(හැටන් සුදත් එච්. එම්. හේවා)
ලිදුල ඇන්ෆෝල්ඩ් වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු වතු කම්කරුවන් 13 දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහලේ නිලධාරියකු පවසන ලදී.
ඊයේ (15) සවස් කාලයේ මෙම වතු කම්කරුවන් පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි තිබු බඹර කුඩුවක් ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් මෙම පිරිසට පහර දීමෙන් මෙම පිරිස තුවාල ලබා ඇති බවද ඔහු පැවසීය.
බඹර ප්‍රහාරයේ තුවාල ලැබු 6 දෙනෙකු බාහිර අංශයෙන් ප්‍රථිකාර ලබා පිටව ගිය බවත් අන් අය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd