(විජේරත්න රත්නායක)
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් කල් මරන්නේ නම් ලබන ජනවාරියේ ඊට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් ඌව පළාත තුළ පවතින තත්වය පිළිබඳව කරන ලද විමසීමේදී අදහස් දැක්වූ ඥානානන්ද හිමියෝ මෙසේ පැවසූහ.
“ඌව පළාත තුළ රැකියා විරහිත උපාධිධාරීන් අතරේ ගුරු විභාග සමතුන් 1400 ක් පමණ සිටිනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට අනුවම පළාතේ ගුරු පුරප්පාඩු 1600 ක් පමණ තිබෙනවා. ඒත් දැන්අවුරුදු ගාණක් තිස්සේ උපාධිධාරී ගුරු විභාග සමතුන් රැකියා ඉල්ලා මහපාරේ අරගල කරනවා. බලධාරීන් කියන්නේ මුදල් නෑ කියලයි. හැමදාමත් ඒ අය කරන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කල්මැරීම පමණයි.
අප මේ සම්බන්ධයෙන් ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයාගෙනුත් ඉල්ලීම කළා. අපි කියන්නේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරවාගෙන මේ තිබෙන පුරප්පාඩු සඳහා පළාතේ ගුරු විභාග සමතුන්ට රැකියා දෙන්න. ඒ වගේම ගුරු පුරප්පාඩුවලට අමතරව පළාත් රාජ්‍ය සේවයේ ඇතිවන වෙනත් පුරප්පාඩු පිරවීමේදී ඌවේ බලධාරීන් ගන්නා පියවර කුමක්ද?
අපි අදත් (13) මේ සම්බන්ධයෙන් පළාතේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. නිසි විසඳුමක් නැතිනම් මේ බලධාරීන්ට මේ ගැන වෙනත් විදිහකින් ඉල්ලීම් කරන්න අපට සිදුවෙනවා. එහි පළමු පියවර ලෙසට අපි මේ මස 18 වැනිදා උදේ බදුල්ලේදී නිහඬ විරෝධතාවයක් කරනවා. පසුව එය දීප ව්‍යාප්ත රැස්වීම් මාලාවක් ලෙස මේ මස 29 දක්වා ගෙනයමින් ලංකාව පුරා අපේ සාමාජිකත්වය ඇතුළු සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන් ඒකරාශී කරගෙන ලබන ජනවාරියේදී ජයග්‍රහණයෙන් අවසන් වන දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරනවා.
තව දුරටත් අපේ ප්‍රශ්නය මඟහරින්න එපා. ආණ්ඩුවේ ප්‍රතිචාරය යහපත්නම් අපේ හැසිරීමද යහපත්. ආණ්ඩුවේ ප්‍රතිචාරය අයහපත්නම් අපේ හැසිරීම අන්තිම අයහපත්. අප මේ පළාතේ බලධාරීන්ටත් මේ ආණ්ඩුවටත් ඒ බව අවධාරණය කරනවා” යැයිද හිමියෝ කීහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක්
upali Friday, 13 December 2019 05:37 AM
පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ මේ පටන්ගත්ත විතරයිනේ. ටික කලකින් ඔය ප්‍රශ්න විසදයි කියල බලා පොරොත්තුවක් තියෙනවා...