමුව, අලුත්වැව කිඹින්මුල්ල හන්දියේදී රාත‍්‍රී ජංගම මුර සංචාරයේ රාජකාරියේ නියුතුව සිටි සැරයන්වරු දෙදෙනෙකු සහ තවත් නිලධාරියෙකු සිය ජීප් රථයෙන් බැස සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතිබව පොලීසිය පවසයි.
 
 
පොලිස් නිලධාරීන් තිදෙනා ඉදිරියට පැමිණෙමින් තිබූ යතුරු පැදියක් ඔවුන්ව දැක එන්ජිමේ හඬ වැඩිකර, ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ ගිනි අවිය ගත් සැරයන්වරයා එය පත්තුවී අසළ සිටි සැරයන්වරයාගේ කකුලට වෙඩි වැදී බවත් පොලීසිය සඳහන් කරයි.
 
 
එම යතුරු පැදියෙන් පැමිණ ඇත්තේ ද හම්බෙගමුව පොලීසියේ ම නිලධාරීන් දෙදෙනෙකු බවද පොලීසිය කියයි.

 
තුවාලලත් සැරයන්වරයා වහාම හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර මේ වනවිට ඔහු ගාල්ල කරාපිටිය මහ රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාරුකර ඇත.
 
 
හම්බෙගමුව පොලිස්ථානාධිපතිවරයා පැවසුවේ මෙය අත්වැරැද්දකින් සිදුවුවක් විය හැකි බවයි.
 
සිද්ධිය සම්බන්‍ධයෙන් හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.



අදහස් (0)

සැරයන්ගේ ගිනි අවිය පත්තුවී සගයකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14429 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site