බදුල්ල මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාදයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බදුල්ල මහ නගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (16) පරාජයට පත්විය. 16 December 2019
නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ දෙදෙනෙකු යළි රිමාන්ඩ් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී සිගරට් 1, 939, 200ක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු ලබන18 දක්වා යළි බන්ධනාගාර ගතකිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(16) නියම කළේය. 16 December 2019
මෝටර් රිය-බවුසරය එකිනෙක ගැටී අයෙක් මරුට මුන්දලම කරිකට්ටිය ප්‍රදේශයේ අද(16) ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසරයක මෝටර් රථයක් ගැටි එක් අයකු මරණයට පත්වු බව මුන්දලම පොලිසිය කියයි. 16 December 2019
බඹරු ඇනීමෙන් කම්කරුවන් - සිසුන් 9ක් රෝහලේ නොර්වුඩ් පොලිස් වසමට අයත් පුලියාවත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු සහ පාසල් ළමුන් දෙදෙනෙකු බඹරු ඇනීමෙන් අද(16) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 16 December 2019
දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරැළී අයෙක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී අද(16) කුඩා ලොරියක් පෙරළීමෙන් එහි සහායකයා තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 16 December 2019
ගණිකා ජාවාරමේ නියැලුණ ඉන්දීය කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් ලබාගෙන ගණිකා වෘත්තියේ යෙදී සිටි ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 16 December 2019
අම්බලන්ගොඩ මව්පියවරු විරෝධතාවක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු වසරට සිය දරුවන් ඇතුළත් නොකරගත් බව පවසමින් අද(16) අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මව්පියවරු විරෝධතාවක් පැවැත්වූහ. 16 December 2019
මඩකලපුවේ වගාබිම් අක්කර 4375ක් වැස්සෙන් විනාශයි මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය හේතුවෙන් අක්කර 4375ක වගා බිම් ජලයෙන් යටවී ඇතිබව දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2019
අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 340ක් අත්අඩංගුවට බස්නාහිර පළාත තුළ විවිධ වැරදි හේතුවෙන් අධිකරණය මගහැර සිටින වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 8 ට අධික කාලයක් පුරා කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 340 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 December 2019
මහවැස්සෙන් අම්පාරේ කුඹුරු අක්කර 8109ක් විනාශයි පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8109ක්ද, බඩ ඉරිඟු අක්කර 869 ක් ද විනාශ වී ඇති බව අම්පාර දිසාපති ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පැවසීය. 16 December 2019
කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට දාහත් වසරක් සිර දඬුවම් විඳ බන්ධනාගාරයෙන් පැමිණි, කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයකු ගිනි අවියක් සමඟ පයාගල මැහිමුල්ල ප්‍රදේශයේදී අද(16) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 16 December 2019
යතුරු පැදි කල්ලියක 3ක් අත්අඩංගුවට හබරණ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුකරන ලද යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියක සැකකරුවන් 03 දෙනෙකු අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි. 16 December 2019
බඹර ප්‍රහාරයකින් 13කට තුවාල ලිදුල ඇන්ෆෝල්ඩ් වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු වතු කම්කරුවන් 13 දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහලේ නිලධාරියකු පවසන ලදී. 16 December 2019
බසයකට යටවී කතක් මරුට - රියදුරු කොන්දොස්තර අත්අඩංගුවට උඩුගම කැටගොඩ බස්නැවතුමේ දි පෞද්ගලික බස් රථයක් පිටුපසට ධාවනය කිරීමේ දි එම බසයට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව උඩුගම පොලිසිය පවසයි. 16 December 2019
‘‘ස්වයං රැකියා පුහුණුව ලබා පිටවන රැඳවියන්ට ග්‍රාමසේවා සහතිකය ගැනීම ගැටලුවක්‘ සිරගත වන පුද්ගලයන්ට බන්ධනාගාර තුළදී ස්වයං රැකියා පුහුණුව ලබාදෙන නමුත් ඔවුන් නිදහස ලබා සමාජ ගතවන විට රැකියා සොයා යාමේදී ග්‍රාමසේවා සහතිකය ගැනීම ගැටලුවක් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය. 15 December 2019
ගිංතොට මළ පිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටුවීමට එරෙහිව විරෝධතාවයක් ගිංතොට මහවත්තේ ඉදිකිරීමට යෝජිත මළ පිරිපහදු මධ්‍යස්ථානයට විරෝධය දක්වා ප්‍රදේශවාසීහු අද (15) ගිංතොට තුන් මහල් විහාරය ආසන්නයේ දී විරෝධතාවයක නිරත වූහ. 15 December 2019
ලිඳුල එන්ෆෝල්ඩ් වත්තේ තේ දලු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් තලවාකැලේ ලිඳුල “එන්ෆෝල්ඩ්” වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙක් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. 15 December 2019
පුද්ගල නාශක පීඩන බෝම්බයක් වැලිකන්දෙන් හමුවෙයි පුද්ගල නාශක පීඩන බෝම්බයක් අද (15) වැලිකන්ද,සිංහපුර ප්‍රදේශයෙන් හමු වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 15 December 2019
පොල්අතු මඩුවල සිටි හිඹුටුගොල්ලෑව දරුවන්ට නව ගොඩනැගිල්ලක් ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් 08 වැනිදින “උතුරුමැද පාසැලක දරුවෝ පොල්අතු මඩුවල උගනිති ” යන ප්‍රවෘත්තිය පළවීමත් සමඟ සිසුන්ට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ඩුබායි රාජ්‍යයේ සේවය කරන රුචිර කුලතිලක මහතා ඉදිරිපත් වී තිබේ. 15 December 2019
හැටන්හිදී ලෝක තේ දිනය සැමරේ ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව කඳුකර ප්‍රජාවගේ අභිමානය සුරැකීමේ ව්‍යාපාරය සහ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් අද (15) හැටන් ඩී.කේ.ඩබ්. සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. 15 December 2019
පහළ යාන්ඔය ජලාශ ව්‍යාපෘතියෙන් පවුල් 2,000ක් පීඩාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක දැවැන්තම වාරි ජලාශ ව්‍යාපෘතියක් වන පහළ යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 2000කට ආසන්න පිරිසක් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති. 15 December 2019
අපිරිසිදු ලෙස වෙළඳසැල් පවත්වාගෙන ගිය 20 දෙනෙකුට නඩු බගවන්තලාව නගරයේ අපිරිසිදු ආකාරයෙන් වෙළඳසැල් පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් 20 දෙනෙකුට එරෙහිව ලබන මස 7 වැනි දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජේ ගනේෂන් මහතා අද (15) පැවසීය. 15 December 2019
සෙබළු දෙදෙනා පාගමනින් කැලණියට පැමිණෙති මියගිය රණවිරුවන් සිහිකරමින් නාගදීපයේ සිට කතරගම දක්වා පාගමනක යෙදී සිටින ආබාධිත සෙබළුන් දෙදෙනෙකු වන නාවික සෙබළ එම්. පී. ඩබ්ලිව්. කුමාර හා යුද හමුදා සෙබළ එස්.පියතිස්ස යන දෙදෙනා සෙනසුරාදා සවස කැලණියට පැමිණියහ. 15 December 2019
අංගමැඩිල්ල ජාතික උද්‍යානයෙන් ගිනි අවි - සත්ව උගුල් සොයාගනී අංගමැඩිල්ල ජාතික උද්‍යානයේ කළ සෝදිසි මෙහෙයුමකදි තුවක්කු දෙකක්, හක්කපටස් 4ක්, කේබල් යොදා සැකසූ සත්ව උගුල් 15ක් අද(15) සිය බාරයට ගත් බව නිකවැව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීහු පවසති. 15 December 2019
නකල්ස් -රිවස්ටන් මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවිධිමත්කමින් මගීහු පීඩාවට ලග්ගල පල්ලේගම සිට නකල්ස් - රිවස්ටන් හරහා මාතලේ දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ අවිධිමත් ප්‍රතිසංස්කරණය හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති. 15 December 2019
කාන්තාවකට පිහි ඇනුම් කළ සිවිල් ආරක්ෂක භටයා අත්අඩංගුවට ඉඩම් ආරවුලකට කාන්තාවකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක භටයෙකු අද(15) අත් අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 15 December 2019
තෙප්පමෙන් දියට වැටී ධීවරයෙකු මරුට කොට්ටුකච්චිය ජලාශයේ මසුන් මැරීමට තෙප්පමෙන් ගමන් ගනිමින් සිටි ධීවරයකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී අද(15) මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 15 December 2019
රිය අනතුරින් අයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ හලාවත පුත්තලම මාර්ගයේ මුන්දලම ප්‍රදේශයේදී ටිපර් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් වූ අනතුරකින්, ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 15 December 2019
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් රෝහලේ පුත්තලම පාලවියේ දී අද (15) ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමේන් එක් අයකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය කියයි. 15 December 2019
ගජමුතු විකිණීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ප්‍රදේශයේ දී ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි. 15 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025