IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරින් අයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ

(ලලිත් නවරත්න)
 
හලාවත පුත්තලම මාර්ගයේ මුන්දලම ප‍්‍රදේශයේදී ටිපර් රථයක ත‍්‍රිරෝද රථයක් ගැටීමෙන් වූ අනතුරකින්, ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
 
මියගොස් ඇත්තේ මීගමුව පිටිපන පදිංචි මිහිදුකුලසූරිය ජුසේ ශාන්ති ප‍්‍රනාන්දු නැමති 56 හැවිරිදි තිදරු පියෙකි.
 
ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් කාන්තාවකගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
ත‍්‍රිරෝද රථය හලාවත සිට පුත්තලම දෙසට ගමන්කර ඇති අතර ටිපර් රථය පුත්තලම දෙස සිට හලාවත දෙසට ගමන්කර ඇත. ටිපර් රථය කොළඹ සිට කසළ පටවාගන පුත්තලම අරුවක්කාලු කුණු කසලාංගනයට කුණු බහා නැවත කොළඹ දක්වා අධික වේගයෙන් ගමන් කර ඇති අතර, රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථයේ ගැටී ඇත.
 
ත්‍රිරෝද රථයේ පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ එක් කාන්තාවක  මීගමුව පිටිපන පදිංචිකරුවන් වන අතර ඔවුන් කට්ටකඩුව ප‍්‍රදේශයේ දේවස්ථානයකට යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇත.
 
අනතුරක් සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු මුන්දලම පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇත.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)



අදහස් (0)

රිය අනතුරින් අයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14429 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site