IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිඳුල එන්ෆෝල්ඩ් වත්තේ තේ දලු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

තලවාකැලේ ලිඳුල “එන්ෆෝල්ඩ්” වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙක් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර අවුරුදු 10 ක ගැහැණු ළමයෙක්, පිරිමි කම්කරුවන් 06 ක් හා කාන්තාවන් 07 සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

තුවාලකරුවන්ගෙන් 06 දෙනෙක් බාහාර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත් පාසල් දැරිය සහ කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමින් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව දිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.

 

 



අදහස් (0)

ලිඳුල එන්ෆෝල්ඩ් වත්තේ තේ දලු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14428 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site