(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආඩිගම, මදවක්කුලම ප්‍රදේශයේ දි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මීගවයන් හා එළගවයන් මස් කරමින් සිටි ස්ථානයක් වටලා අද (13) පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
මී හා එළ ගවයන් 30දෙනෙකුද පිහි ඇතුළු ආයුධ තොගයක් ද සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.
රාත්‍රි කාලයේ දි ගවයන් ඝාතනය කරන බවට ලද තොරතුක් අනුව පුත්තලම ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් හා පල්ලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතන මධ්‍යස්ථානය හිමිකරු මෙහි ඝාතනය කරන සතුන් ගේ මාංශ කොළඹ ප්‍රදේශයට ගෙන ගොස් අලෙවි කරනු ලබන බවත්, සතුන් මැදවච්චිය සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට ගෙන එන බවත්, මෙම කටයුතු සඳහා හිමිකරු බලපත්‍ර ලබා ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පල්ලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගව ඝාතකාගාරයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට