(හිඟුරානේ නවරත්න සමරතුංග)
දමන, වඩිනාගල ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී අද (14) ට්‍රිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව ඉඟිනියාගල පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුසන්ත බණ්ඩාර(41) නැමති විවාහක අයෙකු වන අතර ඔහු දමන ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ නිල රථයේ රියැදුරා ලෙස සේවය කළ අයෙකි.
අනතුර සිදුවීමෙන් පසුව ඔහු වඩිනාගල සිට ගිලන් රියෙන් ඉඟනියාගල දිසා රෝහලට ගෙන ඒමෙන් පසුව මියගොස් ඇති බව කියයි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් හා හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අම්පාර මහරෝහල වෙත ගෙනයාමට නියමිත බව ඉඟිනියාගල පොලීසිය කියයි.
අනතුර සිදුවී ඇත්තේ වනගත ප්‍රදේශය හරහා ඇති මාර්ගයේදී බවත්, වඩිනාගල දෙසින් ගිය ටිපර් රථය වැරදි දෙසට ඇදීයාමෙන් දමන දෙසින් ගිය යතුරුපැදියේ එය ගැටී ඇති බවත් කියයි.
සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.
ඉඟිනියාගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බර්ටි උඩුකුඹුර මහතාගේ උපදෙස් මත එහි රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට