(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තලවාකැලේ ලිඳුල “එන්ෆෝල්ඩ්” වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙක් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.
තුවාල ලැබූවන් අතර අවුරුදු 10 ක ගැහැණු ළමයෙක්, පිරිමි කම්කරුවන් 06 ක් හා කාන්තාවන් 07 සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
තුවාලකරුවන්ගෙන් 06 දෙනෙක් බාහාර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත් පාසල් දැරිය සහ කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමින් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව දිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd