IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ දෙදෙනෙකු යළි රිමාන්ඩ්

(කවිතා සුබසිංහ) 

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී සිගරට් 1, 939, 200ක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු ලබන18 දක්වා යළි බන්ධනාගාර ගතකිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(16) නියම කළේය.

නුවන් ගුණරත්න සහ සුදේශ් කුමාර පෙරේරා නැමති දෙදෙනකු මෙලෙස බන්ධනාගාර ගතකෙරිණි. 

ඉකුත් 13 වැනි දා කිරිල්ලවල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 14 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද  දක්වා රිමාන්ඩ් ගත කර තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේ දී තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට නියෝග ලැබිණි.

කඩවත පොලිසියේ පොලිස් සැරයන් 37518 කුමාරසිංහ නිලධාරියා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.



අදහස් (0)

නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ දෙදෙනෙකු යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 307 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 159 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1824 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site